Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

මේ කොරෝනා සමය තුල ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සේවාවක් තෝරා ගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු

Source: Getty Images/Morsa Images Source: Getty Images/Morsa Images

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට වැඩිහිටි නිවාස ආශ්‍රිතව කොරෝනා මරණ 100ක් පමණ වාර්තා වී ඇති අතර ආසාධානද වැඩි වෙමින් පවතී . ඕස්ට්‍රේලියාවේ මිලියන 1.2ක් පමණ වැඩිහිටියන් නේවාසික වැඩිහිටි සේවා ලබති. Royal Melbourne රෝහලේ ප්‍රජා සෞඛ්‍ය පිළිබද අධ්‍යක්ෂ මහාචාර්ය Andrea Maier පවසන්නේ මෙසේ එම වැඩිහිටි නිවාස වල වයිරසය පැතිර යාමට හේතු ඇති බවයි. වැඩිහිටියන් එක ස්ථානයක එකට රැදී සිටීම මීට හේතු වේ.

පසුගිය  ජන සංගණනයෙන් හෙළි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වයස  65වැඩි පුද්ගලයින් 3 දෙනෙකුගෙන් 1 අයෙකුම විදේශයන්හි උපත ලැබූ අය බවයි. ඕස්ට්‍රේලියාවේ මිලියන 1.2ක් පමණ දෙනා වැඩිහිටි සේවා ලබා ගන්න බවටද Australian Institute of Health and Welfare ආයතනය මගින් හෙළි කොට තිබේ

Multicultural Aged Care හි ප්‍රධානී Colanero පවසන්නේ බහු සන්ස්ක්රුතික පසුබිමක් සහිත පවුල් වලට වැඩිහිටි සේවා වැඩිහිටියන් රැක බලා ගැනීමට නොහැකිව අවසන් විකල්පය වන බවයි. 

එවන් තත්වයක් යටතේ එම සේවාවන් lockdown කල පසු ඔවුන් දැක බලා ගැනීමට නොහැකිව මානසිකව ඔවුන් ආතතියට පත් විය හැකියි.

Child visiting granddad
Getty Images RyanJLane

වැඩිහිටියෙකු නේවාසික සේවාවක් වෙත යොමු කිරීමට පෙර පවුලේ වෛද්‍යවරයා ගේ පරීක්ෂණයකට සහභාගී විය යුතු වේ. එම වෛද්‍යවරයා විසින් My Aged Care ඔස්සේ එම වැඩිහිටියාට ඉක්මනින්ම සේවා අවශ්‍යද යන කරුණ පිලිබදව නිර්දේශයක් ලබා දෙනු අතර packaged care නම් වැඩසටහනට එක් විය හැකි නම් රජයේ සහන ද ලබා ගත හැකි වනු ඇත.

මීට පෙර වැඩිහිටි සේවා තුල රැකියා කල Michelle පවසන්නේ ඇගේ දෙමාපියන්ට සරිලන වෙනත් භාෂා කතා කල හැකි සේවාවක් සෙවීමට ඕස්ට්‍රේලියාවේ ඇති නේවාසික වැඩිහිටි සේවා 3000ක් පමණ සෙවීමට සිදුවූ බවයි. ඇගේ මවට නේවාසික සේවාව ලබා දීමට පෙර සිටම උපස්ථායකයෙකු සමග එදිනෙදා වැඩ කටයුතු කිරීමට අවස්තාව ලැබී තිබේ. ඇගේ මව මෙන්ම ඕලන්ද ජාතික උපස්ථායකයෙකු සොයා ගැනීමට හැකි වී තිබේ

 

නමුත් Michelle ගේ නේවාසික සේවා ලබමින් සිටි පියා මිය ගොස් ඇත්තේ වැඩිහිටි සේවා විසින් කොරෝනා නීති ක්‍රියාත්මක කිරීමට දිනකට පෙර. 

එවිට නේවාසික සේවා ලබමින් සිටි මව බැලීමට විශේෂ අවසර ගැනීමට සිදු වී තිබේ . ඇයට මෙන්ම ඇගේ පවුලටත් මෙය ඉතා අපහසු කාලයක් විය.


Nursing helping patient with tablet
Getty Images Getty Images/Prasit

මේ කාලයේ එම එම සේවාව තුල කොරෝනා ආසාධන පැතිරීමක් සිදු වුවාද , එහිදී කළමනාකාරීත්වය ක්‍රියා කල අයුරු , වෛද්‍යවරු  ඒ සදහා කෙසේ සහය වුවාද ආදී තොරතුරු ඔබ විමසිය යුතු වේ. වැඩිහිටියාට තනි කාමරයක් හිමි වේද , අනෙක් නේවාසිකයන් හා ඔවුන්ගේ පවුල් වල අදහස් විමසීමද වැදගත් වේ.

Dementia තත්වයෙන්  පෙළුණු Margaret ගේ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මව නේවාසික වැඩිහිටි සේවාවකට ඇතුලත් කිරීමෙන් පසු මෙම කොරෝනා වයිරස තත්වය නිසා වීඩියෝ මගින් පමණක් මවට කතා කිරීමට සිදු වුනා. ඇගේ පවුලේ ඇය පමණක් ක්වීන්ස්ලන්තයේ සිටි අතර අනෙක් සාමාජිකයින්ට ප්‍රාන්ත සීමා වසා දැමීම නිසා එහි පැමිණීමට නොහැකි වී තිබේ. පිට පෙනුමෙන් සේවාවක තත්වය මැනිය නොහැකි බවයි Margaret පවසන්නේ.


Female doctor checking temperature
Getty Images

Margaret පවසන්නේ නේවාසික සේවාව ලැබීමෙන් පසු ඇගේ මවගේ ක්‍රියාශීලී බව අඩු වී ඇති බවයි. ඇගේ මවට සතියකට එක වතාවක් පමණක් ස්නානය කිරීමට ලැබෙන බව ඇය පවසනවා.

ඇය සිය මව බැලීමට ඇගේම මුව ආවරණ පාවිච්චි කරමින් යාමට සිදුව ඇති බවත් , එහිදී සිදු කරන ශරීර උෂ්ණත්වය මැනීමේදී , සේවාවට පැමිණෙන සියලු දෙනාගේ උෂ්ණත්වය එකම ලෙස සටහන් කර ඇති බවත් ඇය පවසනවා.

මෙවන් තත්වයක් උදා වී ඇත්තේ එම සේවාවන්හි සේවක හිගය නිසා.


Indian couple homecare
Getty Images Mayur Kakade

Australian Nursing and Midwifery Federation මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එම සමීක්ෂනයට සහභාගී වූවන්ගෙන් 89%ක් ම වැඩිහිටි සේවා වල සේවක හිගයක් ඇති බවට පවසා ඇති බවයි.

මහාචාර්ය Maie පවසන්නේ සාමානයෙන් නම් සේවාවක පිරිසිදු භාවය ආදිය එය වෙත ගොස් පරීක්ෂා කල හැකි වුවත් , දැන් එය අන්තර්ජාලය ඔස්සේ කිරීමට සිදු වන බව. එසේම එම සීවාවේ සේවකයන් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය නීරීක්ෂණය කරන ලෙසත් ඇය පවසයි.

Seniors Rights Service හි Lisa Johnston පවසන්නේ COVID-19 නිසා dementia තත්වයෙන් පෙලෙන වැඩිහිටියන්ට අභියෝගයක් එල්ල වන බවයි. ලීසා ගේ සේවාවටත් මේ සම්බන්ධයෙන් පවුල් වල සාමාජිකයින්ගෙන් ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ. එම සංවිධානය විසින් භාෂා ගැටළු ඇති අවස්ථා වලදී එම පවුල් හා සේවා අතර අතරමැදියෙකු සේ පරිවර්තන සේවා පවා ලබා දේ.

සමහර අවස්ථා වලදී එම සේවාවේ සේවකයින් තාවකාලික වශයෙන් එහි පැමිනෙන අය විය හැකියි එසේත් නැත්නම් ප්‍රමාණවත් තරම් සේවකයින් නොමැති වීමටත් ඉඩ තිබේ.

වසර 2015 දී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇති පරිදි 26%ක් නේවාසික වැඩිහිටි සේවා ලබන පිරිස් බහු සංස්කෘතික පසුබිම් වලින් පැමිණි පුද්ගලයින් වේ

පහත සේවා මගින් වැඩි තොරතුරු ලබා ගන්න

My Aged Care 1800 200 422 

Seniors Rights Service 1800 424 079

භාෂා පරිවර්තන සේවා සදහා 131450

This story is also available in other languages.
Show languages