SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ වෙසක් මාසයට ගැලපෙන බොදු බැති ගීයක් පිළිබඳවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුන මෙම ගීතයේ ගී පද - සුනිල් සරත් පෙරේරා. සංගීතය - තරුපති මුණසිංහ, ගායනය - දේවප්‍රිය පීරිස්
ගීතය පිලිබඳ කතාබහට SBS සිංහල සේවයේ 'මගේ ගීතය' වැඩසටහනට එකතු වුනේ ගීතයේ සංගීත අධ්යක්ෂ තරුපති මුණසිංහ සහ ගායක දේවප්‍රිය පීරිස්
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්