ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ Oyster, Prawns සහ Crayfish අඩංගු Seafood Platter එකක් මෙවර නත්තල සඳහා සාදාගන්නා පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....
ඉස්සෝ
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ඉස්සෝ පරිභෝජනයෙන් 40% ක්ම සිදුවන්නේ නත්තල් මාසයේ බව ඔස්ට්‍රේලියාවේ මුහුදු ආහාර වවන්නන්ගේ සංගමය පවසනවා.
King Prawn, Tiger Prawn, Banana Prawn යනුවෙන් විවිධ නැවුම් ඉස්සන් වර්ග ඔස්ට්‍රේලියාවේ වෙළෙඳපොළේ මිලට ගැනීමට තිබෙනවා.
නැවුම් ඉස්සන්ට අමතරව Cooked Prawns හෙවත් කලින් පිසින ලද ඉස්සන් ද ස්ට්‍රේලියාවේ වෙළෙඳපොළේ මිලට ගැනීමට හැකියි.
එවැනි කලින් පිසින ලද ඉස්සන් Cocktail Sauce එකක් සමග හෝ ලෙමන් යුෂ සමග හෝ සීතල ආකාරයෙන්ම ආහාරයට ගන්නට පුළුවන්.
නැවුම් ඉස්සන් ආහාරයට ගන්නවානම් ඒවා සුද්ද කර හොඳින් සෝදා තමන් කැමති Sauce වර්ගයකින් marinate කර Oven කර ගන්නට පුළුවන්.
Oyster
Sydney Rock oysters, Pacific oysters, Tasmanian oysters වැනි oysters වර්ග ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය oysters වර්ග වෙනවා.
Oyster වල නැවුම් බව තබාගෙන ඒවා අමුවෙන් ආහාරයට ගැනීමට ඔස්ට්‍රේලියානුවන් බොහෝ කැමතියි.
Oyster අමුවෙන් ආහාරයට ගන්නා විට දෙහි යුෂ ස්වල්පයක් එකතු කළ යුතු වෙනවා.
Oyster පිසගෙන කෑමට ගන්නත් පුළුවන්.
බොහෝ වෙලාවට මේ නත්තල් කාලයේ චීස් සෝස් එකක් හදලා ඒක oysters උඩට දාලා Oven එකේ bake කරලා oyster mornay හදාගන්නත් පුළුවන්.
ඒවගේම බේකන් ටිකක් oysters උඩට දාලා සෝයි සෝස් හෝ oysters සෝස් ටිකක් මිශ්‍ර කරලා Oven එකේ bake කරලා Kilpatrick oysters හදාගන්නත් පුළුවන්.
Cray Fish/ Lobster
Cray Fish/ Lobster වලටත් ඔස්ට්‍රේලියානු නත්තල් කෑම මේසයේ සුවිශේෂී තැනක් හිමිවෙනවා.
සුදු ළුනු බටර් ස්වල්පයක් Cray Fish/ Lobster වලට මිශ්‍ර කරලා ග්‍රිල් කරලා අරගෙන සරලවම නත්තල් කෑම මේසයට යවන්න හැකියි.
මේවත් එක්ක Side Dish ලෙස සැලඩ් එකක් හෝ රෝස්ට් කළ එළවලු ස්වල්පයක් ගන්නට පුළුවන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.