ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අතුරුපසක් වන Pavlova මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....
Pavlova ඉතිහාසය
Pavlova යනු ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අතුරුපසක්.
මෙය ඔස්ට්‍රේලියානු නත්තල් කෑම මේසයේද ප්‍රධාන අතුරුපසක්.
Pavlova මුලින්ම සොයා ගැනීම පිළිබඳව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වසර ගණනාවක පටන් අවසන් නොවන සුන්දර රණ්ඩුවක් තිබෙනවා.
"Pavlova මුලින්ම සොයාගත්තේ අපි කියලා" මේ රටවල් දෙකම කියනවා.
නමුත් ඉතිහාසයට අනුව එහි වැඩි අයිතිය ඇත්තේ නවසීලන්තයටයි.
1926 දී එවකට ලෝකයේ ජනප්‍රියතම බැලේ නර්තන ශිල්පිනියක් වූ රුසියානු ජාතික Anna Pavlova ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැමිණ තිබෙනවා.
එම සංචාරයේ නවසීලන්තයේදී ඇයව සතුටු කිරීම සඳහා විශේෂ අතුරුපසක් සාදා දී තිබෙනවා.
පසුව ඇයට ගෞරවයක් ලෙස එම අතුරුපස Pavlova නමින් නම් කර තිබෙනවා.
Pavlova සාදා ගැනීමේදී සැලකිලිමත් කරුණු
Pavlova සාදාගන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය බිත්තර සුදු මද.
එම බිත්තර සුදු මද නියම පදමට බීට් කරගැනීම ඉතාම අවශ්‍යයි.
pavlova සාදා ගැනීමේදී ගන්නා භාජනවල කිසිදු තෙත ගතියක් හෝ තෙල් ගතියක් හෝ නොතිබිය යුතුයි.
බීට් කරලා සෙල්සියස් අංශක 110 ක වගේ බොහෝ අඩු උෂ්ණත්වයක oven එකේ පැය 2 ක් පමණ bake කරගන්න අවශ්‍යයි.
Bake කරලා oven එක අතුලේදීම Pavlova එක නිවෙන්නට දීම වැදගත්.
Pavlova පිළිගන්වන්නේ උඩට Whipped Cream දාලා.
මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලේ නිසා බෙරි වර්ග, චෙරි, අඹ වගේ පළතුරු හොඳට තියෙනවා.
එනිසා තමන් කැමති පළතුරු උඩට අතුරලා මේ Pavlova එක තවත් රසවත් කරගන්න ඔබට පුළුවන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.