Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

විනාඩි 8 න් ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ ප්‍රධාන මස් වර්ග 3 ක් හදන හැටි දැනගන්න: Roast Turkey, Ham සහ Roast Pork

Source: Getty Images/skynesher

ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ Roast Turkey, Ham සහ Roast Pork අඩංගු Meat Platter එකක් මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....

 

Roast Turkey

ඔස්ට්‍රේලියාවේ නත්තල ග්‍රීෂ්ම සෘතුවේ පැමිණෙන නිසා Turkey Cold හෝ Hot ලෙස ආහාරයට ගන්න පෙළඹෙනවා.

Turkey Roast කර ගන්නේ කුකුළෙක් Roast කරගන්නා ආකාරයටමයි.

ඒ සඳහා ගත යුතු අමු ද්‍රව්‍ය හෝ කුළු බඩු කියලා නීතියක් නැහැ.

මේ සඳහා Rosemary, Thyme බොහෝ වෙලාවට පාවිච්චි කරනවා.

Turkey ඇතුළට Stuffed කරන්න සුදු ළුණු, තුනපහ යොදාගෙන ලංකාවේ විදියට Stuffed එකක් හදාගන්නත් පුළුවන්.

නැත්නම් ඔස්ට්‍රේලියානු විදියට පාන් කුඩුවලින් හදාගත්ත Stuffed එකක් හදලා පුරවලා roast කරගන්න පුළුවන්.

මේක හොඳට marinate කරලා Foil එකකින් ආවරණය කරලා Oven එකට දැමිය යුතුයි.

පැයක් එකයි කාලක් වගේ ගතවන විට මේ Turkey එක හොඳට තැම්බෙනවා.

ඊට පස්සේ foil එක විවෘත කරලා යළි oven එකේ තබන්න. එවිට Turkey සම Crispy විදියට ගන්න පුළුවන්.

The Iconic Australian Christmas foods: Roast Turkey, Ham and Roast Pork
Roast Ham
 

Ham

වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙන Ham, preserve කරලා තියෙන්නේ.

නමුත් නැවත එය පිස ගත යුතුයි.

Cold හෝ Hot ලෙස Ham ආහාරයට ගන්න පුළුවන්.

බොහෝ වෙලාවට Ham එක උඩින් මී පැණි, මාමලේඩ් හෝ මේපල් සිරප් හොඳින් තවරා ගන්නවා.

ඒ අතරේ අපි හොඳටම දන්නා කරාබු නැටි කිහිපයකුත් මේ Ham එකේ තැනින් තැන ගසා ගන්නවා.

එයින් මිහිරි සුවඳක් වගේම රැසකුත් ලැබෙනවා.

ඊට පස්සේ oven එකේ දාලා පිසගන්න පුළුවන්.

The Iconic Australian Christmas foods: Roast Turkey, Ham and Roast Pork
Roast Pork
Getty Images/Diana Miller
 

Roast Pork

නත්තල් මේසෙට Roast Pork හදන විට සමත් එක්ක තමයි බොහෝ දෙනා මෙම ඌරු මස් ගන්නේ.

Pork Belly එක තමයි මේකට කදිමට ගැලපෙන්නේ.

තරමක් විශාල රෝල් කරලා නවන්නට පුළුවන් Pork කැබැල්ලක් අරගෙන ඒකෙ මැද්දට හදාගන්න ෆිලින් එකක් පුරවලා රෝල් කරලා නූලකින් බැඳලා oven එකේ දාලා roast කරගන්න පුළුවන්.

ක්‍රීම් චීස්, Pistachio, Pine nuts, Macadamia වගේ nuts වර්ග, herbs වර්ග එකතු කරලා blender කරගෙන මේ ෆිලින් එක හදාගන්න පුළුවන්.

මද උෂ්ණත්වයේ තමයි මේක ඔවෙන් කරන්නේ.

ෆිලින් එකක් නැතුව ආහාරයට ගන්න කැමති අයට නිකන්ම roast කරලත් Roast Pork හදාගන්න පුළුවන්.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

Coming up next

# TITLE RELEASED TIME MORE
විනාඩි 8 න් ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ ප්‍රධාන මස් වර්ග 3 ක් හදන හැටි දැනගන්න: Roast Turkey, Ham සහ Roast Pork 16/12/2021 08:24 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
View More