Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

විනාඩි 4 න් ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ ප්‍රධානතම අතුරුපසක් හදන හැටි දැනගන්න: Trifle

Source: Getty Images/bhofack2

ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අතුරුපසක් වන Trifle මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....

Trifle සාදා ගැනීමේදී සැලකිලිමත් කරුණු

Trifle අතුරුපස ඔස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ එංගලන්තයේ සිටයි.

විශාල වීදුරු Bowl එකකට තට්ටු (layers) ආකාරයෙන් හදන අතුරුපසක් තමයි Trifle කියන්නේ.

මේකේ අඩියටම දාන්නේ Sponge Biscuit එකක් හෝ Soft Cake එකක්.

බොහෝ වෙලාවට sweet sherry wine, Fortified wine හෝ Brandy වැනි ඇල්කොහොල් වර්ගයක් අපි මේකට භාවිතා කරනවා.

කුඩා ළමුන්ටත් Trifle පිළිගන්වන නිසා මෑත කාලයේදී මේ සඳහා ඇල්කොහොල් භාවිතය බොහෝ සෙයින් අඩු කර තිබෙනවා.

ඒ වෙනුවට දැන් ජෙලි Trifle වලට භාවිතා කිරීම බොහෝ වෙලාවට සිද්ධ වෙනවා.

කොහොමවුණත් අඩියටම දාන Sponge Biscuit එක හෝ Soft Cake එක කෝපිවල හෝ චොක්ලට් දියරයක පොඟවලා ඇතැම් අය දානවා.

ඊට අමතරව Custard එකක් Whipped Cream සහ නැවුම් පළතුරුත් මෙම Trifle අතුරුපසේ තට්ටු සඳහා යොදාගන්නවා.

Trifle අතුරුපස "මෙන්න මේ විදියට හැදිය යුතුයි" කියලා නීතියක් නැහැ.

එනිසා තමන්ට කැමති විදියට, කැමති වර්ණවලින් කැමති රසවලින් මේක හදාගන්න පුළුවන්.

Coming up next

# TITLE RELEASED TIME MORE
විනාඩි 4 න් ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ ප්‍රධානතම අතුරුපසක් හදන හැටි දැනගන්න: Trifle 20/12/2021 04:40 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More