Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පනවා ඇති කොරෝනා නීති

ඔස්ට්‍රේලියාව පුරා පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් දිනෙන් දින සංශෝධනය වේ. ඔබ ජීවත් වන ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව එම නීති හා සීමාවන් එකිනෙකට වෙනස් වේ. ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පනවා ඇති වත්මන් කොරෝනා නීති පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙයින් ඉදිරිපත් කෙරේ.

SBS මාධ්‍ය ජාලය ගෙන එන ඔස්ට්‍රේලියාවේ COVID-19 පිළිබඳ ජාතික තොරතුරු මෙතනින් ලබාගන්න.

  • මෙම තොරතුරු අඛණ්ඩව යාවත්කාලීන වන නමුත් සම්පූර්ණ විස්තර සඳහා එක් එක් ප්‍රාන්තයට හා ටෙරිටරියට අදාළ වෙබ් යොමු පරීක්ෂා කිරීමට නිර්දේශ කෙරේ.

 

වික්ටෝරියා ප්‍රාන්තය (කොරෝනා නීති ලිහිල් කිරීම)

කොරෝනා නීති ලිහිල් කිරීමේ නවතම තොරතුරු:

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලැස්ම අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ ප්‍රාදේශීය වික්ටෝරියා කලාප වල අදියර 5 ක් යටතේ කොරෝනා මැඬලීම සඳහා පනවා ඇති නීති ලිහිල් කෙරේ.

සැප්තැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ක්‍රියාත්මක සිව්වන මට්ටමේ lockdown නීති සැප්තැම්බර් 27 තෙක් දීර්ග කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති මෙල්බර්න් මෙට්‍රොපොලිටන් හා ප්‍රාදේශීය කලාප වල වෙනස් මට්ටම් වලින් ලිහිල් කෙරේ. ඒ ඒ කලාප අනුව කොරෝනා නීති ලිහිල් කිරීමේ වැඩපිළිවෙල පහත පරිදි වේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය

  • ඇඳිරි නීතිය රාත්‍රී 9 ට ආරම්භ වී පසුදා අළුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.
  • එළිමහනේ ව්‍යායාම් කිරීමට පැය දෙකක කාලයක් ලැබේ.
  • තනිකඩව ජීවත් වන පුද්ගලයින්ට නම් කරන ලද තමන්ගේ සමීපතමයෙකු නිවසට ගෙන්වා ගැනීමට ඉඩ සැලසේ ("social bubble")
  • එකම පවුලේ සාමාජිකයින් හෝ වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු හට එළිමහනේ රැස්වීමට අවසර ලැබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ අදියර පහේ සැලසුම

(මහජන සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව)

පළමු අදියර (සැප්තැම්බර් 13)

පළමු අදියර අදාළ වන්නේ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පමණි.

කොරෝනා නීති ලිහිල් කිරීමේ නවතම තොරතුරු යන ඉහත මාතෘකාව යටතේ විස්තර කර ඇත.

 

දෙවැනි අදියර

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප (සැප්තැම්බර් 13)

Social bubbles හෙවත් සමාජ බුබුළු, අමුත්තන් කැඳවා ගැනීම සහ පාසල් පන්ති කාමර වල අධ්‍යාපන කටයුතු  නැවත ආරම්භ කිරීම.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය (සැප්තැම්බර් 28)

Social bubbles හෙවත් සමාජ බුබුළු, ඇතැම් සේවකයින් රැකියා සඳහා යාම ආරම්භ කිරීම සහ පාසල් පන්ති කාමර වල අධ්‍යාපන කටයුතු  නැවත ආරම්භ කිරීම

 

තුන්වන අදියර 

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප (සැප්තැම්බර් 16)

ක්‍රීඩා කටයුතු, විනෝදාස්වාද කටයුතු, උත්සව සහ විශේෂ අවස්ථා සඳහා නැවත විවෘත කිරීම වැඩි කිරීම.

  • නිවසින් බැහැරට යාමේදී කිසිදු නීතියක් හෝ සීමාවක් නැත.
  • අන් උදවිය සමග එළිමහනේ හැකි සෑම විටම කාලය ගත කළ හැකිය.
  • එළිමහනේ එක් රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 10 කි.
  • ඔබ විසින් නම් කරන එක් නිවසක් සමග ඔබට household bubble එකක් නිර්මාණය කරගත හැකි අතර එම නම් කරන ලද නිවසේ සිට පස් දෙනෙකු දක්වා ඔබේ නිවසට පැමිණිය හැකිය.
  • Covid ආරක්ෂිත පියවර සමඟ පාසල් වල අධ්‍යන කටයුතු 4 වන වාරයේ සිට නැවත පන්ති කාමර වල ආරම්භ වේ.
  • අවන්හල්, ආපන ශාලා ඇතුළු Hospitality ක්ෂේත්‍රයේ ස්ථාන වල ප්‍රධාන වශයෙන් එළිමහන් ආසන සඳහා පමණක් අමුත්තන්ට සංග්‍රහ කළ හැකිය.
  • personal care හැර සියලුම සිල්ලර වෙළඳ සැල් විවෘතය. (කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන ඇතුළුව)

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය (ඔක්තෝබර් 26)

ප්‍රධාන කර්මාන්ත යළි විවෘත කිරීම, පාසල් අධ්‍යාපන කටයුතු පන්ති කාමර වල සිට කිරීම වැඩි කිරීම, ක්‍රීඩා කටයුතු, විනෝදාස්වාද කටයුතු, උත්සව සහ විශේෂ අවස්ථා සඳහා නැවත විවෘත කිරීම.

 

සිව්වන අදියර (නොවැම්බර් 23)

වික්ටෝරියානු ප්‍රාන්තය පුරා

ජනයා එක් රැස්වීමේ ප්‍රමාණය වැඩි කිරීම සහ hospitality ක්ෂේත්‍රයට අදාළ ස්ථාන වල පාරිභෝගිකයින් 20 දෙනෙකුට එකවර සේවාව සැලසිය හැකිවෙයි.

 

COVID Normal අදියර

ජනයා එක් රැස්වීම්, අමුත්තන් ගෙන්වා ගැනීම, hospitality ක්ෂේත්‍රය හෝ ක්‍රීඩාව සඳහා සීමාවන් නොමැත.

COVID Normal වීමට නම්:

  • දින 28 ක් යනතුරු කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවිය යුතුය
  • වික්ටෝරියානු ප්‍රාන්තය පුරා කිසිදු සක්‍රීය කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොසිටිය යුතුය
  • ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවල ද කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳ කිසිදු බියක් නොවිය යුතුය.

 

සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයට ම පහත නීති අදාළ වේ

කොරෝනා ආසාදිත පුද්ගලයින් සහ ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින්

කොරෝනා වයිරසය ආසාදනය වූ බවට රෝග විනිශ්චය කළ පුද්ගලයින් සහ එවැනි ආසාදිතයෙකු සමග වාසය කරන පුද්ගලයින් හෝ ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් හෝ ස්වයං නිරෝධායනය විය යුතුය. වැඩි විස්තර: https://www.dhhs.vic.gov.au/sites/default/files/documents/202008/Diagnosed%20Persons%20and%20Close%20Contacts%20Directions%20%28No%2010%29%20-%2016%20August%202020.pdf

රෝගීන් බැලීම සඳහා රෝහල් වෙත පැමිණීම

රෝගීන් බැලීම සඳහා රෝහල් වෙත පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාවට හා ඇතැම් වයස් ඛාණ්ඩ වල සිටින පුද්ගලයින්ට සීමා පනවා තිබේ. එමෙන්ම රෝගීන් බැලීමට ලැබෙන කාලයද සීමා කර ඇත. 

https://www.dhhs.vic.gov.au/sites/default/files/documents/202008/Hospital%20Visitor%20Directions%20%28No%2010%29%20-%2016%20August%202020.pdf

දඩ මුදල් පැනවීම

මුව ආවරණයක් නොපැළඳ නිවසින් බැහැරව ගියහොත් - $200

කොරෝනා පරීක්ෂාවට ධනාත්මක යයි ප්‍රතිඵල පැමිණි අය හෝ ආසාදිතයකු සමග සමීපව ගැවසුණු පුද්ගලයෙකු හෝ ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනය වීමේදී එම නීති කඩ කළහොත් - $4957

ස්වයං නිරෝධායනය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් අනුව එය අධිකරණයට ගියහොත් - $20,000

 

මුව ආවරණ පැළඳීම

  • වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම වැසියන් තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳිය යුතු අතර එම නීතියට අනුගත නොවන පුද්ගලයින්ට $200 ක දඩ මුදලක් පනවනු ලබයි.
  • වයස අවුරුදු 12 ට අඩු ළමයින් සඳහා මුව ආවරණ අනිවාර්ය නොවේ.
  • වැඩි විස්තර: https://www.dhhs.vic.gov.au/face-masks-covid-19

මුල්‍ය සහය

කොරෝනා වයිරසය හේතුවෙන් ස්වයං නිරෝධායනය වීමට සිදුවූ නමුත් අසනීප නිවාඩු නොමැති හෝ JobKeeper හෝ JobSeeker දීමනාවන් නොලැබෙන වික්ටෝරියානු වාසීන් හට අදාළ දින 14 සඳහා $1,500 ක disaster payment හෙවත් ආපදා දීමනාවක් ලබා ගැනීමට හැකිය. තාවකාලික වීසා ලාභීන්ට ද මෙම දීමනාවට හිමිකම් කිව හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ විසින් ලබාදෙන ඩොලර් 1500 යේ කොරෝනා වයිරස් සේවක ආධාර ගෙවීම වෙනුවට Pandemic Leave Disaster Payment හෙවත් වසංගත නිවාඩු ආපදා ගෙවීම ආදේශ කෙරේ.

කොරෝනා පරීක්ෂණය සිදුකර එහි ප්‍රතිඵල පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය වීමට සිදුවන වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙමාපියන් සහ භාරකරුවන් ඇතුළු සේවකයින්ට එකවරක් පමණක් ගෙවනු ලබන ඩොලර් 300 ක දීමනාවකට හිමිකම් කිව හැකිය.

 

රැකියා කටයුතු සිදු කිරීම 

  • සාධාරණ හේතුන් නොමැතිව සේවකයින්ට තම සේවා ස්ථානයේ සිට රාජකාරී කිරීමට ඉඩ නොදිය යුතුය.
  • තම කාර්ය මණ්ඩලය සේවා ස්ථානයට පැමිණීමට අවශ්‍ය නම් සේවා ස්ථාන විසින් හෝ හාම්පුතා විසින් එක් එක් සේවකයාට වෙන් වෙන්වූ වික්ටෝරියානු සේවක බලපත්‍ර නිකුත් කළ යුතුය: https://www.dhhs.vic.gov.au/permitted-worker-scheme-covid-19


පාසල්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල සිව්වන වාරයේ අධ්‍යාපන කටයුතු සඳහා පාසලට නැවත පැමිණීම ඔක්තෝබර් 5 සිට ඇරඹේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පාසල් වල 3 වසරේ සිට 10 වසර දක්වා පන්ති ඔක්තෝබර් 26 සිට ඇරඹේ

  • වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම වසර වල පාසල් සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදු කළ යුතුය.
  • විශේෂ පාසල් විවෘතව පවතී.
  • රැකියා සඳහා යාමට අවශ්‍ය දෙමාපියන්ගේ දරුවන්ට පාසල් වෙත පැමිණීමට අවසර ලැබේ.
  • General Assessment Test හෙවත් GAT පරීක්ෂණය ආරම්භ කිරීම සිව්වන වාරය දක්වා කල් දමා ඇත.
  • වැඩි විස්තර: https://www.education.vic.gov.au/about/department/Pages/learningfromhome.aspx

 

Childcare මධ්‍යස්ථාන

අවදානමට ලක්විය හැකි දරුවන් සහ 4 වන මට්ටමේ lockdown නීති පනවන ලද සති හයේ රැකියා කිරීමට අවසර ලත් දෙමාපියන්ගේ දරුවන් සඳහා පමණක් childcare මධ්‍යස්ථාන විවෘතව පවතී.

Childcare “rescue package” නමින් පැකේජයක්” සෙසු පවුල් සඳහා ලැබේ.

පවතින 4වන මට්ටමේ කොරෝනා නීති නිසා තම දරුවන්ව childcare මධ්‍යස්ථාන වෙත නොයවා නිවසේ තබාගැනීමට සිදුවන දෙමාපියන් හට දින 30 ක කාලයක් ගාස්තු ගෙවීමකින් තොරව තම දරුවාගේ ස්ථානය සුරක්ෂිත කරගැනීමට අවස්ථාව මධ්‍යම රජය විසින් ලබා දී ඇත.

අදාළ දින 30 තුළ ළමුන් නොපැමිණීම නිසා childcare මධ්‍යස්ථාන වලට සිදුවන පාඩුව පියවා ගැනීමට මධ්‍යම රජයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමද සිදුවේ.

 

State of disaster හෙවත් ආපදා තත්ත්වය

state of disaster යටතේ වික්ටෝරියානු පොලීසියට ඇති බලතල වැඩිවන අතර ඇතැම් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නීති අණපනත් ක්‍රියාත්මක නොකිරීමට බලධාරීන්ට බලය හිමිවේ.

ඇඳිරි නීතිය පැනවීමට හා බලාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට මේ හරහා බලයක් ලැබේ.

කොරෝනා කටයුතු පරීක්ෂා කිරීමේදී මේ වන තෙක් පොලීසිය සමග සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සිටිය යුතුය යන කොන්දේසිය State of disaster තත්ත්වය ප්‍රකාශ කිරීමත් සමග අවශ්‍ය නොවන අතර ඒ සියලු කටයුතු සඳහා වික්ටෝරියානු පොලීසියට බලය හිමිවේ.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම කොරෝනා අවදානම් ප්‍රදේශ:

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම කොරෝනා අවදානම් ප්‍රදේශ හා ඒ පිළිබඳ නවතම තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න. 

https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates#latest-covid-19-case-locations-in-nsw

  • ඔබ ඔස්ට්‍රේලියාවේ ඕනෑම කොරෝනා මර්මස්ථානයක සිට පැමිණ දින 14 ක් ගතවන තුරු වහාම ස්වයං නිරෝධායනය විය යුතුය.
  • ඔබට කොරෝනා රෝග ලක්ෂණ නොමැති වුවද කොරෝනා පරීක්ෂාව සිදු කරගත යුතුය.
  • කොරෝනා රෝග ලක්ෂණ ඇතිවේදැයි පරීක්ෂාවෙන් බලා සිට එවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් නැවත කොරෝනා පරීක්ෂාවක් සිදු කරගත යුතුය.
  • ඔබේ කොරෝනා පරීක්ෂාවෙන් ප්‍රතිඵලය "negative" ලෙස පැමිණියත් ස්වයං නිරෝධායනය විය යුතු දින 14 එලෙසම සිටිය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනයා ඒක රාශී වීමේ සීමාවන් 

තම නිවෙස් තුළ අමුත්තන් 20 ක් දක්වා උපරිම සංඛ්‍යාවකටත් එළිමහනේ 20 දෙනෙකු දක්වා උපරිම සීමාවකටත් යටත්ව ජනයා ඒක රාශී විය හැකිය.

ආගමික සේවාවන්: වර්ග මීටර් 4කට එක් පුද්ගලයෙකු බැගින් වූ නීතිය යටතේ ආගමික සේවාවන් සඳහා ඕනෑම ස්ථානයකට සහභාගී වන උපරිම පිරිස 100 නොඉක්මවිය යුතුය.

විවාහ උත්සව: වර්ග මීටර් 4කට එක් පුද්ගලයෙකු බැගින් වූ නීතිය යටතේ විවාහ උත්සව සඳහා සහභාගී වන උපරිම පිරිස 150 නොඉක්මවිය යුතු අතර COVID ආරක්‍ෂිත සැලසුමක් සහිතව එම ස්ථාන ලියා පදිංචි කළ යුතුය.

අවමංගල උත්සව: වර්ග මීටර් 4කට එක් පුද්ගලයෙකු බැගින් වූ නීතිය යටතේ උපරිම පිරිස 100 නොඉක්මවිය යුතුය.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාර හා විනෝදාස්වාද කටයුතු 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කාය වර්ධන මධ්‍යස්ථාන සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පහත නීති වලට අනුගත විය යුතුය:

  • COVID ආරක්‍ෂිත සැලසුමක් සමග ලියා පදිංචි විය යුතුය
  • සෑම වේලාවකම COVID සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකයකු හෙවත් මාෂල්වරයෙකු සේවක මණ්ඩලයෙන් එක් අයෙකු පත් කළ යුතුය. ඔහු හෝ ඇය වෙනමම ඇඳුමකින් සැරසී සිටිය යුතු අතර COVID-19 ආරක්ෂිත සැලැස්මේ සියලුම අංග වලට වගකිව යුතුය.


Pubs, අවන්හල්, තැබෑරුම්, ආපන ශාලා, ආහාර - පාන අලෙවි කරන ස්ථාන, micro-breweries, cellar doors, casinos සහ registered clubs වල:

  • උපරිම පුද්ගලයින් 10 දෙනෙකු දක්වා පමණක් වෙන් කිරීම් (bookings) සිදු කළ හැකිය.
  • පැය 24 ක් තුළ අදාළ පුද්ගලයින්ගේ තොරතුරු රැගත් ඩිජිටල් වාර්තාවක් නිර්මාණය කළ යුතුය.
  • එක් පුද්ගලයෙකු වර්ග මීටර් 4 සීමාවකට යටත් විය යුතුය යන නීතිය මත විවාහ මංගල උත්සව සඳහා සහ ආයතනික උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 150 කට සීමා කෙරේ.
  • අවමංගල උත්සව සහ ආගමික ස්ථාන වලට සහභාගී විය හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 100 කට සීමා කෙරේ.
  • ව්‍යාපාර සහ උත්සව මෙහෙයවීම COVID-19 ආරක්‍ෂිත සැලසුම යටතේ ක්‍රියාත්මක විය යුතු අතර අදාළ ස්ථාන වලට ඇතුළු වන සෑම පුද්ගලයෙකුගේම තොරතුරු ලබාගත යුතුය. වැඩි විස්තර: https://www.nsw.gov.au/covid-19/covid-safe-businesses
  • නියමිත ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 25% ක් දක්වා නමුත් 40,000 ක උපරිමයකට යටත්ව එළිමහන් ස්ථාන වල සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් පැවැත්වීමට හැකිය.
  • ළමා ප්‍රජා ක්‍රීඩා සහ වැඩිහිටි ක්‍රීඩා ආරම්භ කිරීමට අවසර ලැබේ.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරක කටයුතු

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් නිව් සවුත් වේල්ස් - වික්ටෝරියා ප්‍රාන්ත සීමාව තාවකාලිකව වසා දමා තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් දින 14 ක් හෝටලයක නිරෝධායනය විය යුතුය. 

හෝටල් නිරෝධායනය සඳහා වන වියදම මීට පෙර අදාළ පුද්ගලින් පුද්ගලයින් විසින් දැරිය යුතුයි යනුවෙන් නියෝග කර තිබුණද  සැප්තැම්බර් 11 දක්වා හෝටල් නිරෝධායන කටුයුතු සඳහා ගාස්තු අය නොකෙරේ.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ වෙසෙන වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට යම් කොන්දේසි මත ප්‍රාන්ත සීමාව තරණය කර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා අදාළ බලපත්‍ර වලට අයදුම් කළ හැකිය. (https://disasterassistance.service.nsw.gov.au/bcpermit/borderCheck)

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ වෙසෙන ජනයා හට නිව් සවුත් ප්‍රාන්තයට ඇතුළු වීමට හා ප්‍රාන්තයේ රැදී සිටීමට අවසර ලැබෙනුයේ රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා, සෞඛ්‍ය සේවාවන් සඳහා හෝ අවදානම් සහගත පුද්ගලයින් වෙනුවෙන් රැකබලා ගැනීම් සැපයීම හෝ ලබා ගැනීම සඳහා පමණි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවෙන් ඔබ්බට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිසිදු ප්‍රදේශයකට ගමන් නොකළ යුතුය.
  • පසුගිය දින 14 තුළ ප්‍රාන්ත සීමාවේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට ගමන් කළ පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළු නොවිය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ ඔබ වාසය කරනවා නම් සියලු විස්තර මෙතනින් පරීක්ෂා කරන්න: https://www.service.nsw.gov.au/border-zone-address-check

 

විදෙස්ගතව සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින්ද දින 14 ක් හෝටලයක නිරෝධායනය විය යුතු අතර ඒ සඳහා වන වියදම වන ඩොලර් 3000 ක මුදල අදාළ පුද්ගලයින් විසින්ම දැරිය යුතු වේ. https://www.nsw.gov.au/media-releases/nsw-to-charge-returned-international-travellers-for-hotel-quarantine

පහත සඳහන් පුද්ගල ඛාණ්ඩ සඳහා විශේෂ විධිවිධාන සලසා ඇත.

  • ප්‍රාන්ත සීමා වල වෙසෙන ප්‍රජාවන්හි පදිංචිකරුවන් සඳහා
  • ඉතා වැදගත් රාජකාරී සේවාවන් සපයන පුද්ගලයින් සඳහා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා වෙනත් ප්‍රාන්ත වලට ගමන් කරන පුද්ගලයින් සඳහා.
  • වැඩි විස්තර: https://www.nsw.gov.au/covid-19/what-you-can-and-cant-do-under-rules/border-restrictions

  • වෙනත් ප්‍රාන්තයක වෙසෙන පුද්ගලයින්ට නිවාඩුව ගත කිරීම උදෙසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීමට අවසර ලැබෙන නමුත් ඔවුන් නැවත තම ප්‍රාන්තය වෙත යාමේදී එහි ඇති නීති අනුව ක්‍රියා කළ යුතුය.
  • නේවාසික වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන හෝ සෞඛ්‍ය සේවා වල සිටින පිරිස් බැලීමට යාම සීමා කර ඇත. (වැඩි විස්තර සඳහා ඇත)
  • මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ඇතුළුවීමට උත්සහ කළහොත් ඔවුන්ට මාස හයක සිර දඬුවමක් හෝ ඩොලර් 11,000 ක දඩයක් පනවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
  • caravan උද්‍යාන සහ කඳවුරු බිම් (camping grounds) විවෘත කෙරිණි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාතික උද්‍යාන වෙත යාමට අදහස් කරන පුද්ගලයින් https://www.nationalparks.nsw.gov.au/ වෙබ් අඩවිය පරීක්ෂා කළ යුතුය.
  • Aged care මධ්‍යස්ථාන වලට හා සෞඛ්‍ය සේවා ස්ථාන වලට අමුත්තන් ලෙස යාම තහනම්ය.
  • වැඩි විස්තර: https://www.nsw.gov.au/covid-19/what-you-can-and-cant-do-under-rules/border-restrictions

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් කටයුතු

  • COVID-19 රෝග ලක්ෂණ ඇති කිසිදු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාසල් සිසුවෙකු කොරෝනා පරීක්ෂාව කර "negative" යන ප්‍රතිඵලය ලබා මිස නැවත පාසලට නොයා යුතුය.
  • පාසල් උත්සව කටයුතු, නර්තන ප්‍රසංග, උපාධි ප්‍රදානෝත්සව සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරකම්/ උත්සව පැවැත්වීමට අවසර නැත.
  • පාසැල් අධ්‍යාපනය අවසන් කිරීම සඳහා දෙමාපියන් නොමැතිව 12 වසරේ සිසුන්ගේ රැස්වීම පවත්වනු ඇත.
  • විෂයමාලා ලබා දීමට අත්‍යවශ්‍ය සැපයුම්කරුවන්ට පමණක් අඛණ්ඩව සේවා සහ වැඩසටහන් සැපයිය හැකිය.
  • අන්තර් පාසල් ක්‍රියාකාරකම් ප්‍රාදේශීය ප්‍රජාව හෝ කලාපය තුළ පමණක් පැවතිය යුතුය.
  • දෙමාපියන්ට / රැකබලා ගන්නන්ට සහ අත්‍යවශ්‍ය නොවන අමුත්තන්ට පාසල් භූමියට පැමිණීමට අවසර නැත.
  • සියලුම සමූහ ගායනා (ගීතිකා කණ්ඩායම්) සහ / හෝ වෙනත් ගායන ක්‍රියාකාරකම් වලට මෙන්ම සුළඟ උපයෝගී කරගෙන වයනු ලබන සංගීත භාණ්ඩ කණ්ඩායම් වශයෙන් භාවිතා කිරීමට අවසර නැත.
  • විදුහල්පති ගේ උපදෙස් වලට අනුව ආපනශාලා සහ නිල ඇඳුම් සාප්පු විවෘත කළ හැකිය.
  • පුද්ගල දුරස්ථභාවය අවශ්‍ය නොවන එළිමහන් ස්ථාන වෙත එක් දින ක්ෂේත්‍ර චාරිකා සිදුකළ හැකිය.

 

පාසල් සම්බන්ධ වැඩි විස්තර

https://education.nsw.gov.au/covid-19/advice-for-families#School2

වැඩි විස්තර

https://www.nsw.gov.au/covid-19 

 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

 

Schoolies

වාර්ෂිකව පැවැත්වෙන ගෝල්ඩ් කෝස්ට් උත්සවයේ ප්‍රසංග හා සංවිධානය කරන විවිධ උත්සව ඇතුළු නිල Schoolies උත්සවය (පාසල් අධ්‍යාපනය නිමා කළ සිසු සිසුවියන් සහභාගී වන විනෝද උත්සවය) අවලංගු කර තිබේ.

යොවුන් කුඩා කණ්ඩායම්වලට ඔවුන් ජීවත් වූ ස්ථානයට ආසන්න ස්ථානවල නවාතැන් වෙන්කරවා ගැනීමට අවසර තිබේ.

එක්රැස්වීමේ සීමාව

Greater Brisbane කලාපයේ පහත සඳහන් නගර සභා ප්‍රදේශ හැරුණු කොට නිවසේ සහ පොදු ස්ථාන වල ජනයා එක් රැස්වීමේ උපරිම සීමාව 30 දක්වා අඩු කර තිබේ. 

https://www.qld.gov.au/health/conditions/health-alerts/coronavirus-covid-19/current-status/restricted-areas-covid-19

  • City of Brisbane
  • City of Ipswich
  • Logan City
  • Scenic Rim Region
  • Somerset Region
  • Lockyer Valley Region
  • Moreton Bay Region
  • Redland City
  • Cherbourg Aboriginal Shire
  • Gold Coast City
  • Goondiwindi Region
  • South Burnett Region
  • Southern Downs Region
  • Toowoomba Region
  • Western Downs Region

මෙම ප්‍රදේශ පිළිබඳ වැඩිදුර විස්තර: https://www.qld.gov.au/health/conditions/health-alerts/coronavirus-covid-19/current-status/restricted-areas-covid-19

කොරෝනා නීති හා සීමාවන් පහත සඳහන් අයුරින් පැනවේ:

Aged Care: Aged Care මධ්‍යස්ථාන වෙත යාම සීමා කර තිබේ: https://www.health.qld.gov.au/system-governance/legislation/cho-public-health-directions-under-expanded-public-health-act-powers/aged-care

රෝහල් වෙත යාම: රෝහල් වල රෝගීන් බැලීම සඳහා අමුත්තන්ට අවසර දීම සීමා කර තිබේ: https://www.health.qld.gov.au/system-governance/legislation/cho-public-health-directions-under-expanded-public-health-act-powers/hospital-visitors-direction

එක් රැස්වීමේ උපරිම සීමාව: සීමා කළ ප්‍රදේශ වල උපරිම පිරිස 10 කටත් සීමා නොකළ ප්‍රදේශ වල උපරිම පිරිස 30 කටත් සීමා කර ඇත: https://www.health.qld.gov.au/system-governance/legislation/cho-public-health-directions-under-expanded-public-health-act-powers/movement-gathering-direction

ආබාධිත මධ්‍යස්ථාන: ආබාධිත මධ්‍යස්ථාන වෙත අමුත්තන් හට යාම සීමා කර තිබේ: https://www.health.qld.gov.au/system-governance/legislation/cho-public-health-directions-under-expanded-public-health-act-powers/disability-accommodation-services

 

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • කොරෝනා වයිරසය ආසාදනය වූ 2020 දෙසැම්බර් දක්වා අසනීප නිවාඩු ලබා ගත නොහැකි අනියම් සේවකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් ඩොලර් 1500 ක මුදලක් ගෙවනු ලැබේ. දිගු කාලීන අනියම් සේවකයින්ට පමණක් සීමා වූ JobKeeper වැඩසටහනට සුදුසුකම් නොලබන සේවකයින්ද මේ හරහා ආවරණය කෙරේ.

වර්ග මීටර 4 කට එක් පුද්ගලයෙකු යන නීතිය පහත ස්ථාන සඳහා අදාළ වෙයි:

  • ව්‍යාපාරික ස්ථාන වලට (වර්ග මීටර් 200 ට වඩා අඩු ඉඩ ප්‍රමාණයක් සහිත ස්ථාන වල වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු ලෙස 50 ක් දක්වා උපරිමයකට සීමාවේ)
  • කෞතුකාගාර,කලාගාර, පුස්තකාල සහ ඓතිහාසික ස්ථාන.
  • COVID Safe සැලැස්ම ක්‍රියාත්මක කරන ක්‍රීඩා, පුනරුත්තාපන සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන.
  • ක්‍රීඩා පිටි.
  • ගෘහස්ත ක්‍රීඩා ස්ථාන.
  • COVID Safe සැලැස්ම ක්‍රියාත්මක කරන ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ වල 25,000 ක උපරිම ප්‍රේක්ෂකයින් හෝ ඊට වඩා අඩු ප්‍රේක්ෂක ධාරිතාවක් නම් මුළු ධාරිතාවෙන් 50% කට යටත්ව.
  • COVID Safe සැලැස්ම ක්‍රියාත්මක කරන ප්‍රසංග ශාලා, රංග ශාලා සහ ශ්‍රව්‍යාගාර.
  • වැඩි විස්තර https://www.covid19.qld.gov.au/__data/assets/pdf_file/0020/127235/COVID-Safe-Checklist-RestCafes.pdf

Outback කලාප

කොරෝනා සෞඛ්‍ය මූලධර්ම වලට අනුව එක වර 50 දෙනෙකුට අසුන්ගෙන අවනහ්ල්, ආපන ශාලා, pubs, ලියාපදිංචි සහ බලපත්‍ර හිමි සමාජ ශාලා, RSL clubs, හෝටල් (දේශීය පදිංචිකරුවන්ට පමණි) වල ආහාර ගැනීමට අවසර ලැබේ.

Outback කලාප වල වෙසෙන පුද්ගලයින්ට විනෝදාස්වාදය සඳහා Outback කලාපය තුළම සංචාරය කිරීමට අවසර ඇත.


ස්වදේශික ප්‍රජාවන් - ජෛව ආරක්ෂක පෙදෙස්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නම් කළ ජෛව ආරක්ෂක පෙදෙස් වලට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට අදියර තුනකින් යුක්ත සැලැස්මකට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සහ ස්වදේශික නායකයෝ එකඟ වී තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශ වල වෙසෙන ස්වදේශික ප්‍රජාවන් හට මධ්‍යම රජයේ ජෛව ආරක්ෂණ නීති වෙනුවට ප්‍රාන්ත රජය සකස් කළ නීති වලට යටත් වීමට සිදුවේ.

ප්‍රාදේශීය කලාප වල පිහිටි ස්වදේශික ජනාවාස පෙදෙස් වලට පිවිසීමේදී පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කර ඇති අතර කොරෝනා නීති ලිහිල් කිරීමේ වැඩපිළිවෙල යටතේ Burke සහ Cook Shires කලාප ද ක්වීන්ස්ලන්තයේ අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති විධිවිධානවලට සමාන විධිවිධානවලට යටත් වේ.

වැඩි විස්තර: https://www.datsip.qld.gov.au/resources/datsima/covid/remote-communities-roadmap.pdf

 

සංචාරක තහනම්

  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිට හෝ ACT සිට හෝ පැමිණෙන ඕනෑම අයෙකු හට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීම තහනම් වේ.

  • පසුගිය දින 14 ක කාලයක් තුළ වික්ටෝරියානු ප්‍රාන්තය ඇතුළු යම් කොරෝනා මර්මස්ථානයක විසූ අයෙකුට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු නොවිය යුතුය.

  • කොරෝනා මර්මස්ථාන වල සිට පැමිණෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ව දින 14 ක් හෝටල් වල නිරෝධායනය  වීමට යවනු ලැබේ.
  • ප්‍රාන්ත සීමා තරණය කිරීමේ බලපත්‍ර හා අනන්‍යතාව පරීක්ෂා කිරීම වැනි නීති ඇතුළුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම ප්‍රාන්ත සීමා පාලනය කිරීමට නව නීති හඳුන්වා දී තිබේ.

  • බටහිර ඔස්ට්‍රේලියා, දකුණු ඔස්ට්‍රේලියා, ටස්මේනියා යන ප්‍රාන්ත වල මෙන්ම Northern Territory වල ඕනෑම පුද්ගලයෙකු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීමේදී ප්‍රාන්ත සීමා තරණය කිරීමේ බලපත්‍රයක් සම්පූර්ණ කර අත්සන් කර බාරදිය යුතු අතර අදාළ පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් කොරෝනා පරීක්ෂාවකට ද භාජනය විය යුතුය.
  • අදාළ බලපත්‍රයට අයදුම් කිරීමට හැකි අයුරු මෙතනින් බලාගත හැකිය: https://www.covid19.qld.gov.au/government-actions/border-closing

 

පාසල්

සියලුම සිසුන් පාසල්වලට සහභාගී වේ.

 

ක්වීන්ස්ලන්තයේ කොරෝනා නීති පිළිබඳ වැඩි විස්තර

https://www.qld.gov.au/covid-19/government-actions/roadmap-to-easing-queenslands-restrictions

 

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය 

ජනයා ඒක රාශී වීමේ සීමාව 

  • පුද්ගලික නිවාස වල එක් රැස්විය හැකි පිරිස 50 නොඉක්මිය විය යුතුය.
  • පුද්ගලික නිවාසයක හැර පුද්ගලික ස්ථානයක එක් රැස්විය හැකි පිරිස 100 නොඉක්මිය විය යුතුය.
  • Pubs, තැබෑරුම් සහ අවන්හල්: මත්පැන් සංග්‍රහ කිරීමට හැකි වන්නේ ඕනෑම තැබෑරුමකින් හෝ ඇණවුම් කරන ස්ථානයකින් බැහැරව වාඩි වී සිටින අමුත්තන්ට පමණි.
  • වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමා ප්‍රජාවන් සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීම වෙනුවෙන් කිලෝමීටර 40 ක සංචාරක බෆර් කලාපය නැවත ස්ථාපිත කෙරේ.
  • සිඩ්නි හෝ කැන්බරා ගුවන් තොටුපොළ හරහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණෙන බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත, ක්වීන්ස්ලන්ත හෝ ටස්මේනියා සහ Northern Territory වාසීන්ට දින 14 ක කාලයක් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

සියලුම ව්‍යාපාර, ක්‍රියාකාරකම් සහ රැස්වීම් පොදු ක්‍රියාකාරකම් මෙම නීති රෙගුලාසි අනුව සිදුවිය යුතුය: https://www.covid-19.sa.gov.au/emergency-declarations/public-activities

  • අමතර ඉඩක් හෝ ප්‍රදේශයක් විවෘත නොකරනවා නම් පවත්නා COVID- ආරක්ෂිත සැලැස්මක් සහිත ව්‍යාපාර සහ අර්ථ දක්වා ඇති පොදු ක්‍රියාකාරකම් සඳහා නව සැලැස්මක් සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ.
  • COVID- ආරක්ෂිත සැලැස්මක් නොමැති ව්‍යාපාර සහ අර්ථ දක්වා ඇති පොදු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වීමට පෙර සැලැස්මක් සම්පූර්ණ කළ යුතුය: https://www.covid-19.sa.gov.au/recovery/create-a-covid-safe-plan

 

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සංචාරක තහනම්

  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල සංචාර කිරීමට අවසර ලැබේ.
  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වාසීන් ඇතුළුව වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට පැමිණෙන ඕනෑම අයෙකුට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණිය නොහැකිය.
  • නමුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් පැමිණෙන සංචාරකයින්ට සහ දකුණු ඔස්ට්‍රේලියානු - වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවේ වෙසෙන ජනයාට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
  • ඒ සඳහා අත්‍යවශ්‍ය සංචාරක ඛාණ්ඩයක් යටතේ දකුණු ඔස්ට්‍රේලියානු - වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවේ වෙසෙන ජනයාට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණිමට බලපත්‍ර ලබා ගැනීම සඳහා නැවත අයදුම් කළ යුතුය.
  • ප්‍රාන්ත සීමා වැසියන්ට සංචාරක අනුමතියක් ඇති නමුත් පහත සඳහන් පුද්ගල ඛාණ්ඩ වලට අයත් පිරිසට නව අනුමැතියක් අවශ්‍ය නොවේ:
    • ද්විතීක පාසලක 11 හෝ 12 වසර වල අධ්‍යාපනය ලැබීම
    • 11 හෝ 12 වසර වල අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකු පුද්ගලික වාහනයකින් ප්‍රවාහනය කිරීම
    • දකුණු ඔස්ට්‍රේලියානු - වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවට ආසන්නයේ දේපල ඇති කෘෂිකාර්මික හා ප්‍රාථමික කර්මාන්තකරුවන්ට
  • Northern Territory, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල සංචාරකයින්ට කිසිදු සීමාවකින් තොරව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට සෘජුවම ඇතුළු විය හැකිය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.
  • ඊට අමතරව තහවුරු වූ කොරෝනා ආසාදිතයෙකු සමග සමීපව ගැවසුණු පුද්ගලයින් හෝ කොරෝනා පරීක්ෂාවෙන් වයිරසය වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් ද දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.
  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සීමා 2020 සැප්තැම්බර් 16 සිට කැන්බරා වාසීන් සඳහා විවෘත වන අතර එම සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි දිනයේ පටන් දින 14 ක් ස්වයං නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.
  • නිරෝධායනය වන දින 14 තුළ තම නිවසේ හෝ හෝටල් කාමරයේ පමණක් සිටිය යුතු අතර වෛද්‍ය සහය ලබාගැනීම හැරුණුකොට බැහැරව නොයා යුතුය.
  • ඔබ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබගේ සංචාරය ආරම්භ වන ස්ථානය කුමක් වුවත්, ඔබ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පිටත්ව යාමට අවම වශයෙන් දින 3 කට පෙර Cross Border Travel Registration හෙවත් ප්‍රාන්ත සීමා තරණය කිරීමේ සංචාරක ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුය: https://www.police.sa.gov.au/online-services/cross-border-travel-application

 

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පාසල්

  • දෙවැනි වාරය ආරම්භයේ සිටම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පාසල් විවෘත කළ අතර දරුවන්ට පාසල් පැමිණෙන ලෙස ප්‍රාන්ත රජය ආරධනා කරයි.

වැඩි විස්තර

https://www.covid-19.sa.gov.au/recovery 

 

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

සිය ප්‍රාන්තය යළි විවෘත කිරීමේ ක්‍රියාවලියේ සිව්වැනි අදියරට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය දැන් පිවිස තිබේ.

මෙහි 5 වන අදියර ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 24 දින දක්වා කල් දමා ඇත. නමුත් එය තවදුරටත් කල් දැමීමට සෞඛ්‍ය උපදේශකයින් හට නිර්දේශ කළ හැකිය.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය යළි විවෘත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඉංග්‍රීසි හා අනෙක් භාෂාවලින්: https://www.wa.gov.au/government/publications/covid-19-roadmap

එක්රැස්වීමේ සීමාව හා ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම

4 වන අදියර 

  • ජනයා එක් රැස්වීමේ සීමාවන් සහ 100/300 නීතිය ඉවත් කර ඇත.
  • වර්ග මීටරයට එක් පුද්ගලයෙකු ලෙස එක් රැස්වීමේ සීමාව මනිනු ලබයි (අමුත්තන් 500 කට අධික පිරිසක් සහභාගී විය හැකි ස්ථාන සඳහා එහි සේවකයින්ට මෙය බලපායි)
  • අවන්හල් සහ pubs වල අසුන්ගෙන සිටින අමුත්තන්ට පමණක් සංග්‍රහ කිරීමේ නීතිය ඉවත් කර තිබේ.
  • අවන්හල්, ආපන ශාලා සහ තැබෑරුම් වලට පැමිණෙන අමුත්තන් ගේ විස්තර ලබා ගැනීම තවදුරටත් අවශ්‍ය නොවේ.
  • විශාල පරිමාණයේ සහ බහු වේදිකා සංගීත ප්‍රසංග හැරුණුකොට අනෙක් සියලු උත්සව සහ ප්‍රසංග පැවැත්වීමට අවසර ඇත.
  • ප්‍රසංග ශාලා, සජීවී සංගීත ප්‍රසංග පවත්වන ස්ථාන, තැබෑරුම්, pubs සහ රාත්‍රී සමාජ ශාලා වල අසුන් නොගෙන කරන ඉදිරිපත් කිරීම් වලට අවසර ඇත.
  • එකඟවූ තාවකාලික නීති හා සීමාවන් යටතේ කැසිනෝ ශාලා වල gaming floor යළි විවෘත කිරීමට අවසර ඇත.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන ස්ථාන වල ප්‍රේක්ෂක පිරිස 50% කට සීමා කර ඇත.

ඒ අනුව සිව්වන අදියර යටතේ,

  • Optus ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රේක්ෂකයින් - 30,633
  • Optus ක්‍රීඩාංගනයේ ප්‍රසංග සඳහා ප්‍රේක්ෂකයින් - 35,000
  • HBF Park හි ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රේක්ෂකයින් - 10,150
  • HBF Park හි ප්‍රසංග සඳහා ප්‍රේක්ෂකයින් - 16,500
  • RAC Arena හි ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රේක්ෂකයින් - 7,150
  • RAC Arena හි ප්‍රසංග සඳහා ප්‍රේක්ෂකයින් - 8,250

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ව්‍යාපාර ඔවුන්ගේ COVID ආරක්‍ෂිත සැලසුම් යාවත්කාලීන කර ඇති බව සහතික කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා https://www.wa.gov.au/government/publications/phase-4-easing-of-restrictions-frequently-asked-questions

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය යළි විවෘත කිරීමේ ක්‍රියාවලියේ පස්වන අදියර ජූලි 18 සිදු කිරීමට සැලසුම් කර ඇති අතර 6 වන අදියර තවමත් තීරණය කර නොමැත.

සංචාරක තහනම්

  • අවසර ලත් සංචාරකයෙකු නොවෙයි නම් ඔබට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු විය නොහැකිය: https://www.wa.gov.au/government/document-collections/covid-19-coronavirus-state-of-emergency-declarations#travel-and-border-state-wide
  • අවසර ලත් සංචාරක ඛාණ්ඩයකට අයත් නොවුණහොත් පසුගිය දින 14 තුළ වික්ටෝරියා හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සිටි සංචාරකයින් හට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොලැබේ: https://www.wa.gov.au/government/publications/victoria-and-new-south-wales-arrivals-frequently-asked-questions
  • කිම්බර්ලි කලාපය ඇතුළුව බටහිර ඕස්ට්‍රේලියාව පුරා සංචාරය කිරීමට අවසර ඇත. ඇබොර්ජීනියානු ප්‍රජාවන් සිටින කලාප වෙත යාමට පනවා ඇති තහනම තවමත් ක්‍රියාත්මකය.

පාසල්

  • තම දරුවන් පාසලට යැවීමට තීරණය කළ සියලුම පවුල් සඳහා බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ පාසල් දෙවැනි වාරය ආරම්භයේදී විවෘත කරන ලදී.

  • නිවසේ සිට ඉගෙන ගන්නා සිසුන් සඳහා දුරස්ථ අධ්‍යාපන පැකේජ සහ සම්පත් සපයනු ලැබේ.

  • දෙමාපියන්ට සහ භාරකරුවන්ට තම ළමුන්ව පාසලට ඇරලවීමට හා රැගෙන යාමට පාසල් භූමියට ඇතුළු විය හැකිය.

පාසල් සම්බන්ධ වැඩි විස්තර

https://www.wa.gov.au/organisation/department-of-the-premier-and-cabinet/covid-19-coronavirus-education-and-family-advice

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ කොරෝනා නීති පිළිබඳ වැඩි විස්තර 

http://www.wa.gov.au/covid19roadmap

 

ටස්මේනියා ප්‍රාන්තය

වසංගත නිවාඩු ආපදා ගෙවීම්

ස්වයං හුදකලා වීමට හෝ නිරෝධායනය වීමට අවශ්‍ය නිසා රැකියා කිරීමට නොහැකි ටස්මේනියා ප්‍රාන්ත වාසීන්ට $1,500 ක වසංගත නිවාඩු ආපදා ගෙවීම සඳහා අයදුම් කළ හැකිය.
එය දින 14 ක ස්වයං හුදකලා කාලය තුළ සේවකයින්ට උපකාර කිරීම සඳහා එකවරක් පමණක් ගෙවන දීමනාවකි.

එක්රැස්වීමේ සීමාව

  • නිවසේ වාසය කරන පුද්ගලයින් හැරුණු කොට අමුත්තන් 20 දෙනෙකු නිවසට ගෙන්වා ගැනීමට හැකිය.

  • උපරිම පුද්ගලයින් සංඛ්‍යාවට කාර්ය මණ්ඩලය, ස්වේච්ඡා සේවකයන්, ළමුන් සහ ළදරුවන් ඇතුළත් වේ.

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • ඒ ඒ ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව තීරණය වන පුද්ගලයින් සංඛ්‍යාව: ගෘහස්ථව උපරිම පුද්ගලයින් 250 ක් සහ එළිමහනේ 500 ක්.
  • පුද්ගල ඝනත්වය වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින් ක්‍රියාත්මක වේ: https://www.coronavirus.tas.gov.au/families-community/gatherings-density-and-physical-distancing 
  • පුද්ගල ඝනත්ව සීමාව අනුව අවසර දී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් රැස් කිරීමේ සීමාවට වඩා අඩු නම්, ඊට වඩා අඩු සංඛ්‍යාවක් ආදේශ වේ.
  • ඇල්කොහොල් සංග්‍රහ කරන licensed venue වැනි ස්ථාන වලට පැමිණෙන පුද්ගලයින්ට නිදහසේ සැරිසැරීමට හැකිය. නමුත් මත්පැන් පානය කරන විට ඔවුන් අසුන්ගත යුතුය.

ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම් පිළිබඳ වැඩි විස්තර: https://www.coronavirus.tas.gov.au/business-and-employees/business-restrictions

සංචාරක තහනම

  • 2020 ඔක්තෝබර් 26 දක්වා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය දීර්ග කර තිබේ.

  • වසා දමා ඇති ටස්මේනියා ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කිරීම දෙසැම්බර් 01 සිට සිදු කිරීමට සැලසුම් කර ඇත.

  • ටස්මේනියා ප්‍රාන්තය තුළ ඕනෑම ස්ථානයකට ඔබ සංචාරය කළ හැකිය. නමුත් ජනයා එක් රැස් වීමේ සහ නිවෙස් වලට යාමේ කොරෝනා නීති වලට අනුව ඔබ කටයුතු කළ යුතුය.

  • ක්වීන්ස්ලන්තයේ සිට පැමිණෙන පිරිස්: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ City of Brisbane, City of Ipswich සහ Logan City යන කලාප වල සිට ටස්මේනියා ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් නම් කළ නවාතැන් පොළවල දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

  •  ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කිරීම් සම්බන්ධ යාවත්කාලීන කළ තොරතුරු සොයාගැනීමට: https://www.coronavirus.tas.gov.au/travellers-and-visitors/coming-to-tasmania

Online සංචාරක ලියාපදිංචිය

  • ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකින් හෝ විදේශයකින් ටස්මේනියාවට යාමට අදහස් කරන ඕනෑම අයෙකු ඇතුල්වීමේ අවසරය ඉල්ලා ඉදිරිපත් කිරීමට පෙර online සංචාරක ලියාපදිංචි කිරීමේ පද්ධතියේ ලියාපදිංචි විය යුතුය.
  • එය G2G PASS නමින් හැඳින්වෙන අතර මෙම වෙබ් යොමුවෙන් එයට පිවිසිය හැකිය: https://www.g2gpass.com.au/
  • පසුගිය දින 14 තුළ සංචාරක මගියා සිටි ස්ථානය අනුව Good to Go App එකේ පෝරමය නිවැරදිව පුරවා තිබිය යුතු අතර වැරදි තොරතුරු සපයන අයට ඩොලර් 16,800 දක්වා දඩයක් හෝ මාස 6 ක් දක්වා සිර දඬුවම් නියම කෙරේ.

පාසල්

  • පාසල් වල සියලුම පන්ති නැවත ආරම්භ කර ඇති අතර සියලුම සිසුන් පාසල්වලට සහභාගී වේ.

වැඩි විස්තර

https://www.coronavirus.tas.gov.au/

 

Northern Territory

එක්රැස්වීමේ සීමාවන්

  • කිසිදු එක් රැස්වීමේ සීමාවක් නොමැත.
  • මංගල සහ අවමංගල උත්සව ගත හැකිය නමුත් සැමවිටම පුද්ගල දුරස්ථභාවය තබා ගත යුතුය.

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • ක්‍රීඩා තරග මෙන්ම සියලුම ව්‍යාපාර ද ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී ඇත.
  • ප්‍රේක්ෂකයින්ව ආසනගත කිරීමේ අනුමත ආසන පටිපාටිය තුළ පමණක් ප්‍රේක්ෂකයින් සමඟ ප්‍රජා සහ ක්‍රීඩා තරඟ පැවැත්වේ. 500 කට අධික පිරිසක් සහභාගී වනවානම් වෙන වෙනම අනුමත කරන ලද COVID-19 ආරක්ෂිත සැලැස්මක් අවශ්‍ය වේ.
  • ප්‍රධාන උත්සව එක් එක් උත්සවයේ ස්වභාවය අනුව අනුමත කරනු ලැබේ.

 

සංචාරක තහනම්

  • විදෙස්ගතව සිට NORTHERN TERRITORY වෙත පිවිසෙන පුද්ගලයින්ව අධීක්ෂණය සහිතව Howard Springs නිරෝධායන මධ්‍යස්ථානයේ අනිවාර්ය නිරෝධායනය සඳහා යොමු කෙරෙනු ඇත. එහි වියදම වන $2,500 අදාළ පුද්ගලයින්ගෙන් අය කර ගැනේ.
  • Northern Territory වෙත වෙනත් ප්‍රාන්ත වලින් පැමිණෙන පිරිස් පහත සඳහන් පියවර 6 අනුගමනය කළ යුතුය:
    • නිරෝධායන අවශ්‍යතා පරීක්ෂා කරන්න
    • ප්‍රාන්ත සීමාවට ඇතුළු වීමේ පෝරමය පුරවන්න
    • ඔබේ පෝරමයේ මුද්‍රිත පිටපතක් ලබාගන්න
    • පැමිණීම පිළිබඳ ප්‍රකාශය අත්සන් කරන්න
    • ඔබේ සෞඛ්‍ය පිළිබඳ නිරීක්ෂණය කරන්න
    • නම් කරන කොරෝනා මර්මස්ථාන පිළිබඳ යාවත්කාලීන වන්න
  • මෙම පියවර පිළිබඳ වැඩි විස්තර: https://coronavirus.nt.gov.au/travel/quarantine
  • NORTHERN TERRITORY සීමාවල සහ ගුවන් තොටුපල වල NORTHERN TERRITORY පොලිස් නිලධාරීන් පරීක්ෂාවේ යෙදී සිටියි.
  • ඔස්ට්‍රේලියාවේ Northern Territory ය 2020 අගෝස්තු සිට අවම වශයෙන් මාස තවත් 18 ක් කොරෝනා වයිරස් බලපෑමට ලක් වූ ප්‍රාන්තවලට සිය ටෙරිටරි සීමා වසා දමයි.
  • අදාළ ප්‍රාන්ත වල වැසියන්ට Northern Territory වෙත තවමත් පැමිණිය හැකි නමුත් එයට ඇතුළු වීමට පෙර තමන්ගේ වියදමින් දින 14 ක් හෝටල් වල නිරෝධායනය විය යුතුය.

පාසල්

  • සියලුම Northern Territory පාසල් සිසුන් පාසල් වලට පැමිණ අධ්‍යාපනය ලැබීම අපේක්ෂා කෙරේ. 

  • තම දරුවාව පාසලට යැවීමට අකැමැති දෙමාපියන් නිවසේ සිට තම දරුවාට පාසල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ යුතුය.

Northern Territory පාසල් සම්බන්ධ වැඩි විස්තර

https://education.nt.gov.au/publications/information-for-term-2-2020?SQ_VARIATION_814972=0

NT Roadmap

https://coronavirus.nt.gov.au/steps-to-restart/roadmap-new-normal

 

Australian Capital Territory

එක්රැස්වීමේ සීමාවන්

  • නිවසකට යාමේදී උපරිම පුද්ගල සංඛ්‍යාවේ සීමාවක් නොමැත.
  • අවමංගල්‍ය උත්සව ඇතුළු සියලුම මහජන රැස්වීම් උපරිම පුද්ගලයින් 100 කට පමණක් ඉඩ ඇත. (ගෘහස්තව සහ එළිමහනේ වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්)

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • කොරෝනා වයිරයෙන් ආරක්‍ෂිත පරිසරයක හෝ COVID ආරක්ෂණ සැලසුමක් යටතේ හෝ  නර්තන හා සටන් කලාවන් ඇතුළුව සම්පූර්ණ පුද්ගල ස්පර්ශයන් සිදු කෙරෙන ක්‍රීඩා තරඟ නැවත ආරම්භ කර තිබේ. 
  • පිහිනුම් තටාක සඳහා උපරිම එක් රැස්වීම් වලට අනුකූලව පිහිනුම් තරඟ සහ සංචිත පිහිනීම නැවත ආරම්භ කර ඇති අතර එක් මංතීරුවකට පිහිනුම් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාවට සීමාවක් නොමැත.

ACT හි ව්‍යාපාර සඳහා මාර්ගෝපදේශ: https://www.covid19.act.gov.au/business-and-work

  • 2020 සැප්තැම්බර් 18 සිට කැන්බරා නුවර අවන්හල්, ආපනශාලා සහ තැබෑරුම් වල ඉඩ ප්‍රමාණය නොසලකා පුද්ගලයින් 25 දෙනෙකුට සත්කාර කළ හැකිය.
  • තැබෑරුම්, pubs සහ සමාජශාලාවල වෙන්කරවා ගත් මේසයක 10 ක් දක්වා වූ කණ්ඩායමකට ආහාර වේලක් ඇණවුම් කර හෝ නොකර මත්පැන් ලබා දිය හැකිය.
  • ක්‍රීඩා, නර්තනය සහ සටන් කලාව සඳහා පූර්ණ සම්බන්ධතා පුහුණුවට දැන් අවසර ඇත.
  • පුද්ගලයන් 100 ක් දක්වා (කාර්ය මණ්ඩලය ඇතුළුව) වර්ග මීටර 4 කට එක් පුද්ගලයෙකු බැගින් පහත සඳහන් ස්ථාන විවෘත කළ හැකිය:
      • ආගමික ස්ථාන සහ ආගමික උත්සව.
      • සිනමා ශාලා.
      • ගෘහස්ථ හා එළිමහන් විනෝද මධ්‍යස්ථාන සහ ක්‍රීඩා මධ්‍යස්ථාන.
      • කායවර්ධන මධ්‍යස්ථාන, නර්තන සහ health clubs.
      • ප්‍රජා ක්‍රීඩා සහ සංවිධිත ක්‍රීඩා ක්‍රියාකාරකම්
      • Choirs, සංගීත කණ්ඩායම් සහ වාද්‍ය වෘන්ද
      • පුද්ගලික සේවා (රූපලාවණ්‍ය හා නිය අලංකරණ, පච්ච කෙටීම, සම්බාහන මධ්‍යස්ථාන)
      • Caravan උද්‍යාන, කඳවුරු බිම්.

සෞඛ්‍ය මධ්‍යස්ථාන ආරක්ෂණය 

යමෙකුට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ස්ථානයකට ඇතුළු වීම ආරක්ෂිත දැයි තීරණය කිරීම සඳහා නව ඩිජිටල් පරීක්ෂණ මෙවලමක් තිබේ. එහිදී සරල ප්‍රශ්න මාලාවකට පිළිතුරු සැපයීම අවශ්‍ය වේ. කොළපාට "හරි" සළකුණ හෝ රතු පාට "කතිර" සළකුණ හෝ ඇතුල් වීම ආරක්ෂිතද නැද්ද යන්න දක්වනු ඇත:

සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණෙන අමුත්තන්ගේ සීමාවන්: https://screening.covid19.act.gov.au/user

  • දිනකට එක් රෝගියෙකු සඳහා එක් අමුත්තෙක් පමණි.
  • රෝහල්ගත කළ ළදරුවන්ට හෝ දරුවන්ට එක් දෙමාපියෙකු / රැකබලා ගන්නෙකු සිටිය හැකිය.

අධ්‍යාපනය 

  • රජයේ පාසල් වල සියලුම පන්ති වල සිසුන් හට පාසලේදී ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කර තිබේ.

සංචාරක 

  • නිව් සවුත් වේල්ස් හෝ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල සිට ACT වෙත සංචාරය කිරීම: Greater Sydney ප්‍රදේශයේ සිටි පුද්ගලයින් ACT වෙත පැමිණ දින 14 ක් යනතුරු aged care, රෝහල් වැනි ඉහල අවදානම් සහිත ස්ථාන වලට පැමිණීම හෝ සේවය නොකරන ලෙස උපදෙස් දී තිබේ. එවැනි පුද්ගලයින්ට නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ACT වෙත සංචාරය කිරීම: ACT වාසියෙකු හැර වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට ACT සෞඛ්‍ය අංශයෙන් අවසරයක් නොමැති පුද්ගලයින් හට ACT වෙත ඇතුළුවීමට නොහැකිය. වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට ACT වෙත ගමන් කළ හැක්කේ ගුවනින්, කැන්බරා ගුවන් තොටුපොල හරහා පමණි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ACT වෙත පැමිණෙන ACT වාසීන් දින 14 ක් නිරෝධායනය විය යුතු අතර පැමිණීමට පැය 72 ට පෙර බලධාරීන්ව දැනුවත් කළ යුතුය.

වැඩි විස්තර

https://www.covid19.act.gov.au/updates

*********************************************************

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම පුද්ගලයින් අනෙක් උදවිය සමග මීටර් 1.5 ක දුරස්තභාවයකින් සිටිය යුතුය.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන් මේ වන විට 4 වන මට්ටමේ කොරෝනා නීති වලට අනුකූලව කටයුතු කළ යුතු අතර සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා අළුයම 5 දක්වා එම කලාපයට පැනවෙන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ නිවසේ රැදී සිටිය යුතුය. සිව්වන මට්ටමේ කොරෝනා නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින්: https://www.dhhs.vic.gov.au/updated-restrictions-announcement-2-august-covid-19

ඔබ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, නිවසේ රැඳී සිටිමින් ඔබේ වෛද්‍යවරයා අමතා පරීක්ෂණයක් සිදුකරගැනීමට ක්‍රමයක් සකස් කරගන්න, නැතිනම් 1800 020 080 අංකයෙන් කොරොන වයිරස් සෞඛ්‍ය තොරතුරු ඇමතුම් අංකයට සම්බන්ධ වන්න.

කොරෝනා වයිරසය හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ තොරතුරු භාෂා 63 කින් www.sbs.com.au/language/coronavirus වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.