ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් (copyrights) සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සිටම දැඩි අර්බුදයක් හටගෙන තිබුණි.
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ copyright license හෙවත් ප්‍රකාශන හිමිකම් බලපත්‍රය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාගෙන ඇත.
මීට පෙර එයට හිමිකම් කීවේ ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කළ Luritja ජන ඛාණ්ඩයට අයත් ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පියෙකු වන Harold Thomas විසිනි.
Highlights
- ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කරනු ලැබුවේ 1971 වසරේදී ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පියෙකු වන Harold Thomas විසිනි.
- ඒ අනුව ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කිරීමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම හිමි වූයේ ඔහුටය.
- දැන් එහි ප්‍රකාශන හිමිකම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතුකරගෙන තිබේ.
ඇබොර්ජීනියානු ධජයේ යටගියාව
ඇබොර්ජීනියානු ධජය, ඔස්ට්‍රේලියාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ධජ වලින් එකකි.
මෙය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන උත්සව වලදී මෙන්ම විශේෂ උත්සව වලදී ඔස්ට්‍රේලියානු ජාතික ධජයත් සමග එකට ඔසවනු ලබයි.
ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කරනු ලැබුවේ 1971 වසරේදී ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පියෙකු වන Harold Thomas විසිනි.
ඔහු මධ්‍යම ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ලෙස පැවත එන ඇබොර්ජීනියානු වැසියන්ගේ Luritja ජන ඛාණ්ඩයට අයත් පුද්ගලයෙකි.
ඒ අනුව ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කිරීමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම හිමි වූයේ ඔහුටය.
ඔස්ට්‍රේලියාව තුළ තම භූමිය සඳහා ඇබොර්ජීනියානු වැසියන් තම අයිතිවාසිකම් කීමේ අරගලයේ දී මෙම ඇබොර්ජීනියානු ධජය මුල් වරට නිර්මාණය කෙරුණු බව සඳහන් වේ.
ඇබොර්ජීනියානු ධජය මුල් වරට නිල වශෙයන් ඔසවනු ලැබුවේ 1971 වසරේ ජූලි මස 12 වන දින ඇඩිලේඩ් නුවර වික්ටෝරියා චතුරශ්‍රයේ පැවති ජාතික ස්වදේශිකයින් ගේ දිනය සැමරීමේ උත්සවයෙදීය.
ඉන් අනතුරුව එය ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය සහ සංකේතය බවට පත් විය.
ඇබොර්ජීනියානු ධජයට නිදහස ලැබීම
ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් (copyrights) සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සිටම දැඩි අර්බුදයක් හටගෙන තිබුණි.
එම අරගලවලින් පසුව දැන් එහි ප්‍රකාශන හිමිකම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතුකරගෙන තිබේ.
ඒ අනුව ඇබොර්ජීනියානු ධජය සම්බන්ධයෙන් ද දැන් ඔස්ට්‍රේලියානු ජාතික කොඩියට සමාන ප්‍රොටෝකෝල අනුගමනය කරනු ඇත.
එය නොමිලයේ භාවිත කිරීමට ඕනෑම අයෙකුට හැකි නමුත් එයට ගෞරවයෙන් සැලකිය යුතුවේ.
"මෙම විධිවිධානය සියලුම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට සහ ඔස්ට්‍රේලියානුවන්ට ඇබොර්ජීනියානු ධජය වෙනස් නොකර, ආඩම්බරයෙන් සහ සීමාවකින් තොරව භාවිතා කිරීමට සහනයක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් Harold Thomas පැවසීය.
"ඇබොර්ජීනියානු ධජය නියෝජනය කරන්නේ අපේ භූමියේ සදාකාලික ඉතිහාසය සහ අපේ ජනතාවගේ කාලයයි. එය අප කවුරුන්ද යන්න පිළිබඳ ස්වයං විමර්ශනයක් සහ අගය කිරීමක්." යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.
මේ දක්වා, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් නොවන පුද්ගලයින්ට අයත් ව්‍යාපාර තුනක් පමණක් Harold Thomas සමඟ ඇබොර්ජීනියානු ධජ, සිහිවටන සහ ඇඳුම් පැළඳුම් මත ඔහුගේ නිර්මාණය නිෂ්පාදනය කිරීමට බලපත්‍ර ගිවිසුම් ඇති කර ගෙන තිබුණි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Gunditjmara කාන්තාවක් සහ Clothing the Gaps හි ප්‍රධාන විධායක නිලධාරී Laura Thompson වසර 2020 දී ඇබොර්ජීනියානු ධජය නිදහස්' කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය.
WAM Clothing සමාගම විසින් ඇබොර්ජීනියානු ධජය සහිත ඇඳුම් විකිණීම සඳහා සුවිශේෂී ජාත්‍යන්තර අයිතියක් ඇති බව සොයා ගැනීමෙන් පසුව ඇය එම පියවර ගෙන තිබුණි.
AFL, ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු ඇබොර්ජීනියානු - ඔස්ට්‍රේලියානු ජාතිකයා වූ Nova Peris, කම්කරු සෙනෙට් සභික Malarndirri McCarthy ඇයගේ මෙම නිදහස් අරගලයට සහය ලබා දුන් අතර අන්තර්ජාලය හරහා එයට අත්සන් 165,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණු බව වාර්තා විය.
ඇබොර්ජීනියානු ධජය දැන් ක්‍රීඩා ජර්සි සහ කමිස වැනි ඇඟලුම් මත නිර්මාණය කළ හැකිය.
අවසරයකින් තොරව හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව දැන් එය ක්‍රීඩා පිටිවල පින්තාරු කළ හැකිය.
එමෙන්ම වෙබ් අඩවිවල සහ කලා කෘතිවලටද ඇතුළත් කළ හැකිය.
ඇබොර්ජීනියානු ධජයේ සංකේත හා වර්ණ
ඇබොර්ජීනියානු ධජයේ හරහට එක හා සමානව දිව ගිය කළු පාට සහ රතු පාට තීරු දෙකක් වන අතර හරි මැද කහ පාට වෘත්තයක් පවතියි.
මෙහි කළු වර්ණයෙන් ඔස්ට්‍රේලියාව තුළ සිටින ඇබොර්ජීනියානු වැසියන් නියෝජනය කෙරෙන අතර කහ වර්ණයෙන් යුත් වෘත්තයෙන් සූර්යයා ව නිරූපණය කෙරේ.
රතු පැහැති වර්ණයෙන් රතු පැහැති පෘථිවි තලය නිරූපණය කෙරේ.