නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල මේ වනවිට Blueberry වගාවන්හි සේවයෙහි නිරත වන සේවකයින් හට පැයකට ඩොලර් 3ක් වැනි ඉතා අඩු මුදලක් ගෙවන බවට වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් රාජකීය කොමිසමක් සඳහාද ඉල්ලීම් ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඕස්ට්‍රේලියානු කම්කරු සංගමයේ ලේකම් Daniel Walton පවසන්නේ සමස්ත ඕස්ට්‍රේලියාව පුරා පවතින ගොවිපලවල් වල මෙවැනි අකාරයේ සූරාකෑම් සිදුවන බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Working Holiday Visa වැඩසටහන තුල පවතින විවිධ අක්‍රමිකතා හේතුවෙන් මෙවැනි ආකාරයෙන් එම සේවකයින් සූරාකෑමට ලක්වේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ Coffs Harbour හි Blueberry වගාවන්හි සේවය කරන්නන් හට පැයකට ඩොලර් 3ක් වැනි ඉතා අඩු මුදලක් ගෙවන බවට McKell Institute මගින් සිදු කල විමර්ශනයක් ඔස්සේ අනාවරණය වී තිබේ. මීට සමගාමීව යුතු ලෙස සේවකයින් බඳවා ගැනීම සහ අඩු වේතන ගෙවීම වැනි කරුණු සම්බන්ධයෙන් රාජකීය කොමිසමටද මේ වන විට කරුණු ඉදිරිපත් වෙමින් පවතී.
කොරෝනා වසංගත තත්වයත් සමග පසුගිය කාලය තුලදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයන් වෙත Backpackers ලෙස හැඳින්වෙන සංචාරයේ නිරතවන තාවකාලික වීසා ලාභීන් පැමිණ ඇති අතර ඒ ඔස්සේ ශ්‍රම අතිරික්තයක් මතුව තිබේ.
46 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික Natalie Trigwell ගේ නිවස පසුගිය ලැව් ගිනි සමයේදී විනාශ වී ඇති අතර ඇය මේ වන විට සිය Campervan රථය තුල දිවි ගෙවයි. Natalie Trigwell ද මෙම සුරාකෑමට ලක් වූ එක් කාන්තාවක් වන අතර ඇය සේවය කල Blueberry වගාවෙන් ඇයට ගෙවා ඇත්තේ දිනකට ඩොලර් 15ත් 20ත් අතර මුදලකි.
එම වගාවෙහි සිටින සේවකයින් හට එහි කොන්ත්‍රාත්කරුවන් දැඩි පීඩනයක් එල්ල කරන අතර ඇතැම් අවස්ථාවන්හිදී වගාවට ආසන්නයේ ලැව් ගිනි පැවතියද ඔවුනට Blueberry කැඩීමට සිදුවන බව Natalie Trigwell පවසයි.
කෙසේ නමුත් ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඇයට සති තුනක වැටුප් ලබාදීමද කොන්ත්‍රාත්කරුවන් ප්‍රතික්ෂේප කොට තිබේ.
පලතුරු නෙලන්නන් සෙවීම් කටයුතු සිදු කල ජපාන ජාතික Makato සැලකිය යුතු ලෙස එම ගොවිපලේ කාර්යාල කටයුතු සිදු කල අතර තමන් එහි පරිපාලන කටයුතු සඳහා උපකාර කළහොත් ඒ සම්බන්ධයෙන් පවතින රැකියාවක් ලබාදෙන බව කොන්ත්‍රාත්කරුවන් සඳහන් කොට තිබේ . නමුත් Makato පවසන්නේ එය කිසිදු දිනක සිදු නොවූ අතර තමන් තමාට ලැබිය යුතු වැටුප් ද නිසි ලෙස නොලැබි බවයි.
වීසා පීඩනය
මේ වන විට Backpackers සහ සෙසු තාවකාලික වීසා හිමියන් හට නියමිත ප්‍රමාණයට වඩා අඩු වේතන ලැබෙන බවට දිගින් දිගටම වාර්තා වේ. ඔවුන් තම වීසා කොන්දේසි සඳහා පවතින නීති පිළිබඳව බියකින් පසුවීම මත මේ ආකාරයෙන් සුරාකෑමට ලක් වන බව පරීක්ෂණ වාර්තාවේ ප්‍රධන කර්තෘ Edward Cavanough පවසයි.මේ හේතුවෙන් ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් වීසා ඛාණ්ඩ තුල පවතින යම් නිර්දේශයන් පිළිබඳව අවධානයක් යොමු කොට ඒ සඳහා යම් සහනයක් ලබාදෙන ලෙසයි.
ඇතැම් වංක කුලී කම්කරු සමාගම් Facebook, WeChat සහ Gumtree ඔස්සේ සාවධ්‍ය තොරතුරු මවාපාමින් පලතුරු නෙලීම සඳහා සේවකයින් බඳවා ගැනීම් සිදු කරන අතර එම සේවකයින් හට නිසි වේතනයක් නොගෙවන බවද මෙම පරීක්ෂණය ඔස්සේ හෙළිව තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික Backpacker කෙනෙකු වන Jessica හට සතියකට ඩොලර් 140ක් සිය නේවාසික ස්ථානය සඳහා ගෙවීමට සිදුව ඇති අතර දැඩි ලෙස අපවිත්‍රව පවතින එම නිවස තුල පුද්ගයින් 14 දෙනෙකු සිටින බව ඇය පවසයි. තම තාවකාලික වීසා නීතීන්ට අනුව දින 88 ක කාලයක් ගොවිපල රැකියා කිරීම අනිවාර්ය වීම හේතුවෙන් තමන් මහත් දුකක් අත්විදින බව ඇය පෙන්වා දේ. මෙය ඇත්තවශයෙන්ම සිරකඳවුරක ජීවත් වීමක් වැනි බවද ඇය පවසයි.
රාජකීය කොමිසම සඳහා ඇමතුම්
පලතුරු නෙලීම සඳහා වංචනික ලෙස සේවකයින් බඳවා ගැනීම් සිදු කරන පිරිස සඳහා දැඩි දඩුවම් පමුණුවන ලෙස රාජකීය කොමිසම වෙත ඉල්ලීම් ලැබී තිබේ. එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල වීසා යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කරන ලෙස මෙම වාර්තාවද ඉල්ලා සිටි. එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ සේවකයින් හට නිසි වේතනයක් සිදු කිරීම අනිවාර්ය කල යතු බවයි. මෙය Coffs Harbour ප්‍රදේශයේ පමණක් නොව ඔස්ට්‍රේලියාව පුරාම සිදුවන බවද කම්කරු සංගමයේ ජාතික ලේකම් Daniel Walton පවසයි.
ඔහු කෘෂිකර්ම අමාත්‍ය David Littleproud ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් රාජකීය කොමිසම සඳහා සහාය දක්වන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍ය David Littleproud සඳහන් කොට සිටින්නේ ශක්තිමත් සහ එකඟතාවයක් පවතින රාජ්‍ය නීති මගින් ගැටලුව විසඳීමට ඔහු එකඟ වන බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නීතිපති Christian Porter කම්කරුවන් සූරාකෑම සහ විශේෂයෙන්ම කුලී කම්කරුවන් හා ඔවුන් නියාමනය කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කරමින් සිටී. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්වය ඉතාමත් නින්දිත තත්වයක් ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඕස්ට්‍රේලියානු ජාතික ගොවි සම්මේලනය සඳහන් කරන්නේ සේවකයින් හට හිරිහැර කිරීම් පිළිබඳව වාර්තා ඇති නමුත් ඒ සඳහා රාජකීය කොමිසමක් මගින් විසදුමක් නොලැබිය හැකි බවයි. මිල අධික හා බලාපොරොත්තු නොවූ රාජකීය කොමිසමක් ඉල්ලා සිටිනවා වෙනුවට, සියලුම ගොවි කම්කරුවන්ට ධනාත්මක අත්දැකීමක් සහතික කළ හැකි ආකාරය පිළිබඳව ගොවීන් සමඟ කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ගොවි සම්මේලනයේ ප්‍රධානී Tony Mahar පවසයි.
මේ මගින් ඕස්ට්‍රේලියාවේ කීර්තිය අවදානමට
ඕස්ට්‍රේලියානු රාජකීය කොමිසමක් මගින් මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි පිළිතුරු සොයාගන්නා තෙක් තමන් මෙය අත් නොහරින බව McKell Institute හි Cavanough මහතා පවසයි. ඔහු අවධාරණය කොට සිටින්නේ සේවකයි හට අඩු වේතන ලබාදීම ඕස්ට්‍රේලියාවේ කීර්ති නාමයට දැඩි හානි සිදුකරන බවයි. තාවකාලික වීසා හිමියන් නැවතත් සිය රටවල් වෙත ගිය පසු ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් වන සෘණාත්මක පුවත් එහි පුද්ගලයින් සමග ඔවුන් පවසන බවද Cavanough මහතා පෙන්වා දේ.
Cavanough සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව තුල සිටින Backpackers සහ තාවකාලික වීසා හිමියන් කිසිදු සූරාකෑමකට ලක් නොවී යහපත් අත්දැකීම් ලැබීම තම අපේක්ෂාව වන බවයි.