Coming Up Fri 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ COVID-19: කොරෝනා එන්නත සහ ඔබේ භාෂාවෙන් දැනගත යුතු තොරතුරු

කොරෝනා වයිරසය පැතිරීම පිළිබද ජනතාව දැනගත යුතු කරුණු ඔබේ භාෂාවෙන් ගෙන ඒමට SBS සිංහල සේවය නිරන්තරයෙන් බැදී සිටී. මෙම තොරතුරු පත්‍රිකාව ඔබේ ප්‍රජාවේ සෑම දෙනෙකුටම දැනගත යුතු තොරතුරු සම්පාදනය කරයි. (නවතම තොරතුරු සඳහා පහත links වෙත යොමුවන්න)


 


මෙම තොරතුරු පත්‍රිකාව අවසන් වරට යාවත් කාලීන කරනු ලැබුවේ 12/01/2021 දිනය. 

ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම COVID-19 තොරතුරු පිළිබඳ සිංහල භාෂාවෙන් දැනගැනීමට  www.sbs.com.au/coronavirus වෙබ් අඩවියේ සිංහල භාෂා කොටස වෙත මෙතනින් පිවිසෙන්න.


 

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ආරක්ෂිත හා ඵලදායී COVID-19 එන්නත් ඉක්මනින් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කැපවී සිටී.

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ජාතික වශයෙන් ලබාදීමේ ක්‍රමෝපාය:

  • එන්නත් ලබාදෙන ප්‍රමුඛ ජනතාව සහ ඔස්ට්‍රේලියාවේ එන්නත් ලබා දෙන අදියරයන්
  • ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට, නිරෝධායන ක්‍රියාවලි සහ දේශ සීමා ආශ්‍රිතව කටයුතු කරන සේවකයින්ට සහ aged හා disability care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින්ට මෙන්ම ඒවායේ සේවය කරන සේවකයින්ට කොරෝනා එන්නත ලබා දීම පිළිබඳ විස්තර
  • ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා දෙන ආරම්භක ස්ථාන

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් පිළිබඳ සැලසුම මෙතැනින්

Australia’s COVID-19 Vaccine Roadmap
COVID-19 vaccine national roll-out strategy
Australian Government - Department of Health

කොරෝනා එන්නතේ මාත්‍රාව මුලින් සීමිත බැවින්, ප්‍රමුඛතා කණ්ඩායම් විසින් කොරෝනා එන්නත් ලබා ගැනීමේ ආරම්භක කාල පරිච්ඡේදයේදී ප්‍රථමයෙන් එම එන්නත් ලබා ගනු ඇත:

  • 1වන අදියර - Pfizer/BioNTech එන්නත: ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට, නිරෝධායන ක්‍රියාවලි සහ දේශ සීමා ආශ්‍රිතව කටයුතු කරන සේවකයින්ට සහ aged හා disability care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින්ට මෙන්ම ඒවායේ සේවය කරන සේවකයින්ට
  • 2වන අදියර - Pfizer/BioNTech එන්නත: වයස 70 ට වැඩි වියපත් වැඩිහිටියන්ට, සෙසු සෞඛ්‍ය සේවකයින්ට, වයස 55 ට වැඩි ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට, සෞඛ්‍ය ආබාධ සහිත තරුණ වැඩිහිටියන්ට, පොලිස්, ගිනි නිවීමේ සේවා, ආරක්ෂක, හදිසි සේවා සහා මස් සැකසුම් යන ඉහළ අවදානම් ක්ෂේත්‍ර වල සේවකයින්ට
  • 3වන අදියර - AstraZeneca සහ Novavax එන්නත්: වයස 50 ට වැඩි වැඩිහිටියන්ට, වයස 18 ට වැඩි ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට, අනෙකුත් තීරණාත්මක හා ඉහල අවදානම් සහිත සේවකයින්ට
  • 4වන අදියර - AstraZeneca සහ Novavax එන්නත්: ජනගහනයේ සෙසු වැඩිහිටියන්ට, මීට පෙර අදියරවල දී කොරෝනා එන්නතක් ලබා නොගත් ඔස්ට්‍රේලියානුවන්ට
  • 5වන අදියර - AstraZeneca සහ Novavax එන්නත්: නිර්දේශිත නම් වයස 18 ට අඩු ළමුන් සඳහා 

Covid-19 ආශ්‍රිත මානසික සෞඛ්‍ය සහාය

කොරෝනා වසංගතය හා ස්වයං නිරෝධායනය තුළ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සහ මග පෙන්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් "Head to Health" වෙබ් අඩවිය හරහා Covid-19 ආශ්‍රිත මානසික සෞඛ්‍ය සහයෝගය ලබා දී ඇත.

MBS හරහා මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සැලැස්මක් යටතේ සියලු සුදුසුකම් සහිත රෝගීන්ට මනෝ චිකිත්සකයින්, මනෝ විද්‍යාඥයින් සහ පවුලේ වෛද්‍යවරයා ගෙන් සෑම වසරකම Medicare සහන ලැබෙන මනෝ චිකිත්සක සැසි 10 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් එක් කර ඇත.

මූල්‍ය දුෂ්කරතා (Pandemic Leave Disaster Payment හෙවත් වසංගත නිවාඩු ආපදා ගෙවීම්)

ඔබ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ නම් පිවිසෙන්න Covid19 Money Smart වෙත හෝ අමතන්න National Debt Helpline - 1800 007 007.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ගෙවීම් සහිත වසංගත නිවාඩු සඳහා ඩොලර් 1,500 ක “ආපදා ගෙවීමක්” හඳුන්වා දී ඇත.

ස්වයං නිරෝධායනය වීම නිසා හෝ ස්වයං හුදකලා වීම නිසා හෝ COVID-19 වැළඳුනු පුද්ගලයෙකු රැක බලාගැනීම නිසා හෝ ආදායම අහිමිවූ සේවකයින්ට මෙම ගෙවීම සඳහා අයදුම් කළ හැකිය.

වැඩි විස්තර: https://www.servicesaustralia.gov.au/individuals/services/centrelink/pandemic-leave-disaster-payment

ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල වසංගත නිවාඩු ආපදා ගෙවීම් පිළිබඳ විස්තර පහත වෙබ් යොමු වලින් දැනගත හැකිවේ:

නිව් සවුත් වේල්ස්
වික්ටෝරියා
ක්වීන්ස්ලන්තය
දකුණු ඔස්ට්‍රේලියාව
ACT
බටහිර ඔස්ට්‍රේලියාව
ටස්මේනියා

COVID-19 පැතිරෙන්නේ කෙසේද සහ ඔබ එය වළක්වන්නේ කෙසේද?

මෙම වයිරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මේ ආකාර වලින් පැතිරිය හැකියි 

  • ආසාදිත පුද්ගලයෙකු අසල සිටීම හෝ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පෙන්වීමට පෙර ඔවුන් අසල ගැවසීමෙන්  

  • ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයෙකු කසින විට හා ක්විසුම් අරින විට ඔවුන් අසල සිටීමෙන්  

  • ආසාදිතයෙකුගේ කැස්ස හෝ කිවිසුම් නිසා අපවිත්‍ර වූ මතුපිට , එනම් දොර , මේස ආදිය ස්පර්ශ කොට ඔබේ මුහුණ අතින් ඇල්ලීම 

රෝගය පැතිරීම වැලක්වීමට ඔබට කල හැකි දේ:

මීටර් 1.5ක පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු අතර වර්ග මීටර් 4 කට එක පුද්ගලයකු බැගින්වූ නීතිය අනුගමනය කරන්න

ඔබ ආහාර ගැනීමට පෙර හා පසුවත් , වැසිකිලි යාමෙන් පසුවත් අත සොදින් සබන් හා ජලයෙන් සෝදා ගත යුතු වේ

ඔබ කසින හා කිවිසුම් යන විට ආවරණය කර ගත යුතු අතර එම tissue කඩදාසි ඉවත දැමිය යුතු වේ. එසේත් නැත්නම් ඇල්කොහොල් සහිත hand sanitizer එකක් භාවිතා කරන්න

ඔබ අසනීපයෙන් නම් අනෙක් පුද්ගලයින් ගෙන් ඇත්ව සිටින්න (අනෙක් පුද්ගලයින් ගෙන් මීටර් 1.5ක් දුරින් සිටින්න)

COVIDSafe app එක download කරගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සියලු වැසියන්ට යෝජනා කරයි.

 

ඔබ රෝග ලක්ෂණ මතුවේ නම් කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්න 

මෙම රෝග ලක්ෂණ ඉතා සුළු මට්ටමේ සිට නිව්මෝනියාව දක්වා වර්ධනය විය හැකියි.  Covid -19 රෝග ලක්ෂණ ඉන්ෆ්ලුඑන්සා රෝග ලක්ෂණ වලට සමාන විය හැකි අතර පහත සදහන් ඒවා විය හැකියි 
  • උන 
  • උගුරේ අසීරුතා 
  • කැස්ස 
  • මහන්සිය 
  • ශ්වසන අපහසුතා
  • නාසයෙන් දියර ගැලීම්, හිසරදය, මස්පිඩු හෝ සන්ධි වේදනාව, වමනය, අතීසාරය, ඔක්කාරය, ගඳ සුවඳ නොදැනීම, රස වෙනස් වීම, ආහාර අරුචිය සහ තෙභෙට්ටුව අනෙකුත් රෝග ලක්ෂණ ලෙස දැක්වේ.

සෞඛ්‍ය බලධාරීන් ඔබට නිවසේ සිට භාවිතා කළ හැකි COVID19 රෝග ලක්‍ෂණ Checker එකක් සකස් කර ඇත.

මේ සදහා නියම ඖශධයක් නැති අතර සහය දැක්වීමේ ප්‍රතිකාර ලබා දේ. ප්‍රතිජීවක ඖශධ වයිරස සදහා බල නොපායි.

ඔබට කොරෝනා රෝග ලක්ෂණ මතු වුවහොත් ඔබ කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය.

ඔබට රෝග ලක්ෂණ ඇති බව දැනුම් නොදී සෞඛ්‍ය මධ්‍යස්ථානයකට හෝ රෝහලකට නොයන්න.

ඔබ ඔබේ නිවසේම හෝ හෝටලයේ හෝ වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ හුදකලා විය යුතු අතර ඔබේ සාමාන්‍ය ජීවන රටාවට පිවිසීමට හැකි දිනය සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුම් දෙනු ඇත.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වගකිවයුතු පුද්ගලයෙකු සමග කතා කිරීමට අවශ්‍ය නම් 1800 020 080 යන දුරකතන අංකය ඔස්සේ ජාතික කොරෝනා වයිරස් සහය සේවය (National Coronavirus Helpline) අමතන්න. එම දුරකතන සේවාව සතියේ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මකය.

ඔබට කොරෝනා පරීක්‍ෂාව සිදුකරගත හැක්කේ කොතැනින්ද?

එක් එක් ප්‍රාන්තයේ හා ටෙරිටරියේ කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීමට පහත වෙබ් යොමු ක්ලික් කරන්න:

ඔබට COVID-19 වැළදී ඇති බවට තහවුරු වී ඇත්නම් ඔබේ වගකීම කුමක්ද?

ඔබට Covid -19 ආසාදනය වී ඇත්නම් ඔබ විසින් පහත දේවල් අනුගමනය කළ යුතුය:

  • පාසල්, සාප්පු , විශ්ව විද්‍යාල හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යාමෙන් වලකින්න
  • වෙනත් අයෙකුට ඔබට අවශ්‍ය ආහාර ආදිය ගෙනවිත් ඔබේ නිවසේ දොර අසල තබන ලෙස පවසන්න
  • සාමාන්යෙන් ඔබේ නිවසේ ඔබ සමග සිටින අය හැර වෙනත් අයෙකු නිවාස තුලට නොගන්න

වඩාත් අවධානමක් ඇත්තේ කාටද ?

මෙම වයිරසය ආසාධනය වන සමහර අයට කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වන අතර සමහරුන්ට සුලු රෝග ලක්ෂණ පෙන්වයි. නමුත් සමහර පුද්ගලයින්ට දැඩි ලෙස රෝග ලක්ෂණ ඇති විය හැකියි. මීට පෙර ඇති වූ කොරෝනා වයිරස අනුව පහත පුද්ගලයින්ට අවධානම් තත්වයක් ඇති විය හැකියි ,

  • ප්‍රතිශක්ති පද්ධතිය ට බලපෑම් ඇති රෝගීන් (පිළිකා රෝගීන් )
  • වැඩිහිටියන් 
  • නිදන්ගත රෝග වැඩිපුර ඇති ඇබෝරිජිනල් හා Torres දුපත් ජනයා 
  • නිදන්ගත රෝග ඇති පුද්ගලයින් 
  • කණ්ඩායමක් එක්ව වෙසෙන ලෙස සිටින පුද්ගලයින් 
  • රැදවුම් මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් 
  • ඉතා කුඩා දරුවන් හා ළදරුවන්

මේ අවස්ථාවේ කුඩා දරුවන්ට ඇති අවධානම හා ඔවුන් ඇති කරන බලපෑම් පිලිබදව තොරතුරු පැහැදිලි වී නොමැත. නමුත් දැනට කුඩා දරුවන් අතර මෙය වාර්තා වී ඇත්තේ අඩුවෙන් 

මුව ආවරණයක් (mask එකක්) පැළදිය යුතුද ?

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි දැන් මුව ආවරණ පැළඳීම නිර්දේශ කර හෝ අනිවාර්ය කර තිබේ.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ තත්ත්වයන් වෙනස් වුවහොත් මුව ආවරණ පැළඳීම පිළිබඳ උපදෙස් වෙනස් විය හැකිය.

එනිසා ඔබගේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ උපදෙස් සමඟ යාවත්කාලීනව සිටීම වැදගත්ය.

මුව ආවරණ පැළඳීම පිළිබඳ නවතම උපදෙස් මත යාවත්කාලීනව සිටීමට, ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නවතම නීති අනුගමනය කරන්න:

ඔබ මුව ආවරණයක් පළඳින විට එය මනාව පැළඳීම වැදගත් වේ:

  • මුව ආවරණය පැළඳීමට හෝ ගැලවීමට පෙර දෑත් සෝදන්න/ sanitise කරන්න
  • ඔබේ නාසය, මුඛය සහ නිකට පහලට වන තෙක් මුව ආවරණයෙන් හොඳින් ආවරණය විය යුතු අතර නාස් පොල්ලෙන් උඩට සහ ඔබේ මුහුණේ දෙපැත්තට එය හොඳින් සවිවී තිබිය යුතුය
  • පැළදීමේදී සහ ගැලවීමේදී ඔබේ මුව ආවරණයේ ඉදිරිපස ස්පර්ශ නොකරන්න
  • ඔබේ ගෙල ප්‍රදේශයේ හෝ නාසයට පහළින් මුව ආවරණය එල්ලීමට ඉඩ නොතබන්න
  • එක් වරක් පැළඳිය යුතු මුව ආවරණ නැවත භාවිතා නොකරන්න; නැවත නැවත භාවිතා කළ හැකි මුව ආවරණ භාවිතා කළ පසු හොඳින් සෝදා වේලා පිරිසිදු වියළි ස්ථානයක ගබඩා කරන්න

ඔස්ට්‍රේලියාවට පැමිණීම හා යාම

ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ට ප්‍රාන්ත සීමාවන් වසා දැමීම වැනි තමන්ට අනන්‍ය වූ නීති හා සීමාවන් පැනවිය හැකිය.

අනිවාර්ය දත්ත එකතු කිරීම

කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාමේ ප්‍රාන්ත හා ටෙරිටරි වල කාර්ය බාරයට සහය වීමක් වශයෙන් 2020 ඔක්තෝබර් 01 වන දින සිට දේශීය ගුවන් ගමන් වල (domestic flights) ගමන් කරන සියලු ගුවන් මගීන් ගේ තොරතුරු අනිවාර්යෙන් එකතු කරගැනේ.
එහිදී අදාළ ගුවන් මගියා ගේ නම, ඊමේල් ලිපිනය, ජංගම දුරකතන අංකය සහ පදිංචි ප්‍රාන්තය යන තොරතුරු ලබා දිය යුතුය.

 

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ජාතික මූලධර්ම

පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ජාතික කැබිනට් මණ්ඩලය මූලධර්ම ගණනාවක් එළිදක්වා තිබේ.

තමන් අසනීප තත්ත්වයෙන් පෙළෙන විට පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් නොයාම, රියදුරු සහ අනෙක් මගීන් සමග පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම, අත්පිට මුදල් හුවමාරු නොකිරීම වැනි ක්‍රියා මෙහිදී අනුගමනය කළ යුතුය.

 

සංචාරක සීමා කිරීම් 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගී ගුවන් ගමන් වලට තාවකාලිකව සීමා පනවා ඇති අතර ඒවා නිරන්තරයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සමාලෝචනය කරනු ලැබේ.

මෙය ඔබගේ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ ගමනට බලපායි. ඔබ ඉදිරි සති වලදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට සැලසුම් කර ඇත්නම් ඔබේ ගුවන් ගමන් හෝ සංචාරක නියෝජිතයා සමඟ ඔබගේ ගමන් විස්තර සහ සංචාරක සැලසුම් තහවුරු කරගන්න.

ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.smartraveller.gov.au/COVID-19/trying-get-home#caps

නිරෝධායන කටයුතු හා කොරෝනා පරීක්ෂාවන් වල අවශ්‍යතාව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව පහත පරිදි වෙනස්වේ.

නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
වික්ටෝරියා අවසර පත්‍ර, විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු

  • COVID-19 නීති හා සීමාවන් නිසා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විදෙස් ගත විය නොහැක.

කෙසේවෙතත්, ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online අයදුම් කළ යුතුය.

  • මානුෂීය ආධාර වැනි කොරෝනා වසංගතයට යම් අන්දමක ප්‍රතිචාර දැක්වීම සඳහා ඔබේ සංචාරය වැදගත් වනවානම්;
  • තීරණාත්මක කර්මාන්ත හා ව්‍යාපාර කටයුතු සඳහා ඔබේ සංචාරය අත්‍යවශ්‍ය නම්;
  • ඔබ සංචාරය කරන්නේ ඕස්ට්‍රේලියාවේ නොමැති හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නම්;
  • ඔබ සංචාරය කරන්නේ හදිසි සහ නොවැලැක්විය හැකි පුද්ගලික කටයුත්තකට නම්;
  • ඔබ සංචාරය කරන්නේ සානුකම්පිත හෝ මානුෂීය හේතු මත නම්
  • ඔබේ සංචාරය ජාතික අවශ්‍යතාවයන් සඳහා නම්.

ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට ඇති කොන්දේසි පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න.


රජයේ තොරතුරු

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය COVID-19 කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට Government response වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න.

ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි දුර විස්තර ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියානු සමාජය පිළිබඳ ඔබේ භාෂාවෙන් තොරතුරු ලබාගැනීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේතු වෙබ් අඩවියට පිවිසෙන්න.


ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම පුද්ගලයින් අනෙක් උදවිය සමග මීටර් 1.5 ක දුරස්තභාවයකින් සිටිය යුතුය. ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ජනයා ඒක රාශි වීම් පිළිබඳ ඇති නීති සඳහා ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ කොරෝනා නීති පරීක්ෂා කරන්න.

ඔබ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, නිවසේ රැඳී සිටිමින් ඔබේ වෛද්‍යවරයා අමතා පරීක්ෂණයක් සිදුකරගැනීමට ක්‍රමයක් සකස් කරගන්න, නැතිනම් 1800 020 080 අංකයෙන් කොරොන වයිරස් සෞඛ්‍ය තොරතුරු ඇමතුම් අංකයට සම්බන්ධ වන්න.

කොරෝනා වයිරසය හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ තොරතුරු භාෂා 63 කින් www.sbs.com.au/language/coronavirus වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

කරුණාකර ඔබගේ ප්‍රාන්තය හෝ භූමිය සඳහා අදාළ මාර්ගෝපදේශ මෙතනින් පරීක්ෂා කරගන්න: වික්ටෝරියා ප්‍රාන්තයනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයක්වීන්ස්ලන්ත ප්‍රාන්තයදකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයබටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටස්මේනියා ප්‍රාන්තයNorthern TerritoryAustralian Capital Territory


 

Source Australian Government Department of Home Affairs