2021 නොවැම්බර් 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.
Highlights
- ළදරුවෙකු ඇතුළුව අලුතින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග දෙසැම්බර් 4 දක්වා Northern Territory හි lockdown කිරීම පවතිනු ඇත.
- ක්වීන්ස්ලන්තය 90% එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගන්නා තෙක් සිඩ්නි වෙත කෙරෙන ඉක්මන් සංචාර ප්‍රශ්නයක් නොවේ යයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.
- දේශීය සංචාරකයින් සඳහා සිදුකරන කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය නැවත සකස් කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉල්ලා සිටී.
- නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT සංචාරකයින් සඳහා නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට දකුණු ඕස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි. පසුගිය සිකුරාදා පස්වරුවේ සිට EntryCheck වෙබ් අඩවිය හරහා සංචාරකයින් 43,000ක් මේ සඳහා අයදුම් කර ඇත.
- 80% ට වඩා අඩු කොවිඩ් එන්නත් අනුපාතයක් සහ තවමත් කොවිඩ් වයිරසය ප්‍රජා සම්ප්‍රේෂණය වීමක් ඇති නගර සභා කලාපවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තවමත් නිරෝධායනය වීම අවශ්‍යවේ.
COVID-19 සංඛ්‍යා දත්ත
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 827 ක් සමග කොවිඩ් මරණ 19 ක් වාර්තා වේ. එයින් 17 ක් කොවිඩ් එන්නත නොලද පුද්ගලයින් වේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 173 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ
මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 19 ක් වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool