2021 ජූලි 22 වනදා ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 124 ක් හමු වී තිබේ.
එමගින් ආසාදිතයින් 87 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට ඇති අතර ඔවුන්ගෙන් ආසාදිතයින් 30 දෙනෙකු Fairfield ප්‍රදේශයෙන් හමුව තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.
මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 30 වැනි සිකුරාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.
වික්ටෝරියා ප්‍රාන්තය
පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙන් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වූ අතර මෙම වාර්තා වීම ප්‍රාන්තය තුල Delta ප්‍රබේදය හේතුවෙන් දිනකදී වාර්තා වූ ඉහළතම ආසාදිතයින් සංක්‍යාව වේ.
මේ වනවිට ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 146 දෙනෙකු සිටී.
මෙම ආසාදිතයින්ගේ සමීපතමයින් 18,000ක් පමණ මේ වනවිට නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.
එමෙන්ම ප්‍රාන්තය තුල අවදානම් සහිත ස්ථාන සංක්‍යාව මේ වනවිට 380 ඉක්මවා තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සහ වාර්තා වූ සිදුවීම් පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුවට පිවිසෙන්න.
මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක lockdown තත්වය ජුලි මස 27 වැනි අඟහරුවාදා රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වේ.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :
- දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වනවිට එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංක්‍යාව 14 දක්වා ඉහල ගොස් තිබේ.
- ජුලි මස 23 වැනිදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ සඳහ සිය දේශසීමා වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තීරණය කොට තිබේ.
- පළමු AstraZeneca එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් අනතුරුව හටගත් thrombocytopenia syndrome තත්වය මත 40 හැවිරිදි ටස්මේනියානු පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Eid al Adha උත්සවය අද සිට ආරම්භ වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.
- නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම
- විශාල එක්වීම් අවලංගු කිරීම
- මුහුණු ආවරණ පැළඳීම
- යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න