Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

COVID 19 update 21 September: කොවිඩ් නීති මැද මිතුරන් හමුවීමට NSW ප්‍රාන්තයෙන් “friends bubble” එකක්

Friends and families gather for picnics at Cremorne Point on 17 May, 2020 in Sydney, Australia. Source: Getty Images AsiaPac

2021 සැප්තැම්බර් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Highlights

  • NSW ප්‍රාන්තයේ Byron, Kempsey සහ Tweed කලාප යළි lockdown කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 6,000 ක් සිටී.
  • මානසික සෞඛ්‍ය සේවා සඳහා ACT රජය අමතර මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට නිවේදනය කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,022 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 10 ක්ද වාර්තා වේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 53% ක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර අද පස්වරු 5 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Byron Shire, Kempsey සහ Tweed නගර සභා කලාප 7 දින කට යළි lockdown කෙරේ.

සිඩ්නි නුවර සිට කොවිඩ් ආසාදිතයෙකු නිව් සවුත් වේල්ස් උතුරු වෙරළ තීරයේ ප්‍රජාවන් කිහිපයක් වෙත පැමිණීම ඊට හේතුව වේ.

තවද අද සිට වයස අවුරුදු 18 ට අඩු ළමුන් තිදෙනෙකුගේ කණ්ඩායමකට තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත එකම නගර සභා කලාපයක පිහිටි ඔවුන්ගේ නිවෙස්වලට එකිනෙකාට යාමට අවසර ලැබේ.

මෙය "friends bubble" හෙවත් "මිතුරු බුබුලක්" ලෙස හඳුන්වන අතර එසේ කිරීමට ඉඩ ඇත්තේ ඒ ළමුන් තිදෙනාගේම නිවෙස්වල වැඩිහිටියන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇත්නම් පමණි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown නීති නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින තාවකාලික වීසා ලාභීන්ට සහ වීසා නොමැති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයෙන් එකවරක් පමණක් ලබා දෙන ආර්ථික සහන දීමනාවක් ලබාදේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 603 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් ගණනාවක් කොවිඩ් ආසාදිතයින් වීම හේතුවෙන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය, Geelong, Surf Coast, Ballarat සහ Mitchell Shire යන කලාපවල ඉදිකිරීම් කර්මාන්තය සති දෙකක් සඳහා වසා දමා ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 403 ක් වන අතර ඔවුන් ඉදිකිරීම් වැඩබිම් 186 කට සම්බන්ධ බව සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයට Moderna එන්නත් මාත්‍රා 300,000 කට වඩා ලබා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැරසේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 16 ක් වාර්තා වේ.

මේ අතර ACT සඳහා මානසික සෞඛ්‍ය, මධ්‍යසාර සහ වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉවත් කරනා සේවාවන් සඳහා ආධාර කිරීමට ඩොලර් මිලියන 14 ක අතිරේක අරමුදල් ලබා දෙන බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Domestic violence during COVID-19 pandemic
Domestic infographic
SBS

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

This story is also available in other languages.