Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හමුවේ නිවසේ සිට අධ්‍යාපනය ලබන දරුවන් සදහා ලබා ගත හැකි සහය මෙසේයි

Term 2 has commenced while the debates on school safety amid the COVID-19 intensifies. Source: GettyImagesImgorthand

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විසින් පාසල් විවෘත කිරීමට උපදෙස් ලබා දුන්නද තවමත් නිවසේ සිට පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමට බොහෝ දෙමාපියන් කටයුතු කරමින් සිටී. ඒ සදහා විවිධ පහසුකම් රජය විසින් ලබා දී තිබේ.

බ්‍රිස්බන් නුවර Mona Perez පසුගිය පාසල් වාරය අවසන් වීමට සති තුනකට පෙර සිටම කොරෝනා වසංගතය නිසා ඇගේ  10 හැවිරිදි දියණිය පාසලින් ඉවත් කර නිවසේ සිටීමට කටයුතු කළා. ඇගේ සැමියාගේ රැකියා ස්ථානයත් නිවසේ සිට රාජකාරී කරන නිසා සියලු දෙනා නිවසේ සිටීමෙන් ආරක්ෂාව ලැබෙන බව ඇය පවසනවා.

 

නමුත් ඒ දිනවල අනෙක් දරුවන් පාසල වෙත ගිය නිසා නිවසේ සිට අධ්යාපනය ලබා දීමේදී ඇයට කිසිදු සහයක් ලැබී නැහැ. ඒ නිසා ඇය ඒ හා සම්බන්ධ වීඩියෝ ආදී විවිධ කරුනු සොයා බලමින් සිට තිබේ.

Home schooling
GettyImagesmartinedoucet

TutorYourOwnChild.com හි අධ්‍යාපන උපදේශකවරියක් වන Tamara Kidd වසර 14ක් ඇගේ දරුවන් ට නිවසේ සිට අධ්‍යාපනය ලබා දී තිබේ. ඇය පවසන්නේ පාසල් පද්ධතියට දරුවන් ඇතුලත් නොකර homeschooling ක්‍රමය නොව මෙය තාවකාලිකව දරුවන් නිවසේ සිට අධ්‍යාපනයට යොමු කර ගත යුතු බවයි. ඇය පවසන්නේ මේ අනුව දැන් දෙමාපියන් බොහෝ විට tutor මට්ටමට වැටී ඇති බව. එසේම මෙහිදී පාසලේ මෙන් 9 සිට 3 දක්වා වූ පාසල් කාලයම අනුගමනය නොකෙරෙන බවත් ඇය පවසනවා.

මන්ද පාසල් වලත් දිවා ආහාරයට පැයක් හා අනෙකුත් රැස්වීම් වලටත් කාලයක් වෙන් වන විට පැය 2-3ක් පමණක් අධ්‍යාපනය ලබා දෙන බව ඇය පවසනවා.

Kidd මහත්මිය පවසන්නේ කුඩා දරුවන් ට උදැසන පාසල් වැඩ කටයුතු කිරීමට සැලැස්වීමත්, නව යොවුන් වියේ දරුවන් ගේ ශාරීරික වර්ධනය් සිදු වන වයස බැවින් ඔවුන්ට පමා  වී අවධි වී පාසල් කටයුතු සිදු කිරීමට අවස්තාව ලබා දෙන ලෙස. ඔවුන් දවසේ කාර්යශීලී පැය 3දී පමණ එසේ අධ්‍යාපනය සදහා යෙදවිය යුතු බව ඇ පවසයි

 


Home schooling
GettyImagesKlaus Vedfelt

සංචාරක ලේඛකයෙකු හා චායාරුප ශිල්පියෙකු වන Cool Australia ලාබ නොලබන ආයතනයේ Jason Kimberley පවසන්නේ එම ආයතනය විසින් 90%ක් ඕස්ට්‍රේලියානු ගුරුවරුන්ට හා දෙමාපියන්ට අධ්‍යාපනය සදහා අවශ්‍ය සම්පත් ලබා දෙන බවයි.

එසේම ඔවුන් සාමාජීය කුසලතා පිලිබදව වැඩි අවධානයක් යොමු කරන අතර ගණිතය, ඉංග්‍රීසි , විද්‍යාව වැනි විෂයන්ගෙන් එවන් ආත්ම විශ්වාසය ගොඩ නැගීම සිදු නොවන බවත් ඔහු පවසනවා.

 

සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රම මෙම covid 19 තත්වය නිසා ඉවත් වන නිසා දෙමාපියන් ධනාත්මකව සිතිය යුතු බවත් , ඉගෙනීමේ අවකාශයක් දරුවන්ට සාදා දෙන ලෙසත් ඔහු පවසනවා. ඔවුන් ට පාසල් නිල ඇඳුම අන්දවා දවස සැලසුම් කිරීමෙන් ඔවුන්ට ඉගෙනීමටත් ඔවුන්ගේ ව්‍යායාම ආදිය සදහාත් කාලය වෙන් කිරීමට කටයුතු සිදු කල හැකියි

 

Southern Migrant and Refugee Centre හි Ramesh Kumar පවසන්නේ එම ආයතයේ සහය පතන බොහෝ සංක්‍රමණිකයින් මේ වසංගතය හේතුවෙන් රැකියා අහිමි වීම , සාමාජියව දුරස්ථ වීම හා නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය නිසා අභියෝග වලට මුහුණ දී ඇති බවයි.

එසේම ඔවුන්ගේ නිවෙස් වල දරුවන් 4 දෙනෙකු සිටී නම් ඔවුන්ට අවශ්‍ය ඉඩ නැති වීමත් , සියලු දෙනාට laptop ආදිය නොමැති වීමත් නිසා ද, වැඩිමහල් සිසුන්ට වැඩි කාලයක් අධ්‍යාපනයට යොමු කිරීමට සිදු වීමත් ඔවුන්ට බාල සොහොයුරු සොයුරියන්ට උපකාර කිරීමට සිදු වීම නිසාත් වැඩි ආතතියක් පැටවෙනවා.


Online learning
GettyImagessvetkid

මෙම සංවිධානය South East Community Links නම් සංවිධානය සමග එක් ව කටයුතු කිරීම තුලින් මෙම ශිෂ්යනට නිවෙස් වල ඉගෙන ගැනීම සදහා පාසල් වලට සහය දීමට කටයුතු කර තිබේ.

එසේම දෙමාපියන්ට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නම්, හා ඔවුන්ට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන පද්ධතිය පිළිබද අවබොධයක් නොමැති නම්  මෙහිදී ගැටළු ඇති විය හැකියි.

Kumar පවසන්නේ අවාසනාත්මක ලෙස සංක්‍රමණික දරුවන්ට අනෙක්   දරුවන් මෙන් මුළු කාලයම අධ්‍යාපනය වෙනුවෙන් ගත කිරීමට අපහසු බවයි . විශේෂයන්ම සංක්‍රමණික දරුවනට නිවසේ වැඩ කටයුතු වලට සහය දීමට, centrelink වැනි ආයතන වලට යන දෙමාපියන්ගේ  භාෂා පරිවර්තන සහය ලබා දීම, online බැංකු කටයුතු ආදිය සදහා සහය දීමට ආදී දේ සදහා කාලය යෙදවීමට සිදුවන බවත් ඔහු පවසනවා.

 

Southern and Migrant Refugee Centre විසින් homework support program මගින් ඉංග්‍රීසි කතා නොකරන පසුබිමකින් පැමිණි සිසුන්  වෙනුවෙන් සහය සේවාවක් සිදු කරයි . එහි උපදේශකයින් ද ඒ හා සමාන පසුබිමකින් පැමිණීම වැදගත්

 


Home schooling
Getty Images

එහි සේවය කරන විශ්‍රාම ගත ගණිත ගුරුවරයෙකු වන Walter Valles පවසන්නේ දිගු කලක් ඔහු ස්වේච්චාවෙන් එසේ දරුවන්ට උපදේශන කල බවයි. ඔහුද දැන් zoom තාක්ෂනය ඔස්සේ නිවසේ සිට එම ඉගැන්වීම සිදු කරනවා. ඔහු පවසන්නේ එම සංක්‍රමණික හා සරණාගත පසුබිමකින් පැමිණෙන දරුවන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව ඔහු දිරිමත් කරන බව.

නිව් සවුත් වේල්ස් හි පාසල් දරුවන් මැයි 11 වැනිදා සිට , 11 වසර සිසුන්ගෙන් පාසලේ සිට අධ්‍යාපනය ආරම්භ කරනු ඇති.

බටහිර ඕස්ට්‍රේලියාවේ දැනටමත් දෙමාපියන්ට අවශ්‍ය නම් දරුවන් පාසල යැවිය හැකියි. වික්ටෝරියා

. වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට දෙමාපියන්ට හැකිනම් දරුවන් නිවසේ තබා ගෙන අධ්‍යාපනය ලබා දෙන ලෙසට ඉල්ලුම් කර ඇති අතර , ටස්මෙනියාවේ ද හැකිනම් නිවෙස් වල සිට අධ්‍යාපනය ලබා දීමට සිදු වනු ඇති.

දකුනු ඕස්ට්‍රේලියාවේ දැන් කොරෝනා ආසාධන අඩු නිසා ඔවුන්ට පාසල් පැමිණීමට උපදෙස් දී තිබේ. ක්වීන්ස්ලන්තයේ 1 වසර , 11 හා 12 වසර වල දරුවන්ට මැයි 11 පාසල් ආරම්භ වන අතර 2 වසර සිට 10 වසර දරුවන් හැකිනම් නිවසේ සිට අධ්‍යාපනය ලබනු ඇති. ACT හි පාසල් දුරස්ථ ක්‍රමයට ආරම්භ වුවද අතවශ්‍ය සේවාවල දෙමාපියන්ගේ දරුවන් සදහා පාසල් 9ක් විවෘතව ඇත

 

පහත වෙබ් අඩවි ලින්ක් තුලින් ඔබට අදාළ ප්‍රාන්ත වල පාසල් අධ්‍යාපනය පිළිබද තොරතුරු ලබා ගත හැකියි. 

https://www.education.act.gov.au/public-school-life/remote-learning-in-term-2-2020

https://www.education.act.gov.au/schooling/learning-resource-library

NSW

https://education.nsw.gov.au/teaching-and-learning/learning-from-home/wellbeing-at-home/parents-and-carers

Northern Territory

https://education.nt.gov.au/publications/information-for-term-2-2020?SQ_VARIATION_814972=0

Queensland 

https://education.qld.gov.au/curriculum/learning-at-home

South Australia

https://www.education.sa.gov.au/teaching

Tasmania

https://www.education.tas.gov.au/learning-at-home/

Victoria:

https://education.vic.gov.au/parents/learning/Pages/home-learning.aspx

 

 

Western Australia:

https://www.education.wa.edu.au/learning-at-home

 

 

s
sbs sinhala

 

This story is also available in other languages.