Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ඒජන්තවරුන් ගේ සේවය ලබා ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණු

Source: Getty Images/Weekend Imaes

ඔස්ට්‍රේලියාව තුල ජීවත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සදහා බොහෝ පුද්ගලයින් සන්ක්රමනික ඒජන්ත වරුන්ගේ සහය ලබා ගත්තද ඒ සියලු ඒජන්ත වරුන් විශ්වාස කිරීම අපහසු බවයි වාර්තා වන්නේ.

සැලකිලිමත් විය යුතු කරුණු 

  • ලියාපදිංචි සංක්‍රමණ ඒජන්තවරු නීතිමය කරුණු පටිපාටියක් අනුව කටයුතු කරයි
  • ඔබ යම් වංචාවකට හසු වී ඇත්නම්  Border Watch Online Report ඔස්සේ පැමිණිලි කල හැකියි
  • විදේශයන්හි ඒජන්තවරු ඕස්ට්‍රේලියානු නීතියට යටත් නොවේ.

කොන්ගෝ සිට පැමිණි සරණාගතයෙකු වූ පසුබිමක් ඇති සංක්‍රමණික ඒජන්තවරයෙකු වන Blaise Itabelo පවසන්නේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය සදහා අයදුම් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඉංග්‍රීසි භාෂා දැනුම ඇති පුද්ගලයින් ට තමන් විසින් ම ඉල්ලුම් කිරීමේ හැකියාවක් තිබුනද , ඒජන්තවරයෙකුගේ සහය ලබා ගැනීමේ වටිනාකමක් තිබෙන බවයි.

Refugee Advice and Casework Service (RACS) නම් ආයතනය විසින් අපහසුතා වලට මුහුණ දී ඇති සරණාගත ජනයාට නොමිලේ නීතිමය උපදෙස් ලබා දේ.

එහි ප්‍රධාන නීතීඥ Sarah Dale පවසන්නේ යම් හෙයකින් වීසා ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වුව හොත් Immigration Assessment Authority (IAA) වෙත එය නැවත සලකා බැලීමට යොමු වන අතර එයින්ද ප්‍රතිපලයක් නොලැබේ නම් Administrative Appeals Tribunal (AAT)වෙත එය යොමු කල හැකි බව. නමුත් එම සංවිධාන සියල්ල දෙපාර්තමේන්තුවේ තීරණයට එකග නම්, අධිකරණ මට්ටම් 3ක් ඔස්සේ නීතිමය සහය ඔබට ලබා ගත හැකියි.

Migration agent at work
Credit: Getty Images/Artem Peretiatko

ඔස්ට්‍රේලියාව තුල 2019 දෙසැම්බර් 31 වැනිදා සිට ලියාපදිංචි සංක්‍රමණික ඒජන්තවරු 7249ක් සිටින අතර එයින් 30%ක් නීතිඥවරු වේ.

මෙම ඒජන්ත වරුන් යටත් වන්නේ OMARA හෙවත්  Office of the Migration Agents Registration Authority නම් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ වූ ආයතනය මගිනි. මැතකදී සිදුවූ නීතිමය වෙනස්කම් අනුව නීතිඥයන්ට සංක්‍රමණික ඒජන්ත වරුන් ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය නොවන බවද වාර්තා වේ.

ලියාපදිංචි සංක්‍රමණික ඒජන්තවරියක වන Johanna Nonato පවසන්නේ ලියාපදිංචි ඒජන්තවරුන් නීත්‍යානුකුල ලෙස කටයුතු කරන අතර එසේ ලියාපදිංචි නොවූ ඒජන්තවරුන් නීත්‍යානුකුල නොවන බවයි.

එසේම තවත් සමහරුන් ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථිර වශයෙන් පොරොන්දු වන අවස්ථාත් ඇති බව වාර්තා වේ. Johanna  පවසන්නේ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සදහා වීසා ලබා ගැනීමට  කුසලතා ලයිස්තුවේ එම රැකියාව අයත් විය යුතු බවයි. නමුත් එම ඒජන්තවරුන් ඔබව රවටා ඔබට සංචාරක වීසා ලබා දෙන අතර එම වීසා කාණ්ඩය යටතේ ඔබට රැකියා කිරීම නීත්‍යානුකුල නොවේ


Family reunion at airport
Getty Images/michaeljung

Dale පවසන්නේ ලියාපදිංචි ඒජන්තවරුන් විසින් ලබා දෙන සේවා පිළිබද තොරතුරු සෙවීම වැදගත් බව. නමුත් කිසිදු ඒජන්තවරයෙකුට ඔබේ වීසා පිළිබද සහතික විය නොහැකි අතර එය කල හැකි වන්නේ සංක්‍රමණික අමාත්‍යවරයාට පමණි .

Itabelo පවසන්නේ වංචාකාරී ආයතන ඔබෙන් වැඩිපුර හා අඩුවෙන් මුදල් අය කරන බවයි.  වෙබ් අඩවියෙන් OMARA එම ඒජන්ත වරුන් ලියාපදිංචි ද යන බව ඔබට තහවුරු කර ගත හැකියි.

එසේම ඔවුන් නීත්‍යානුකුල ලෙස ඔබ සමග ගිවිසුමකට අත්සන් කරනු ඇත. නමුත් නීත්‍යානුකුල නොවන ඒජන්තවරුන් එසේ නොකරන බවද සදහන්.

එසේම OMARA ආයතනය මගින් එම ඒජන්තවරුන් අය කර ගන්නා ගාස්තු ද පරීක්ෂා කෙරේ. එම අය කිරීමද නීති පටිපාටියකට අයත්ව සිදු වන අතර ඒ සම්බන්ධයෙන් වාර්ෂිකව පුහුණුවීම් ද සිදු වන බව Johanna පවසයි. නමුත් විදේශයන්හි සිටින ඕනෑම අයෙකුට වැරදි තොරතුරු පැවසිය හැකි බවද වාර්තා වේ.

RACS හි Dale පවසන්නේ මෙවන් අවස්තාවක OMARA ආයතනයේ Legal Services Commissioner හට  පැමිණිලි කල හැකි බවයි.


Asylum seekers on Manus Island
AAP Image/Eoin Blackwell

නමුත් OMARA ආයතනයට විදේශයන්හි වංචාසහගත ක්‍රියා වලට එරෙහිව කටයුතු කිරීමේ බලයක් නොමැත. 70%ක් පමණ ඉදිරිපත් වන පැමිණිලි වලට අවශ්‍ය තරම් සාක්ෂි නොමැති අතර එසේත් නැත්නම් එම ආයතන විදේශයන්හි පිහිටා තිබේ.

Johanna Nonato පවසන්නේ මුලික ඒජන්ත හමුවීම සදහා සාමාන්යෙන් ඩොලර් 100-300ත් අතර ගාස්තුවක් අය  වන අතර එයට ඔබ හමුවන ඒජන්තවරයා නීතිඥවරයෙකු නම් වැඩි ගාස්තුවක් අය වනු ඇති. ස්ථිර පදිංචිය සදහා ඩොලර් 3000-5000ක් වැනි ගාස්තුවක් අය කෙරෙන අතර ඒ සදහා වසර 2ක පමණ කාලයක් වැය විය හැකියි. ශිෂ්‍ය වීසා සදහා අධ්‍යාපන ආයතන විසින් සංක්‍රමණික උපදෙස් ලබා නොදෙන නිසා ඒ හා සම්බන්ධව ඔවුන් ගාස්තුවක් අය නොකරයි.

සමහර  ලියාපදිංචි සංක්‍රමණික ඒජන්තවරුන්  ඒ ආර්ථික ගැටළු ඇති පිරිසගෙන් ගාස්තු සදහා යම් සහන ලබා දේ .

 


Australian citizenship ceremony
Credit: AAP Image/Dan Peled

මෙම ලිපියේ අඩංගු වන්නේ සාමාන්යෙන් ඔබට වැදගත් වන කරුණු බැවින් විශේෂ අවශ්‍යතා පිලිබදව නීතිමය සහය ලබා ගන්න.

s
sbs sinhala

This story is also available in other languages.