Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී 'ආදිවාසි වාසභූමි' පිළිබද දැනුවත් වන්න: NAIDOC සතිය වෙනුවෙන් SBS සිංහල සේවය වෙතින්

Aboriginal Heritage walk, Ku-ring-gai Chase National Park, NSW. Source: NSW Dept of Planning, Industry and Environment

NAIDOC සතිය යනු ඕස්ට්‍රේලියානු දින දර්ශනයේ කැපී පෙනෙන සිදුවීමකි. ආදිවාසී සහ ටොරස් දුපත් වැසියන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ හඳුනා ගැනීම සඳහා සෑම ජූලි මාසයකම NAIDOC සතිය සැමරේ.

NAIDOC

NAIDOC යනු National Aboriginal and Islanders Day Observance Committee හෙවත් ජාතික ආදිවාසී සහ දූපත් වැසියන් දින නිරීක්ෂණ කමිටුවේ සංක්ෂිප්තයකි. ආදිවාසී සහ ටොරස් strait  වැසියන්ගේ සතියක සැමරුමක් බවට පත්වීමට පෙර එය ආරම්භ වූයේ ශෝක දිනයක් වශයෙනි.

NAIDOC සතිය 2021 ජූලි 4-11 සිට සමරනු ලැබේ. මේ වසරේ තේමාව, රට සුවපත්  කරන්න (Heal Country) යනුවෙන් වේ . සාම්ප්‍රදායික අයිතිකරුවන්ගේ සංස්කෘතික උරුමයන් සමඟ තදින් බැඳී ඇති පරිසරය සහ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමේ පණිවිඩය මෙමගින් ලැබේ.

වික්ටෝරියානු NAIDOC කමිටු ප්‍රධානී Wurundjeri හා  Dja Dja Wurrung කාන්තාවක් වන ස්ටේසි පයිපර් පවසන්නේ මෙම සැමරුම් වල ආරම්භය සතුටුදායී නොවන බවයි. ප්‍රජාව මුහුණ දුන් අසාධාරනකම් මත ඒවා ආරම්භ වී ඇති බව ඇය පවසයි.

boulder on top of Cypress Pine Lookout at Namadgi National Park
A boulder on top of Cypress Pine Lookout at Namadgi National Park.
Getty Images/Jonathan Steinbeck

රට සුවපත් කිරීම :ගෞරව දැක්වීම 

රට සුව කිරීම යනු භූමිය පිළිබඳ වගකීම භාර ගැනීම හා ඒ හා සම්බන්ධ සෑම දෙයකටම ගෞරවය දැක්වීම ය. සියලු ජීවීන්, අධ්‍යාත්මිකභාවය, අනන්‍යතාවය, කථා සහ විශ්වාසයන් හා  වසර දහස් ගණනක් පුරා සිදු වූ සාම්ප්‍රදායික ඉඩම් කළමනාකරණ පිළිවෙත් හඳුනා ගැනීම, රට රැකබලා ගැනීම ගැන එමගින් සදහන් වේ.

ස්ටේසි පයිපර් පැහැදිලි කරන පරිදි, රට රැකබලා ගැනීම යනු සැලකිය යුතු ආදිවාසී ජනාවාස  වලට මිනිසුන්ගේ ප්‍රවේශය සීමා කිරීමෙන් පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමයි.

රට පුරා බොහෝ ප්‍රජාවන් කිසියම් ආදිවාසී අඩවියක් නැරඹීමට පෙර ඒ පිලිබදව සොයා බැලිය යුතුයි. මන්ද එය වටා යම් තහනමක් පැනවිය හැකිය, එය පිරිමි අඩවියක් විය හැකිද, නැතහොත් එය කාන්තා අඩවියක් විය හැකිද? ශෝකය පල කරන ස්ථානයක් වන්නටද ඉඩ ඇත.

රට සුවපත් කිරීම :ගවේෂණය කිරීම 

වොලී බෙල් යනු කැන්බරා කලාපයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට  කටයුතු කරන නනවල්  මිනිසෙකි. සාම්ප්‍රදායික භාරකරුවෙකු ලෙස ඔහු සැලකිය යුතු ස්ථාන කිහිපයක් වටා ඇති සංස්කෘතික භාවිතයන් නිරීක්ෂණය කිරීම පිළිබද වැදගත් කම ප්‍රකාශ කරයි.

"ඉතින් මම නනවාල්  මිනිසෙකු බැවින් මට Ainsli කන්දට ඇතුළු වීමට කිසිසේත් අවසර නැත. මට එහි පාමුල වටා ගමන් කළ හැකිය, නමුත් කාන්තාවන් එයට කරන රහසිගත පූජනීය දේවල් නිසා මම එයට නොයමි. මට ඒ ගැන කිසිවක් දැන ගැනීමට අවසර නැත" ඔහු පවසයි

කැන්බරා කලාපය තුල සැලකිය යුතු ආධිවාසි භුමි  දහස් ගණනක් ඇති කරන අතර ඒ බොහොමයකට  මහජනයාට ප්‍රවේශ විය හැකිය.

නිදසුනක් ලෙස, නාමඩ්ගි ජාතික වනෝද්‍යානයේ ඇති පාෂාණ කළා නිර්මාණබුෂ් වෝකිං වලට කැමති අයට දැක බලා ගැනීමට හැකි වේ



A man rests on his bike (C-below), as he
Kings Park in Perth is an important cultural area where you will find the Boodja Gnarning Walk.
GREG WOOD/AFP via Getty Images

සිඩ්නි නගරයට  කිලෝමීටර් 25 ක් උතුරින් කු-රින්ග්-ගයි චේස් ජාතික උද්‍යානය පිහිටා ඇත. හඳුනාගත් ආදිවාසී අඩවි 350 ක් එහි පිහිටා ඇත , එය ඕස්ට්‍රේලියාවේ වාර්තා වන වැඩිම ආදිවාසි භුමි වලින්  එකකි. මෙම භූමියේ සාම්ප්‍රදායික හිමිකරුවන් විසින් සාදන ලද පාෂාණ කලා සහ කැටයම් නැරඹීමට හැකිය.

 

පර්ත් හි කිංග්ස් උද්‍යානය වැදගත් චාරිත්‍රානුකූල හා සංස්කෘතික ප්‍රදේශයක් වන අතර එහිදී ඔබට Boodja Gnarning Walk  හමුවනු ඇත. මෙම ඇවිදීමේ මාර්ගය පිරිමින්ගේ හා කාන්තාවන්ගේ විවිධ සාම්ප්‍රදායික භූමිකාවන් සදහා වෙන් වේ.

එසේම මෙල්බර්න් හි නව ජංගම app එකක් මගින්  මෙල්බන් නුවර ආදිවාසි සුවිශේසී ස්ථානයක්  අත්දැකීමක් ලබා දීමට සූදානම් වේ. Yalinguth App මගින්  ෆිට්ස්රෝයි හි ආදිවාසී ඉතිහාසය පිළිබද තොරතුරු ලබා දේ . ශබ්දය, භූගෝලීය පිහිටීම යොදාගෙන එම app එක මගින් හෙඩ්ෆෝන් යුගලයක් භාවිතා කරමින් ඔබට සුප්‍රසිද්ධ Gertrude වීදිය ඔස්සේ මඟ පෙන්වනු ලැබේ.

මෙම app එක නිකුත් වීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එම ආදිවාසී තොරතුරු ලබා ගත හැකි වේ. 

 Gertrude වීදිය ආදිවාසී ජනයාගේ ප්‍රමුකතම හමු වීමේ ස්ථානයක් වේ , 50 සහ 60 සහ 70 දශකවල ආදිවාසී ජනතාවගෙන් බහුතරයක් වාසය කළේ ඒ ආශ්‍රිතවයි



Sovereignty mural in Firzroy
Charcoal Lane mural in Melbourne's Gertrudge St, Fitzroy by Gunnai Waradgerie artist Robert young.
NITV News

රට සුවපත් කිරීම : දැනුවත් වීම 

CSIRO ආයතනය විසින් Northen Territory සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ආදිවාසී භාෂා කණ්ඩායම් සමඟ එක්ව ඔවුන්ගේ දැනුමේ ගැඹුර විදහා දක්වන දින දර්ශන මාලාවක් නිෂ්පාදනය කර ඇත. පරිසරය හා පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ආදිවාසීන් සතු දැනුම ආදිය රැගත්  මේවා CSIRO වෙබ් අඩවියෙන් බාගත කර  හැකිය.

ආදිවාසී අඩවි පිළිබද අපව දැනුවත් කිරීමේ වගකීම පැවරෙන්නේ ආදිවාසීන් මත පමණක් නොවන බව බොබී නිකල්ස් පවසයි.

බොබී  පවසන්නේ ආදිවාසී නොවන පුද්ගලයින්ගෙන් පමණක් නොව විවිධ ජනවාර්ගික කණ්ඩායම් හරහා ද විශාල සහයෝගයක් ඇති බව.  ඔවුන් ජීවත් වන දේශයේ පළමු ජාතීන් හෝ සාම්ප්‍රදායික අයිතිකරුවන් ගැන ඉගෙන ගැනීමට ඔවුන්ට අවශ්‍ය නිසා එම ප්‍රජාවන් හා  සම්බන්ධ වීම ට ආදිවාසි ජනයා කැමැත්ත පල කරන බව බොබී පවසයි.

Heal country හෙවත්  රට සුවපත් කිරීම මගින්  බොහෝ දේ අදහස් කරන අතර මේ රටේ  ජීවත් වන සෑම කෙනෙකුම අප සැමවිටම කළාක් මෙන් එය රැකබලා ගත යුතු බව අප තේරුම් ගත යුතුය.  රට නරබන්න  , රැකබලා ගන්න, ගෞරව කරන්න , ආදිවාසී ජනයා  දේශය තුල නර්තනය, ගායනය තුලින්ද සියලු දෙනා   සුව කිරීම සිදු කරන අතර ඒ පණිවිඩය ඔවුන් ජනතාව සමග හුවමාරු කරගනිමින් සිටී.

 

This story is also available in other languages.