Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

මේ සමයේ ඔබත් ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවා ලබා ගැනීමට Telehealth සේවාව ලබා ගන්නේ මෙසේයි

Source: Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාව තුල telehealth සේවාවන් දැන් ඉතා බහුල ලෙස භාවිතා වේ. මාර්තු මස මිලියන 1.3ක් පමණ සේවා භාවිතා කර ඇති අතර, අප්‍රේල් මාසය වන විට මිලියන 5.8ක් පමණ එය භාවිතා කර ඇත

පවුලේ වෛද්‍යවරයන් පවසන්නේ ඔබට වේගවත් අන්තර්ජාල සේවාවක් ඇත්නම් telehealth සේවාව භාවිතා කල හැකි බවයි.

වෛදය Billy Stoupas පවසන්නේ telehealth සේවාව මගින් වෛද්‍යවරයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට කොරෝනා වයිරසයෙන් ආසාධනය වීමේ අවධානම අඩු වන බවයි . නමුත් බහුසංස්කෘතික පසුබිමකින් යුත්  වැඩිහිටි පුද්ගලයින්  එම සේවාවන් පිළිබද නොදැනුවත්කම නිසා එය භාවිතා නොකරන බවයි වාර්තා වන්නේ 

Royal Australian College of General Practitioners හි වෛද්‍ය Gillian Singleton , සරණාගත ජනයා වෙනුවෙන් මෙල්බන් නුවර ඇති Cabrini Asylum Seeker and Refugee Health Hub  හි අධ්‍යක්ෂිකාව වේ. ඇය පවසන්නේ bulk billing ක්‍රමයට බොහෝ දෙනා ට මෙම සේවා ලබා ගත හැකි බව.  

ඔබේ වෛද්‍යවරයා හමුවීමට ඔබ වෙලාවක් යොදා ගත්  විට එම මධ්‍යස්ථානය ඔබට වීඩියෝ ඇතිව හෝ නැතිව එම හමුවීම අවශ්‍ය දැයි විමසනු ඇති . එවිට වීඩියෝ මාර්ගයෙන් එය සිදු කිරීමට නම් වෛද්‍යවරයා  එවන ලින්ක් එක ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකියි

 

 

GP clinic

එවන් අවස්ථාවක් සදහා පහත ආකාරයට ඔබට සුදානම් විය හැකියි

  • මධ්‍යස්ථානය වෙත ඔබේ නිවැරදි දුරකථන අංකය ලබා දෙන්න
  • නිශ්ශබ්ද කාමරයක් තෝරා ගන්න
  • ඔබේ පෞද්ගලික තොරතුරු පිළිබද ගැටළු ඇත්නම් ඔබට headset එකක් භාවිතා කල හැකි වේ
  • ඔබට වේගවත් අන්තර්ජාල සබදතාවක් තිබිය යුතුයි
  • ඔබට භාෂා පරිවර්තනය හෝ තාක්ෂනය සදහා උදව් අවශ්ය නම් තවත් අයෙකුගේ සහය ලබා ගන්න
  • අවශ්‍ය නම් විශාල ලෙස රුප බැලිය හැකි උපකරණ යොදා ගන්න
  • උපදෙස් අවශ්‍ය කරුණු පිලිබදව පෙර සිට සුදානම් වන්න

 

නමුත් ඔබට වෛද්‍ය  මධ්‍යස්ථානයට එවෙලේම කතා කොට වෛද්‍යවරයා ඇමතීමට නොහැකියි.  ඒ සදහා කල් තබා වෙලාවක් වෙන් කර ගත හැකියි. Health Engine වැනි වෙබ් අඩවි තුලින් විවිධ භාෂා කතා කරන වෛද්‍යවරයන් සොයා ගැනීමටද හැකියි .


Elderly couple telehealth session
Getty Images/Weeraya Siankulpatanakij/EyeEm

ඔස්ට්‍රේලියාව තුල භාවිතා වන Translating and Interpreting Service ප්‍රකාශ කරන්නේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමග ක්‍රියා කොට භාෂා 160 කින් පමණ කතා කල හැකි පරිවර්තකයින් යොදා ඇති බවයි.

නමුත් දැනට භාෂා පරිවර්තකයින් දුරකතනය ඔස්සේ ලබා දෙන Telehealth සේවාවන් සදහා පමණක් සහය වුවද,  අගෝස්තු මස සිට වීඩියෝ භාවිතයෙන් සිදු කරන සේවා සදහාත් ඔවුන් යොදා ගැනීමට  හැකි වන ලෙස කටයුතු සිදු කොට තිබේ.

එසේම දැන් මෙම දුරස්ථ සේවාවන් ඇති නිසා ඔබට නිර්දේශ ලබා ගැනීමට වෛද්‍යවරයා හමුවිය යුතුම නැහැ . ඒ නිසා රුධිර පරීක්ෂා , ultrasound පරීෂා ආදිය සදහා වෛද්‍යවරයා හමු නොවී නිර්දේශ ලබා ගත යුතුව තිබේ.


GP visit iconographic
SBS

එසේම ඔබේ ඖෂධ නිර්දේශද ඖෂධහල වෙත ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයෙන් එවීමද සිදු වේ. එසේම නිවසින් පිටතට යාමට අකමැති පිරිස් වෙත ඖශධ එවීමද සිදු කෙරේ.  එසේම රුධිර පීඩනය මැනීමේ උපකරණයක් ඔබ ලග තබා ගැනීමත් වැදගත් වේ.

එසේම මෙම කොරෝනා වසංගතය සමයේ මානසික සෞඛ්‍ය සදහාද telehealth ක්‍රමය භාවිතා වේ. Beyond Blue  ආයතනය පවසන්නේ වැඩිහිටි ජනයාගෙන් 10-15ක්% පමණ විශාධයෙන් පෙලෙන බවයි. එසේම 10%ක් පමණ anxiety තත්වයෙන් පෙලෙන බවයි . එසේම නේවාසික වැඩිහිටි නිවාස වල සිටින පිරිසට 35%කින් වැඩිපුර විශාධය වැලදීය හැක .

covid 19 ට පෙර මානසික සෞඛ්‍ය සදහා Telehealth සේවාව අඩුවෙන් භාවිතා කලද අප්‍රේල් මාසයේදී මානසික ගැටළු සදහා වෛධද්‍ය  උපදෙස් ලබා ගැනීම 52%කින්  වැඩි වී ඇත

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට දරුවන් බැලීමට පැමිණෙන දෙමාපියන් වැනි වැඩිහිටියන් covid 19 තත්වය නිසා මානසික ගැටළු වලට මුහුණ පාන අවස්ථා වලදී විවිධ භාෂා සහය ලබා ගැනීමට හැකි පවුලේ සාමාජිකයෙකුද යොදා ගැනීම වැදගත් වේ .

නමුත් වෛද්‍යවරයා සැබවින්ම මුණ ගැසී පරීක්ෂා කිරීම තරම් කසිදු ක්‍රමයක් ප්‍රායෝගික නොවන බැවින් , අවශ්‍ය විටකදී එසේ කරන ලෙසත් , ඕස්ට්‍රේලියානු වෛද්‍ය මධ්‍යස්ථාන දැඩි ලෙස පවිත්‍රතාව හා දුරස්ථතාව අනුගමනය කරන බවද  වෛද්‍ය Stoupas පවසයි.

 


Male doctor showing man x-ray
Getty Images/Westend61

 Lifeline  13 11 14

 Beyond Blue  1300 22 4636.

පහත දුරකථන අංක මගින් එම මානසික සෞඛ්ය සේවාවන් ඇමතිය හැකියි 

හදිසි අවස්තාවකදී 000 අමතන්න 

This story is also available in other languages.
Show languages