Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඕස්ට්‍රේලියාවේ පිරිමි පාර්ශවයට ඇති මානසික ගැටළු හා ඒ සම්බන්ධ සේවා මොනවාද? SBS සිංහල වෙතින්

Source: Getty Images_Cebas

ජීවිතයේ කෙබදු ප්‍රශ්න මතුවුවද පුරුෂ පාර්ශවය නොසැලී සිටිය යුතු ලෙසට සමාජයේ මතයක් පවතී. නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී පවුලේ සබදතා පිළිබද ඇතිවන ගැටළු හමුවේ සංවේදී වීම පුරුශයින්ටත් පොදු කරුණක්. එය දුර්වලකමක් නොව සංවේදී වීම ශක්තිමත් බවේ ලක්ෂණයක් ලෙසටයි විශේෂඥයින් පවසන්නේ

නමුත් ඔස්ට්‍රේලියාවට අලුතෙන් පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතුන් නිසා තම සබදතා බිද වැටීම් සිදුවිය හැකියි.NSW ප්‍රාන්තයේ Settlement Services International  හි Jessica Harkins විසින්  Relationships Australia ආයත්නය සමග එක්ව වයස අවුරුදු 18ට වැඩි පවුල් තුල හිංසන හා සම්බන්ධ වූ පුරුෂයන් සදහා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි


ඇය පවසන්නේ පසුගිය වසර 20 තුල ඕස්ට්‍රේලියාවේ පිරිමි චර්යා උපදේශන වැඩසටහන් පැවැත්වුවද සංස්කෘතික වශයෙන් ගැලපෙන වැඩසටහන් දැන් සැලසුම් වෙමින් පවතින බව

Man and seas
Getty Images_Benjamin Lee_EyeEm

ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් විවිධ සංස්කෘතික පසුබිමකින් පැමිණෙන පුද්ගලයින් සදහා නොගැළපෙන බවට හෙළිවී තිබේ.

The Building Stronger Families නම් වූ මෙම වැඩසටහන සති 16ක් පුරා ක්‍රියාත්මක වන අතර ඒ අරාබි හා දමිල භාෂාවෙන් වේ . Hazaragi භාෂාවෙන්ද වැඩසටහනක් ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රජාවන් ඔවුන් තෝරා ගෙන ඇත්තේ මීට පෙර මෙම ප්‍රජාවන් සමග කටයුතු කල හැකි නිසාත් ඔවුන් සමග සබදතා ඇති නිසා. නමුත් සංක්‍රමණික පසුබිම් වලින් පැමිණෙන ප්‍රජාවන් වල කාන්තාවන් සංස්කෘතිය, භාෂාවන් , ආදී විවිධ අභියෝග වලට මුහුණ දෙන බවත් ඇය පවසයි.

 


Father and child
Getty Images_Jose Luis Pelaez

ලෙබනනයේ සිට පැමිණි මෙම වැඩසටහන් වලට උපදේශකත්වය ලබාදෙන  Ghassan Noujaim පවසන්නේ සමහර සංස්කෘතීන් තුල පිරිමින් පවුලේ නායකත්වය ලබන බවයි .ඒ නිසාම පවුලේ ආදායම ඔහු මතම පැටවෙන බැවින් ඔවුන් අධික ආතතියකට ලක් විය හැකියි. එසේම මෙම වැඩසටහන සදහා සම්බන්ධ වූ පුද්ගලයින්ගෙන් 80%ක් ම තම මව් රටේදී වෘත්තියක නිරත වුවද ඕස්ට්‍රේලියාවේ රැකියා සොයාගැනීමේදී අභියෝග වලට මුහුණ දී තිබේ.


Child on shoulders in sunset
Getty Images_Aliyev Alexei Sergeevich

ඔහු පවසන්නේ පිරිමි පාර්ශ්වය මෙම විවිධ සංස්කෘතිකව ඔවුන් මත පැටවී ඇති වගකීම නිසා එම පුද්ගලයන් දැඩි ආතතියකින් පෙලෙන බවයි.

නමුත් ඒ නිසාම ඔවුන්ගේ හැගීම් සිරකරගෙන සිටීම ප්‍රචණ්ඩකාරී  හැසිරීමක් දක්වා වර්ධනය නොවිය යුතු වේ

Good Life Project at Relationships හි ජීවන මාර්ගොපධෙෂකවරියක වන Sumbo Ndi පවසන්නේ නව රටක පදින්චියකට පැමිණි පසු ධනාත්මක සංකල්ප ගොඩනැගිය යුතු බවයි. පවුල තුල ඔබේ වගකීම් වෙනස් වීම තුලින් ඔබේ වටිනාකම වෙනස් නොවන බව එම පුද්ගලයින්ට ඒත්තු ගැන්විය යුතු බවයි

The Good Life Project ව්‍යාපෘතිය තුලින් ඇඩිලේඩ් නුවර තරුණ තරුණියන්ට ගෘහස්ත හිංසනය පිළිබද දැනුවත් කිරීම් සිදු වේ . බොහෝ දෙනා මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබද කතා කිරීමට අකමැති වුවද ඒ පිළිබද කතා බස් කිරීමෙන් ආරක්ෂාකාරී පරිසරයක ජීවත් වීම පිලිබදව ඔවුන් දැනුවත් වේ

 


Dad with laundry
Getty Images_MoMo Productions

Relationships Australia NSW හි ප්‍රජා අධ්යාපන කළමනාකරු වන Andrew King පවසන්නේ පුරුෂයින් තම දරුවන් අනාගතයේ ඔවුන් ගැන සිතන අකාරය සලකා සිය චර්යා රටා වෙනස් කර ගත යුතු බවයි .
The Good Life Projectහි Isaac පවසන්නේ එම වැඩසටහ තුලින් එයට සහභාගී වන පුද්ගලයින් කලක් තිස්සේ විශ්වාස කරමින් සිටි පැරණි මත පිලිබදව විවෘතව කතා කිරීමට අවස්තාව හිමිවන බව . සිතේ තදකර ගෙන නොසිට පහත ක්‍රම මගින් අදහස් හුව මාරු කරගැනීම පිළිබද ඔහු උපදෙස් ලබා දේ

  • අනෙක් පුද්ගලයාගේ අදහසට සාවධානව සවන් දෙන්න
  • ඔවුන් ඔබේ අදහසට එකග නොවුනද ඔවුන්ගේ අදහස් වලට ගරු කරන්න
  • ඔබේ අදහස් හා හැගීම් පිළිගන්න
  • මදක් අසුන් ගෙන ඔබේ සිතිවිලි මධ්‍යස්ත කර ගන්න
  • වැදගත් කරුණක් සාකච්චා කිරීමට පෙර නිරවුල්ව සිටින්න
  • සාකච්චාවක් ආරම්භයට මත පැන් ආදිය එකතු නොකරන්න

Relationships Australia තුලින් ජාතික වශයෙන් ඔබට සහය ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වේ , ඒ සදහා 1300 364 277  අමතන්න 

MensLine Australia 1300 78 99 78 

භාෂා පරිවර්තන සේවා සදහා 13 14 50 අමතන්න 

This story is also available in other languages.
Show languages