Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සේවයට විදෙස් රටවලින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට ඉල්ලීම් (SBS සිංහල/ වාර්තා)

Qantas Airways Limited is the flag carrier of Australia Source: AAP

වසර 2023 මැද භාගය වන විට ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා හිඟය 105,000 දක්වා ඉහළ යනු ඇතැයි Infrastructure Australia පුරෝකතනය කරන බව එහි ප්‍රධාන විධායිකා Romilly Madew පැවසුවාය.

ඉදිරි වසර පහ තුළ ඔස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 218 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍යවන සේවකයින්ගේ විශාල හිඟයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනතුරු අඟවා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ යටිතල පහසුකම් පිළිබඳ උපදේශක මණ්ඩලය වන Infrastructure Australia විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.


Highlights

  • වසර 2023 මැද භාගය වන විට ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා හිඟය 105,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයින් සහ තවත් බොහෝ වෘත්තීන්ගේ ශ්‍රම හිඟයක් ඇතිවන බව මෙම වාර්තාව පුරෝකතනය කර තිබේ.
  • වික්ටෝරියා, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවලට මේ තත්ත්වය බරපතල ලෙස බලාපාන බවද සඳහන්.

Infrastructure Australia වාර්තාව

මහජන යටිතල පහසුකම් ව්‍යාපෘති සැපයීමේ අංශයේ ධාරිතාව තක්සේරු කරමින් Infrastructure Australia විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.

ඔක්තෝබර් 13 වන දින නිකුත් කළ එම වාර්තාවට අනුව ඉදිරි වසර තුන තුළ මෙම අංශයේ ක්‍රියාකාරකම් දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහි වාර්ෂික පිරිවැය ඩොලර් බිලියන 26 සිට ඩොලර් බිලියන 52 දක්වා ඉහළ යමින් පවතී.

වසර 2023 මැද භාගය වන විට ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා හිඟය 105,000 දක්වා ඉහළ යනු ඇතැයි Infrastructure Australia පුරෝකතනය කරන බව එහි ප්‍රධාන විධායිකා Romilly Madew පැවසුවාය.

පිරිවැය ඉහළ යාම සහ නියමිත වේලාවට ව්‍යාපෘති සම්පුර්ණ කරදීමට නොහැකිවීමේ අවදානම වැඩි වීම මෙම වාර්තාවෙන් කැපී පෙනෙන ලෙස පෙන්නුම් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

"කර්මාන්ත ප්‍රතිසංස්කරණ තවදුරටත් විකල්පයක් නෙමෙයි. එහිදී වාර්තාගත අයුරින් ආයෝජන ලබා දීම අත්‍යවශ්‍යයි." යනුවෙන්ද Infrastructure Australia හි ප්‍රධාන විධායිකා Romilly Madew සඳහන් කළාය.

Construction workers are seen at the Barangaroo development site in Sydney on 19 August 2021.
Construction workers are seen at the Barangaroo development site in Sydney on 19 August 2021.
AAP
 

ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයින් සහ තවත් බොහෝ වෘත්තීන්ගේ ශ්‍රම හිඟය

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ විද්‍යාඥයින් 70,000 කගේ පමණ ශ්‍රම හිඟයක් අපේක්ෂා කෙරේ.

ඊට අමතරව ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල 15,000 ක පමණ ශ්‍රම හිඟයක්ද ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයින්ගේ 19,000 ක පමණ ශ්‍රම හිඟයක්ද ඇතිවන බව ඇස්තමේන්තු ගත කර ඇත.

කෙසේ වෙතත්, වික්ටෝරියා, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල මෙම අංශයේ ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට අදාළ ශ්‍රම බලකායන් දෙගුණ විය යුතුය.

අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය නිපුණතා ශ්‍රමිකයින් හා ද්‍රව්‍ය පිළිබඳ Infrastructure Australia ආයතනයේ පළමු සවිස්තරාත්මක පරීක්ෂණය ලෙස මෙම වාර්තාව හැඳින්වේ.

යටිතල පහසුකම් අංශයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා රජය සහ කර්මාන්ත අතර සහයෝගීතාව අවශ්‍ය බව එය නිර්දේශ කරයි.

ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී ඔස්ට්‍රේලියාව තරඟකාරීව පැවතීම සඳහා පුහුණු සංක්‍රමණික උපාය මාර්ගයක් අවශ්‍ය වන බව එම වාර්තාව පෙන්වා දෙයි.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

Source SBS News