ඔස්ට්‍රේලියාවේ ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසයට ප්‍රවේශ වීමේ ප්‍රධාන දොරටුව නම් Australian Immunisation Register (AIR) හෙවත් ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය වේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් පසු එනම් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පසු ඔබට ඔබේ COVID-19 digital certificate හෙවත් කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් සහතිකය ලබාගැනීමට හැකිය.
ඔබේ රැකියා ස්ථානයට මෙන්ම වෙනත් කටයුතු සඳහා මෙම සහතිකය මේ වන විට අත්‍යවශ්‍ය එකක් බවට ඔස්ට්‍රේලියාව තුළ පත්වෙමින් පවතී.
Highlights
- ඔබට යම් එන්නතක් ලබා දුන් පසු එම තොරතුරු Australian Immunisation Register එකට ඇතුළත් කෙරේ.
- ඔබේ myGov ගිණුමට ඔබේ Medicare කාඩ්පත/ ගිණුම සම්බන්ධ කර COVID-19 Digital සහතිකය download කරගත හැකිය.
- නැතහොත් ඔබට 1800 653 809 අංකය ඇමතීමෙන් අදාළ සහතිකයේ පිටපතක් තැපැල් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.
ඔබේ COVID-19 ඩිජිටල් සහතිකය ලබා ගන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවේ ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසයට ප්‍රවේශ වීමේ ප්‍රධාන දොරටුව නම් Australian Immunisation Register (AIR) හෙවත් ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය වේ.
ඔබට යම් එන්නතක් ලබා දුන් පසු එම තොරතුරු අදාළ ලේඛනයට ඇතුළත් කෙරේ.
ඉන් අනතුරුව ඔබේ Medicare ගිණුමේ ‘Immunisation history statement’ යටතේ එම තොරතුරු ඔබේ Medicare ගිණුමේද දිස්වේ.
ඔබට ඔස්ට්‍රේලියාව තුළ එන්නතක් ලබා දුන් පුද්ගලයින් සාමාන්‍යයෙන් අදාළ එන්නත ලබාදී පැය 24 ක් තුළදී ඔබේ එම විස්තර යාවත්කාලීන කරනු ඇත.
ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය තුළ COVID-19 එන්නත් පමණක් නොව ඔබට ලබා දී ඇති සියලුම ඉන්ෆ්ලුවෙන්සා එන්නත්ද ඇතුළත් වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න
වයස අවුරුදු 14 සහ ඊට වැඩි ඕනෑම අයෙකුට තමන්ගේම ප්‍රතිශක්තිකරණ ඉතිහාස ප්‍රකාශයක් (immunisation history statement) ඇත.
දින 10 කට පසුද ඔබ ලබාගත් එන්නත්වල තොරතුරු එහි නොපෙන්වන්නේ නම් ඔබේ එන්නත් සැපයුම්කරුට ඒ බව දැන්විය යුතුය.
අවශ්‍ය නම් ඔවුන්ට Australian Immunisation Register වෙත එම ගැටලුව යොමු කළ හැකිය.
ඔස්ට්‍රේලියාව විසින් අනුමත කරන ලද එන්නතක් විදේශයන්හිදී ලබා ගත් අයටද මෙම තොරතුරු AIR වෙත එක් කළ හැකිය.
ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසයට විදේශයන්හිදී ලබා ගත් එන්නත් එකතු කරන්නේ කෙසේදැයි Services Australia විස්තර කරයි.
මේ අතර කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියාවේ ඕනෑම අයෙකුට COVID-19 එන්නත් සහතිකයක් ලබා ගත හැකිය.
කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් මේ වන විට ලබා ගත් අයට කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි වශයෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ඉතිහාස ප්‍රකාශය භාවිතා කළ හැකිය.
ඔබේ COVID-19 එන්නත් සහතිකය ලබාගැනීමට අනුගමනය කළ යුතු පියවර
ඔබට දැනටමත් myGov ගිණුමක් නැතිනම් myGov ගිණුමක් නිර්මාණය කරගන්නා ලෙස Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen පැවසීය.
ඊළඟට එම myGov ගිණුමට ඔබේ Medicare කාඩ්පත/ ගිණුම සම්බන්ධ කරන්න.
ඉන් පසුව Express Plus Medicare mobile app එක download කරගන්න.
ඔබ එය ඔබේ online ගිණුමට සම්බන්ධ කළ පසු ඔබට අවශ්‍ය සියලුම සාක්ෂි ඔබේ ජංගම දුරකතනයට ලබාගත හැකි බව Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen පැවසීය.
ඔබ එම mobile app එක භාවිතා කිරීමට අකමැති නම්, ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය අන්තර්ජාලය ඔස්සේ බැලීම තවත් විකල්පයකි.
එහි ඇති COVID-19 Digital සහතිකය ඔබට ඔබේ ජංගම දුරකතනයට හෝ ඔබේ පරිගණකයට download කරගැනීමට ඔබට හැකිය.
ඔබේ Medicare ගිණුමේ විස්තර යාවත්කාලීන නොවේ නම්, ඔබට එය ඔබේ myGov ගිණුමට සම්බන්ධ කිරීමට නොහැකි වනු ඇත.
ඔබේ Medicare කාඩ්පත භාවිතා කර ඔබේ Medicare ගිණුම myGov වෙත සම්බන්ධ කරන්නේ කෙසේද යන්න විස්තර කරන කෙටි වීඩියෝ පටයක් Services Australia විසින් නිෂ්පාදනය කර ඇත.
ඔබ Medicare සඳහා සුදුසුකම් නොලබන්නේ නම්, myGov ගිණුම හරහා Individual Healthcare Identifier සේවාව භාවිතා කිරීමෙන් ඔබට අන්තර්ජාලය ඔස්සේ ඔබේ COVID-19 Digital සහතිකය ලබා ගත හැකිය.
අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි
myGov හෝ Medicare app හරහා වයස 14 ට අඩු දරුවන්ගේ දෙමාපියන්ට සහ භාරකරුවන්ට තම දරුවන් ලබාගත් එන්නත් තොරතුරුවලට ප්‍රවේශ වීමට හැකිය.
එන්නත් සැපයුම්කරුට ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ පිටපතක් මුද්‍රණය කර ලබාදිය හැකිය.
නැතහොත් ඔබට 1800 653 809 අංකය හරහා Australian Immunisation Register (AIR) අමතා අදාළ සහතිකයේ පිටපතක් තැපැල් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.
ඔබේ digital wallet එකට කොව්ඩ් සහතිකය එක් කිරීම
ඔබේ digital wallet එකට COVID-19 ඩිජිටල් සහතිකය එක් කරන්නේ කෙසේදැයි Services Australia මෙහි විස්තර කරයි.
ඔබ Medicare සඳහා සුදුසුකම් ලබන්නේද සහ ඔබ mobile app එක භාවිතා කරන්නේද යන්න අනුව මෙම පියවර වෙනස් වේ.
ඔබට ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති නම් හෝ ඔබේ සහතිකය online ලබා ගැනීමට අවශ්‍ය නැතිනම් කුමක් කළ යුතුද?
ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා කොවිඩ් එන්නතේ ඩිජිටල් සහතිකය ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමය myGov ගිණුම බව Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen නිර්දේශ කළේය.
ඔබට එම ක්‍රමය භාවිතා කිරීමට නොහැකි නම් හෝ භාවිතා කිරීමට අකමැති නම්, සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා Services Australia වෙත ඇමතිය යතුය.
ඒ සඳහා 1800 653 809 දුරකතන අංකය භාවිතා කරන්න.
ඔබට කොවිඩ් එන්නත ලබා දුන් අවස්ථාවේදීම ඔබේ එන්නත් සපයන්නාට ඔබේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය මුද්‍රණය කළ ඔබට ලබා දිය හැකිය.
ඔබේ තොරතුරු ආරක්ෂිතද?
Services Australia ආයතනයට අනුව වංචනික ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කිරීමට වර්තමාන COVID-19 ඩිජිටල් සහතිකයේ ආරක්ෂක උපාය ගණනාවක් ඇතුළත් වේ.
එම සහතිකය ඔබේ දුරකථනයෙන් බැලූ විට ඔස්ට්‍රේලියානු ලාංඡනයේ parallax effect එකක් ඇති බව ඔබට පෙනේ.
මෙහි තේරුම නම් ඔබ දුරකථනයේ තිරය ඇල කරන විට රූපය මාරු වී වර්ණය වෙනස් වන බවය.
Animated tick එකක්, ලේඛන අංකයක් සහ ඔස්ට්‍රේලියානු ලාංඡනයට යටින් ඇති ඔරලෝසුවක් සමඟ මෙම COVID-19 ඩිජිටල් සහතිකය වලංගු කර ඇත.