Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණිකයින්ට Centrelink දීමනා සඳහා දිගු කාලයක් බලා සිටීමට සිදු වේ

New residents will face longer waiting periods for most payments if the new social security laws are passed. Source: Saeed Khan/Getty Images

2022 ජනවාරි 1 දා සිට බලපැවැත්වෙන සමාජ ආරක්‍ෂක නීති වල වෙනස්කම් සිදු වීමත් සමඟම, නව ස්ථිර පදිංචිකරුවන්ට රජයේ බොහෝ ගෙවීම් ලබා ගැනීමට වසර 4 ක කාලයක් බලා සිටීමට සිදු වේ

ඕස්ට්‍රේලියාවේ සමාජ ආරක්ෂණ ගෙවීම්

මූල්‍ය අවශ්‍යතා ඇති ඕස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකිය.

ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර වීසා බලපත්‍රලාභීන් සහ නවසීලන්තයේ සමහර පුරවැසියන්ට සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා ගෙවීම් පරාසයකට ප්‍රවේශ විය හැකිය. සහකාර වීසා හිමි අය ඇතුළුව සමහර තාවකාලික වීසා හිමියන්ට සමහර සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකියි.

Highlights

  • නව පදිංචිකරුවන්ට ඕස්ට්‍රේලියාවේ රජයේ බොහෝ ගෙවීම් ලැබීමට වසර 4 ක් ගතවනු ඇත.
  • නව පදිංචිකරුවන් රැක බලා ගැනීමේ ගෙවීම් සහ පවුල් බදු ප්‍රතිලාභ (family tax benefit) A සහ ​​B කොටස් සඳහා වසර 4 ක් බලා සිටීමට සිදු වේ.
  • 2022 ජනවාරි 1 දිනට හෝ ඊට පසු අදාළ වීසා ලබා ගන්නා අයට පමණක් මෙම වෙනස්කම් බලපානු ඇත.

කෙසේ වෙතත්, අලුතින් පැමිණි සංක්‍රමණිකයින් සදහා විවිධ රජයේ ආධාර ගෙවීම් සඳහා විවිධ කාල සීමා බල පැවැත්වේ

සමාජ සේවා දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පවසන්නේ “නව සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවේ මුලින්ම  පදිංචි වීමේදී තමන් විසින්ම වියදම් පියවා ගැනීම දිගු කාලීන ප්‍රතිපත්තියක්” බවයි. 

People queuing up outside Centrelink
The new waiting periods will be applicable to those receiving their visas on or after 1 January 2022.
William West/ Getty Images

බොහෝ ගෙවීම් ලබා ගැනීමට වැඩි කාලයක් බලා සිටින්න සිදුවේ

2022 ජනවාරි 1 දා සිට, නව පදිංචිකරුවන්ට තම පදිංචිය ලබා දීමේ සිට වසර 4 ක් බලා සිටීමට සිදු වේ. ඔස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වූ කාලය මෙහිදී ගණන් නොගනී.

මානුෂීය වීසා මත පැමිණෙන පුද්ගලයින් මෙම කාලයෙන් නිදහස් කරන බව Settlement Services International ප්‍රතිපත්ති කළමනාකරු ආචාර්ය Astrid Perry පවසයි.

"ඔබ සරණාගතයෙකු ලෙස පැමිණෙන්නේ නම්, විරැකියාව හෝ අසනීප, වයස්ගත වීම හෝ අධ්‍යනය යන ඕනෑම තත්වයක සිටින වෙනත් ඕනෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට මෙන් ඔබට සාමාන්‍ය ආදායම් මාර්ග ලබා ගැනීමට අවස්ථාව තිබේ."

Jobseeker සහ දෙමාපියනට ලබා දෙන ගෙවීම් ඇතුළුව බොහෝ වැඩ කරන වයසේ පිරිස සදහා ගෙවීම් සහ සහන කාඩ්පත් සඳහා අලුතින් පැමිණි පදිංචි වන අයට බලා සිටීමට වන කාලය දැනටමත් වසර හතරකි.

භාරකරුගේ ගෙවීම්, සහකරුගේ වැටුප් සහ දෙමාපියන්ට ලබා දෙන නිවාඩු සඳහා දැනට බලා සිටිය යුතු කාලය වසර දෙකකි. නව සමාජ ආරක්ෂණ නීතිය සම්මත වුවහොත් මෙය වසර හතරක් දක්වා වැඩි වනු ඇත.

රැකවරණ දීමනාව සහ පවුල් බදු ප්‍රතිලාභ A (family tax benefit A )සඳහා කාලය වසර 1 සිට 4 දක්වා වැඩි කෙරේ. පවුල් බදු සහන B (family tax benefit B )කොටස සඳහා වසර 4 ක නව කාලයක් හඳුන්වා දීමට ද රජය කටයුතු කර තිබේ.


A man using a tab
It's important to inform Centrelink if your circumstances change. If you claim a payment that you weren't eligible for, you may have to pay back the money.
Getty Images/Katleho Seisa


මෙම වෙනස්කම් බලපාන්නේ 2022 ජනවාරි 1 දා හෝ ඉන් පසුව ස්ථිර හා අදාළ තාවකාලික වීසා ලබා ගන්නා අයට පමණි.

Settlement Services International සහ ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය වැනි සංවිධාන මෙම නව ප්‍රතිපත්ති සැකසීම් වලට තම විරෝධය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර බොහෝ නව සංක්‍රමණිකයින්ට ඉතා වැදගත් ආදායම් ආධාර අහිමි වනු ඇත. පනත සම්මත නොකළ යුතු බවට ඔවුහු නිර්දේශ කරති.

බලා සිටීමේ කාලය තුළ විශේෂ සහන ලබා දීම සිදුවේද?

මානුෂීය වීසා බලපත්‍ර මත ඇතුළු වන පුද්ගලයින් හැරුණු විට, වෙනත් සහන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි.

Settlement Services International හි ආචාර්ය Perry පවසන්නේ යමෙකු තම අවශ්‍යතාවන්හි සැලකිය යුතු වෙනසක් සිදු වී නම් බලා සිටීමේ කාලය තුළ සිට එම කාලය අඩු කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

"ඇත්ත වශයෙන්ම එය සිදු වන්නේ ආබාධිත වීමක් හෝ අනතුරක් සිදු වුවහොත් හෝ අනුග්‍රාහකයෙකුට තවදුරටත් ඔබට සහයෝගය දැක්වීමට නොහැකි නම් හෝ ගෘහස්ත හිංසනයක් සිදුවුවහොත් පමණි" යනුවෙන් ඇය පවසයි.

COVID-19 කාලය තුළ ගෙවීම් 

ඔබ දුෂ්කරතාවයකට මුහුණ පා සිටී නම්, ඔබ බලා සිටින කාලය නොසලකා Centrelink සමඟ කතා කළ යුතු බව නව පදිංචිකරුවන් සමඟ වැඩ කරන සහතිකලත් රාජ්‍ය ගණකාධිකාරී ඇක්‍රම් එල්-ෆක්රි පවසයි.

මහජන සෞඛ්‍ය නියෝගයක් හේතුවෙන් රැකියා හා ආදායම් අහිමි වූ පුද්ගලයින් සඳහා COVID-19 ආපදා ගෙවීම් ගණනාවක් ලබා ගත හැකි බව ඔහු පවසයි.

ඕස්ට්‍රේලියාවේ Centrelink හා සේවා වෙතින් තොරතුරු සෙවීම හොඳ ආරම්භයකි. අප ජීවත් වන මෙම සමයේ සානුකම්පිතව ජනතාව වෙත සේවා ලබා දෙන බව ඔහු පවසයි.

COVID-19 ආපදා ගෙවීම් තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා ද ලබා ගත හැකිය.


Business closed due to coronavirus sign
Temporary visa holders affected by COVID-19 restictions can apply for COVID-19 disaster payments.
Getty Images/LeoPatrizi


ඔබ දැනටමත් ගෙවීම් ලබනවාද?

ඔබට රජයේ ගෙවීම් ලැබෙන්නේ නම් සහ ඔබේ තත්වයන් වෙනස් වන්නේ නම්, ඔබේ සුදුසුකම් වලට බලපෑම් ඇති විය හැකි බැවින් මෙම වෙනස්කම් Centrelink වෙත ප්‍රකාශ කළ යුතු බව එල්-ෆාක්‍රි මහතා පවසයි.

උදාහරණයක් ලෙස පුද්ගලයෙකුට සහකරුවෙකු හමු වුව හොත් හෝ ඔහුගේ/ඇයගේ සහකරුගේ හෝ පෞද්ගලික ආදායම් තත්වයන් වෙනස් වේ නම්,එය හෙළි කල යුතු ඔහු පවසයි.

ආදායමේ වැඩි වීමක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම හෝ පෞද්ගලික තත්ත්‍වයන් වෙනස් වීම නොදැන්වීම බරපතල කරුණක් වන අතර එය ප්‍රතිවිපාක ගෙන දිය හැකිය.

ඔබ නුසුදුසු ගෙවීමක් සඳහා හිමිකම් කීවොත් හෝ ඔබේ තත්වය පසුව වෙනස් වූවා නම් සහ වෙනස ගැන Centrelink වෙත නොදන්වා ඔබට රජයේ ගෙවීම් දිගටම ලැබුනේ නම්, ඔබට මුදල් ආපසු ගෙවීමට සිදු විය හැකිය.

එල්-ෆහ්ක්‍රි මහතා පවසන්නේ යම් වෙනසක් සිදු වුවහොත්, දින 28 ක් තුළ එය දැන්වීමේ අවශ්‍යතාවක් ඇති බව.

Services Australia වෙබ් අඩවිය මඟින් ඔබ රජයේ ගෙවීම් සඳහා සුදුසුකම් ලබන්නේද සහ කොපමණ කාලයක් බලා සිටීමට බලාපොරොත්තු විය යුතුද යන්න පැහැදිලි කරයි.


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න


 

මේ පිලිබඳ ගුවන්විදුලි විශේෂාංගය ට සවන්දෙන්න පහත ලින්ක් එකෙන් 

This story is also available in other languages.
Show languages