Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට ජනවාරි 26 දුෂ්කර දිනයක් වන්නේ ඇයි?

Watu washiriki katika maandamano ya "siku ya uvamizi" kwenye siku kuu ya Australia mjini Melbourne 26 January, 2018. Source: Getty

සෑම ජනවාරි 26 දිනකම ඕස්ට්‍රේලියාව 1788 දී බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ ආරම්භය සනිටුහන් කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ ආරම්භය “ඕස්ට්‍රේලියානු දිනය” ලෙස හැඳින්වීම මතභේදාත්මක ය. 1938 සිට ආදිවාසී සහ Torres strait වැසියන් , ජනවාරි 26, ‘ශෝක දිනයක්’ ලෙස පවසන අතර මෑත කාලයේ බොහෝ දෙනෙක් එම දිනය ‘ආක්‍රමණ දිනය’ හෝ ‘දිවි ගලවා ගැනීමේ දිනය’ ලෙස හැඳින්වූහ.

“ජනවාරි 26” විස්තර කිරීමට තෝරා ගන්නා විවිධ ක්‍රම පිටුපස, පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය යොදා ගැනේ .

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් යුරෝපියන් පැමිණීමට පෙර තිබු ඉඩම්, අධ්‍යාපනය, නීති, ප්‍රතිපත්ති, සෞඛ්‍යය යනාදිය පිළිබඳ බලය අහිමි වීම  මෙයට හේතු වේ.
කෙසේ වෙතත්, ස්වදේශික කණ්ඩායම් අතර, පරමාධිපත්‍යය පිළිගන්නා ආකාරය පිළිබඳ විවිධ මත තිබේ.

Australians Celebrate Australia Day As Debate Continues Over Changing The Date
Australians Celebrate Australia Day As Debate Continues Over Changing The Date
Getty Images

‘පිළිගැනීම’

 

පිළිගැනීමේ යෝජිත එක් ක්‍රමයක් වන්නේ ආදිවාසීන් පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. ව්‍යවස්ථාමය වෙනසෙහි වැඩකටයුතුවලට විශේෂ මණ්ඩල, සෙනෙට් විමසීම්, ව්‍යවස්ථාමය කොමිෂන් සභා සහ ජනමත විචාරණ සභා, වාර්තා සහ නිර්දේශ 1980 දශකයේ සිට ඉදිරිපත් කර ඇත.

මෙම සාකච්ඡාවල වඩාත් ප්‍රකට ආකෘතියක් වන්නේ ආදිවාසී සහ ටොරස් ස්ට්‍රේට් දූපත් ප්‍රජා නියෝජිතයන් සමඟ රට පුරා පැවැත්වූ දින තුනක සංවාද 13 ක විස්තර කෙරෙන ‘හදවතින් උළුරු ප්‍රකාශය’ ය.


0:00

'ආදිවාසී ජනයාගේ හඬ'

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආදිවාසී ඕස්ටේ‍්‍රලියානුවන් පිළිගැනීමේ පරමාර්ථය නම්, ඔවුන්ගේ ප‍්‍රජාවන්ට අදාළ කරුණු කෙරෙහි බලපෑම් කිරීමට හා තීරණ ගැනීමට ඔවුන්ට හැකි වන පරිදි හඩක් ලබා දීමයි.

එහෙත් සමහරු සිතන්නේ ස්වදේශික ඕස්ට්‍රේලියානු කටයුතු අමාත්‍ය Ken Wyatt විසින් යෝජනා කරන ලද පරිදි, “පාර්ලිමේන්තුවට හඩක් වෙනුවට “රජයට හඩක්" බවට පත්වන නියෝජිත මණ්ඩලයක් නිර්මාණය කිරීමෙන් මෙය සාක්ෂාත් කරගත හැකි බවයි.

යථාර්ථය නම් ඔබට පාර්ලිමේන්තුවට හඩක් නැගිය හැකි නමුත් රජයට හඩක් නැගීම යනු නීති සම්පාදනයට බලපෑමක් කිරීම බව ඒ මහතා පවසයි.

එහෙත්, Bundjalung සහ Kungarakan කාන්තාවක් වන Dani Larkin පවසන්නේ , Wyatt මහතා විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවාට වඩා එය නීතිගත නොකිරීමේ  යෝජනාව “අවාසනාවන්ත” එකක් බව.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ජනමත විචාරණයකට පාර්ලිමේන්තුව යොමු කිරීම සඳහා විශාල සහයෝගයක් ලැබී ඇති අතර එය නොකෙරීමෙන් ඕනෑම අවස්තාවක ව්‍යවස්ථාවෙන් ලැබෙන ආරක්ෂාව ඉවත් කර දැමිය හැකි බව Dani පවසයි.

Ken Wyatt
Ken Wyatt, Minister for Indigenous Affairs.
Getty Images

ගිවිසුම’


විශාල වශයෙන් විවාදයට භාජනය වූ තවත් සංකල්පයක් වන්නේ 'ගිවිසුම' යන්නයි.

එහි අර්ථය වන්නේ රජය සහ ආදිවාසීන් අතර විධිමත් ගිවිසුමක් වන අතර එය බ්‍රිතාන්‍ය ආගමනයට පෙර ආදිවාසී සහ ටොරස් දූපත් ජාතීන්ගේ පැවැත්ම සහ පසුව ඉඩම් අත්පත් කර ගැනීම හා සම්බන්ධ ගිවිසුමයි.
නවසීලන්තය, එක්සත් ජනපදය සහ කැනඩාව පළමු ජාතීන් සමග එසේ ගිවිසුමකට එලබුනා.

 

ගුනායි සහ ගුන්ඩිජ්මාරා කාන්තාවක් වන ග්‍රීන්ස් පක්ෂ වික්ටෝරියානු සෙනට් සභිකවරියක් වන Lidia Thorpe 2017 දී උළුරු සමුළුවෙන් ඉවත් වුවා.
ආදිවාසී ජනයාට අවශ්‍ය දේ සහ ඔවුන්ට අවශ්‍ය දේ තීරණය කිරීම ඔවුන්ගේ අයිතියයි. ඒ පිළිබද සංවාදයක් අවශ්‍ය බව Lidia පවසයි.

සමහර ආදිවාසී සහ ටොරස් දුපත් තරුණ කණ්ඩායම් මේ ගිවිසුම් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන අතර ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථාමය පිළිගැනීමක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරති.


Lidia Thorpe
Senator Lidia Thorpe during a smoking ceremony at the Aboriginal Tent Embassy at Parliament House in Canberra.
Getty Images

මෙම තරුණ කණ්ඩායම් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා දේශපාලන වෙනසක් ඉල්ලා විරෝධතා පවත්වයි.

ව්‍යවස්ථාමය පිළිගැනීමට එරෙහි මෙම කණ්ඩායම Warriors of the Aboriginal Resistance වන අතර එය WAR ලෙසද හැඳින්වේ.


Protest against Australia Day in Melbourne
Indigenous activists and supporters protesting in Melbourne on 26 January 2019.
Getty Images

WAR හි නිල ස්ථාවරය වන්නේ යටත් විජිත ව්‍යුහයන් සමඟ සම්බන්ධ නොවීමයි,  ආදිවාසී සහ ටොරස් ස්ට්‍රේට් දූපත් වැසියන්ට ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේම තීරණ ගැනීමට ඉඩ සැලසීම අවශ්‍ය බව ඔවුන් පවසයි.


ටස්මේනියාවේ Aboriginal Land Council හි palawa පුද්ගලයෙකු වන Michael Mansell විශ්වාස කරන්නේ ආදිවාසී ජනතාවට සංකේතාත්මක හා අර්ථවත් පිළිගැනීමක් ලබා දීමට තෝරා ගැනීමක් ඇති බවයි.


 පාර්ලිමේන්තුවට ගිවිසුමක් අත්සන් කිරීම  නම් එය සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ. විශ්වසනීය ජාතික නියෝජිත ආදිවාසී ආයතනයක් පිහිටුවීම සඳහා නීති සම්පාදනය කිරීමට ෆෙඩරල් පාර්ලිමේන්තුවට එවිට අවස්තාව ලබෙන බව ඔහු පවසයි


Scenes In The Winter Light Of Australia
The red rock face of Uluru at sun set, the sacred home for thousands of years of the Yankunytjatjara and Pitjantjatjara people in the central Australian desert.
Getty Images AsiaPac

මහාචාර්ය Tom Calma යනු Kungarakan හා Iwaidja පුදගල්යෙකි.
ඔහු රජයේ Voice Co-Design Senior Advisory Group හි සම සභාපතිවරයා ය.
රජයට විවිධ ආකෘතීන් ගණනාවක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ කාර්යභාරය බව ඔහු පැහැදිලි කරයි, එවිට හඩක් නැගීම කුමන හැඩයක් ගනීද යන්න රජය තීරණය කරනු ඇත.

රජය වෙහෙසෙන්නේ ලබන මැතිවරණයට පෙර ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කොට අදහස් විමසා නීතිගත කිරීමයි.
ඔහු පවසන්නේ මේ අවස්ථාවේ ආදිවාසී ජනයා ඔවුන්ට ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයා ද ආදිවාසී කටයුතු අමාත්‍ය මතය වෙත සහය දක්වන බැවින් ජාතික න්‍යාය පත්‍රයට එවන් පිළිගැනීමක් ලබා ගැනීමට මෙය කදිම අවස්තාවක් බවත් ඔහු පවසයි

This story is also available in other languages.