Covid 19 වසංගත තත්වයත් සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වන තාවකාලික වීසා වල සිටින කාන්තාවන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට වැඩිපුර මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ ඇති සේවා ඔවුන්ට ලබා ගත නොහැකි වීම මීට හේතුව වී තිබේ.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පවසන පරිදි සාමාන්‍යයෙන් අවුරුදු 15ට වැඩි කාන්තාවන් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකුම ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දේ. වික්ටෝරියා හි inTouch multicultural centre සංවිධානයේ මික්හාල් මොරිස් පවසන්නේ මෙම වසංගතය නිසා බොහෝ පවුල් වල ඇතිවූ ආතති තත්වය නිසා ගෘහස්ත හිංසන උපකාර දුරකථන සේවා වලට ලැබුණු ඇමතුම් වැඩි වී ඇති බවයි
විශේෂයෙන් මෙම වසංගත නිසා සිය රැකියා අහිමි වූ කාන්තාවන් රැසක් ඔවුන්ගේ වීසා කාණ්ඩය නිසා රජයේ සහන නොලැබීමත් නිසා එවන් අවස්ථා වලදී ඔවුන්ගේ වාසස්ථානය හා ආහාර නොමැති වේ යයි බියෙන් සිටින බව ඇය පවසයි.
එසේම intouch හි සේවය කරන වෛද්‍ය Ruchita Ruchita මහත්මිය පවසන්නේ සංක්‍රමණික හා සරණාගත පසුබිමකින් පැමිණෙන කාන්තාවන් ඔවුන්ගේ ලැජ්ජාව නිසා ඒ සම්බන්ධයෙන් උපකාර ලබා නොගන්නා බවයි.
එසේම මෙම කාන්තාවන්ට තම රටට යා නොහැකි වී ඇත්තේ ආර්ථික ගැටළු හා එම රටවල දේශ සීමා වසා දැමීම නිසා. ඒ නිසා තමාට හිරිහැර කල සහකරු වෙතම නැවත යාමට සිදුවූ කාන්තාවන් පිළිබදවද වයිදය Ruchita පවසයි
InTouch සංවිධානය මෙසේ බහුසංස්කෘතික කාන්තාවන්ට නීති උපදෙස් ලබා දිය හැකි එකම ආයතන වන අතර ඔවුන් පවසන්නේ වසර 2018-19 සමයේ ඔවුන්ගේ සහය ලබා ගත් කාන්තාවන් 40%ක් ම තාවකාලික වීසා ලාභීන් විය
මෙම වසංගතය හමුවේ ද වැඩිපුර ඉංග්‍රීසි දැනුම නොමැති කාන්තාවන් ගේ අසරණ භාවය නිසා ඔවුන් උපකාර ගැනීමට නොහැකිව සිටින බවත් වාර්තා වේ. වසංගතය නිසා ඇතිවී ඇති මානසික ආතතිය තවදුරටත් තීව්ර වී ඇති බවත් පැවසේ.
එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් තුල සිදුවන හිංසන පිළිබද පැවතී රාජකීය කොමිසමෙන් පසුව පවුල් තුල සිදුවන හිංසන ශාරීරික හිංසන පමණක් නොව මානසික වශයෙන්ද සිදුවන බව සැලකීමට ගැනින. කාන්තාවන් මානසිකව , ආර්ථිකව හෝ ශාරීරිකව එවන් හිංසන වලට මුහුණ දේ නම් ඔවුන්ට උපකාර ලබා ගත හැකි වේ.
සංක්‍රමණික නීතීඥ Nilesh Nandan පවසන්නේ තාවකාලික වීසා එකක සිටින කාන්තාවකට ඇය යැපෙන්නා නම් හිංසන පිලිබදව වෛද්‍යවරයා, මානසික උපදේශක , සමාජ සේවක හෝ පොලීසිය විසින් හිංසන පිළිබද තහවුරු කල හොත් එම පුද්ගලයාගෙන් ඉවත් වීමට හැකි බව.
මධ්‍යම රජය විසින් කොරෝනා වසංගතය සමයේ ගෘහස්ත හිංසනයට මුහුණ දෙන පුද්ගලයින් වෙනුවෙන් ඩොලර් මිලියන 150ක් වෙන් කොට තිබේ. Morris මහත්මිය පවසන්නේ මෙම කාන්තාවන් හට රැකියා කිරීමට හා සෞඛ්‍ය පහසුකම් සදහා ඔවුන්ගේ වීසා මගින් විවිධ සීමා ඇති බවයි.
මේ අතර inTouch සංවිධානය විසින් මෙල්බන් නුවර Sibling by Kinfolk නම් සංවිධානය හා එක්ව එම කාන්තාවන්ට ආහාර සැපයීම සිදු කළා. බොහෝ කාන්තාවන් අවන්හල් හා රුපලාවන්‍යාගාර වල සේවය කල නිසා ඔවුන් ගේ රැකියා අහිමි වී ඇති බවත් වාර්තා වනවා.
අපි Tracey කියා හඳුන්වන යුරෝපීය සම්භවයක් ඇති තාවකාලික රැකියා වීසා එකක සිටින පුද්ගලයෙකු ගේ යැපෙන්නෙකු බවට කාන්තාවක් වසර 2ට පෙර එම සබදතාව බිදුණු පසු මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදුනු එම පුද්ගලයා නිසා ඇයට හිංසන වලට මුහුණ දීමට සිදු වුනා.
කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක අයෙකුම එසේ තම වත්මන් හෝ පෙර සහකරු නිසා හිංසන වලට ලක් වෙනවා. Tracey ඒ නිසා මානසික ගැටළු වලට මුහුණ දුන්නා. ඇය Northern Territory හි සේවය කරන ලාභ නොලබන ආයතනය ඇයට අනුග්‍රහය දක්වා ස්ථිර පදිංචිය ලබා දීමට අපහසු බව පවසා තිබේ.
ඒ නිසා එම හිංසාකාරී සහකරුගේ යැපෙන්නෙකු ලෙස වීසා එක තුලම සිටීමට ඇයට සිදු වුනා.
නීතීඥ Nandan පවසන්නේ Tracey විදෙශිකයෙකුගේ සහකාරියක් නිසා ඇයට ඇගේම වීසා එකක් අයදුම් කිරීමට සිදු වන බවයි. ඒ නිසා මෙවන් කාන්තාවන් හිංසන වලට මුහුණ දුන් පසු ඔවුන්ගේ සහකරුවන් ගෙන් මිදීමට හැකි වුවද ඔවුන්ට රජයෙන් වීසා සහන නොලැබේ.
වසර 2015-16 සමයේ තාවකාලික වීසා වල සිටින කාන්තාවන් 529 දෙනෙකු ස්ථිර පදිංචිය ලබා ගැනීමට වූ විශේෂ ගෘහස්ත හිංසන අංශයේ ඉල්ලීම් කොට තිබෙනවා
යැපෙන්නන් ලෙස සිටින කාන්තාවන් එම වීසා එකෙන් ඉවත් වී වෙනත් වීසා එකකට අයදුම් කිරීමට සිදු වන අතර එසේත් නැත්නම් ඔවුන්ට මව් රටට යාමට සිදු වනවා
එසේම ශිෂ්‍ය වීසා සදහා පාටමාලාවක අධ්‍යාපනය ලැබීමට හා ගාස්තු ගෙවීමට සිදු වන අතර ඔවුන් ප්‍රධාන අයදුම් කරු විය යුතු වේ. රැකියා වීසා ලබා ගැනීමට ඒ සදහා අනුග්‍රහය ලබා දෙන සේවායෝජයෙකු සිටිය යුතු වේ
මිකාල් මොරිස් පවසන්නේ inTouch ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙවන් හිංසන වලට මුහුන දෙන කාන්තාවන්ට වීසා කාණ්ඩය නොසලකා රාජ්‍ය සේවා ලබා දෙන ලෙස. එසේම නිවසේ එවන් පුද්ගලයෙකු සිටින කාන්තාවන් 1800 respect වෙත හා Safe Steps සේවා අමතන ලෙසත් ඇය පවසයි
පහත වෙබ් අඩවි තුලින් ඔබටත් සහය පැතිය හැකියි
National Sexual Assault, Family & Domestic Violence Counselling Line - 1800 737 732
Beyondblue -1800 512 348
Multicultural Centre for Women’s Health - 1800 656 421
Lifeline - 13 11 14
භාෂා පරිවර්තන සහය සදහා 13 14 50
හදිසි අවස්තාවකදී 000 අමතන්න