SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය වික්ටෝරියා ප්‍රාන්තයෙන්.. NSW පසුපසට (SBS සිංහල/ වාර්තා)

vic
Source: ABC Australia

2 min read

Published

By Charitha Adikari



Skip to article content

CommSec ආයතනය විසින් ඉදිරිපත් කරනා ශක්තිමත්ම ආර්ථිකය හිමි ප්‍රාන්ත අතරින් ඕස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය වික්ටෝරියාවට හිමි බවට වාර්තා වේ.

වසර 4කට පසු NSW ප්‍රාන්තයට මෙම ස්ථානය අහිමි වී තිබේ. එසේම වික්ටෝරියා ප්‍රාන්තය මෙය ලබා ගත ප්‍රථම අවස්ථාවත් මෙයයි.

නමුත් ප්‍රාන්ත දෙක අතර පරතරය නම් ඉතා අඩු බවයි Comm Sec ආයතනය පවසන්නේ.

ප්‍රධාන වෙනස් කම නිවාස වෙළද පොලෙන්

සිඩ්නි නුවර නිවාස වෙළද පොළ ඉතා සෙමින් වර්ධනය් වීම මීට ප්‍රධානතම හේතු ව වී තිබේ. මෙල්බන් නුවර නිවාස වෙළද පොලේ ඉක්මන් වර්ධනයක් පෙන්නුම් කරයි. එයට වික්ටෝරියා හි ගොඩනැගිලි ඉදිවීම හා ජනගහන වර්ධනය වැඩි වීම හේතු වී තිබේ

වික්ටෝරියා හා NSW හැරුණු කොට ACT හා ටස්මෙනියාවේද ජනගහන වර්ධනයක් දක්නට ලැබෙන නිසා එතුලින් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.

වික්ටෝරියා රජයේ භාණ්ඩාගාරික Tim Pallas පවසන්නේ රජයේ ආයෝජනද මීට හේතු වූ බවයි. විශේෂයෙන්ම රෝහල්, මහාමාර්ග හා පාසල් සදහා ආයෝජන සිදු කිරේම මෙයට හේතු වූ බව ඔහු පවසයි. නමුත් වික්ටෝරියා හා NSW හැරුණු කොට අනෙක් ප්‍රාන්ත අතර පරතරය ඉතාව වැඩි බවත් හෙළි වේ.

දුර්වල ආර්ථිකයන්

5 වැනි හා 6 වැනි ස්ථාන වලට ක්වීන්ස්ලන්තය හා දකුණු ඔස්ට්‍රේලියාව අයත් වන අතර ඉන් පසුව පසුපසින් සිටින්නේ Northern Territory හා බටහිර ඔස්ට්‍රේලියාවයි. පතල් කර්මාන්තයේ කඩා වැටීමෙන් ගොඩ ඒමට එම ප්‍රාන්ත උත්සහ ගනිමින් සිටින බවද හෙළි වේ. එසේම දැන් පතල් ආශ්‍රිත ද්‍රව්‍ය වලට යම් වැඩි ඉල්ලුමක් ඇති වෙමින් පවතින නිසා එය මෙම ප්‍රාන්ත වලට යම් පිහිටක් ගෙන දෙනු ඇති බවද සදහන්.

Commsec හි ප්‍රධාන් ආර්ථික නිලධාරී Craig James මහතා පවසන්නේ  මෙම තත්වය යටතේ ඔස්ට්‍රේලියාව ආර්ථික පසුබෑමකට   මුහුණ දීමේ ඉඩකඩ  ඉතා මද බවයි

 

source: ABC news


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now