Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

ක්‍රිකට් ලොව කලබමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Steve Smith තමා පන්දුව පලුදු කිරීමකට එකග වූ බවට පිලි ගනී

steve smith

Source: AAP

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තුන් වැනි තරගයේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක Cameron Bankroft ට පන්දුව පලුදු කිරීමට අවසර ලබා දුන් බවට නායක Steve Smith පිළිගෙන තිබේ.

ක්‍රීඩකයන් කහ පැහැති tape එකක් පන්දුව මත ඇලවීමෙන් පසුව පන්දුවට පිටියේ වෙනත් ද්‍රව්‍ය ඇලීමෙන් පන්දුව පලුදු කිරීමට තීරණය කල බවට Smith පවසා තිබේ. මෙම ක්‍රියාව නීත්‍යානුකුල නොවන බව පිලිගන්නා නමුත් ඔහු නායකත්වයෙන් ඉවත් වීමට ථෙඑඑරංඅය නොකරන බව පවසා තිබේ . නමුත් Steve Smith මේ වන විට තරගාවලියේ නායකත්වයෙන් ඉවත් වී Tim Payne ට නායකත්වය පවරා ඇති බවද වාර්තා වේ. මේ නිසා ස්මිත් ගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත බවට වාර්තා පල වේ.

Cameron
Source: SBS

මේ පිළිබද ප්‍රකාශයක් නිකුත් කර ඇති ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසන්නේ මෙම හෙළිදරව් වීමෙන් තමා ඉතා කම්පනයට හා කනගාටුවට පත් වූ බවයි. අග්‍රාමාත්‍යවරයා Cricket Australia හි සභාපති David Peever සමග කතා කොට ඇති බවත් , ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ආදර්ශවත් චරිත විය යුතු බැවින් මෙම ක්‍රියාව කනගාටුදායක බව ඔහු පවසා තිබේ .

එසේම මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍ය Bridget McKenzie පවසන්නේ මේ හේතුව නිසා අද දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ශෝක දිනයක් ලෙසයි. එසේම අග්‍රාමාත්‍යවරයාගේ එන පරිදි මේ පිලිබදව විධිමත් විමර්ශනයක් සිදු කරන බවද ඔහු පවසයි

මේ අතර හිටපු ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන Shane Warne හා Michael Clarke වැනි ක්‍රීඩකයන්ද සමාජ වෙබ් අඩවි හරහා මෙම සිදුවීම පිලිබදව විශ්මය හා කනගාටුව පල කොට තිබේ. මෙය නරක හීනයක් දැයි twitter වෙබ් අඩවිය ඔස්සේ Michael Clarke පවසා තිබේ.

මෙම පන්දුව පලුදු කිරීමට සම්බන්ධ වූ Cameron Bancroft පවසා ඇත්තේ පන්දුවට ඇලවීමට තැත් කල කහ පැහැ පටය කැමරාවට හසු වූ හෙයින් එය සිය කලිසම තුලට දමා ගැනීමට උත්සුක වූ බවයි

Cricket Australia ආයතනයේ ප්‍රදානී James Sutherland පවසා ඇත්තේ නිලධාරීන් මේ පිළිබද විමර්ශනය සදහා දකුණු අප්‍රිකාව වෙත යාමට තීරණය කොට ඇති බවයි  


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now