Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

අනාගතයේ සාගර වල මත්සයන්ට වඩා ප්ලාස්ටික් හමු වේද ?

ඕස්ට්රේලියාවේ සාගර වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක වීම නිසා මුහුදු පක්ෂීන් තර්ජනයට ලක්ව ඇති බවට වාර්තා වී තිබේ. සෙනට් සභාව විසින් සිදු කරන ලද විමර්ශනයක් මගින් හෙළි වී ඇත්තේ පක්ෂීන් දස දෙනෙකුගෙන් එක පක්ෂියෙක්ම මේ සාගර දුෂනය නිසා මිය යන බවයි. පර්යේෂණයකට අනුව Shearwater Birds නම් වූ පක්ෂීන් 11%ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මිය යන බවයි

Plastic Pollution

Source: plasticpollution.org

ඕස්ට්‍රේලියාවේ සාගර වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක වීම නිසා මුහුදු පක්ෂීන් තර්ජනයට ලක්ව ඇති බවට වාර්තා වී තිබේ. සෙනට් සභාව විසින් සිදු කරන ලද විමර්ශනයක් මගින් හෙළි වී ඇත්තේ පක්ෂීන් දස දෙනෙකුගෙන් එක පක්ෂියෙක්ම මේ සාගර දුෂනය නිසා මිය යන බවයි. පර්යේෂණයකට අනුව Shearwater Birds නම් වූ පක්ෂීන් 11%ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මිය යන බවයි

මෙම තත්වය අනෙකුත් ජීවී විශේෂ වලටත් බලපාන බවයි සාගර විද්‍යා පර්යේෂිකා Jennifer Lavers පවසන්නේ. මේ පිලිබඳ සෙනට් වාර්තාවක් ඉල්ලා තිබෙන්නේ ටස්මෙනියාවේ Greens පක්ෂ සෙනට් සභික Peter Whish Wilson විසින්. සයුරේ ප්ලාස්ටික් දුෂණය පරිසර පද්දති, මත්සයන් ,සහ කුඩා කර්මාන්ත වලට බලපාන අකාරය පිළිබඳව ඔහු විසින් විමර්ශනයක්ද කර තිබෙනවා.

බොහෝ දෙනෙක් බිය පල කරන්නේ නුදුරු අනාගතයේදී සාගර වල මත්සයන්ට වඩා ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවේ යන අදහසින්.

පර්යේෂක Ian Hutton ට ප්ලස්තික් කැබලි 274ක් සිරුරේ තිබු පක්ෂියෙකු හමුවී තිබෙනවා. එය එම පක්ෂියාගේ බරින් 14%ක්. එය මිනිසෙකු ප්ලස්ටික් මල්ල්ලක් උදරයේ තබා ගෙන යාමට සමාන කල හැකි  බවයි පවසන්නේ. ආචාර්ය Lavers පවසන්නේ ගෝලීය උණුසුම් වීම සහ සාගර ජල මට්ට්ටම ඉහල යාම හා සමානවම මෙම සාගර දූෂනය ගැටළුවක් වී තිබුනත් ඒ පිලිබඳ සිදු වන පර්යේෂණ  ප්‍රතිපාදන ඉතාම අවම බවයි.

එසේම ඇය පවසන්නේ මේ ගැටලුව පිලිබඳ ව තවම හෙළි කරගෙන ඇති කරුණු ඉතා අවම වන බවයි .

ශ්‍රී ලංකාවේත් ජලජ පරිසර ආශ්‍රිතව මෙම ප්ලස්ටික නිසා ගැටළු මතුවී තිබෙනවා. ජාතික විද්‍යා පර්යේෂණායතනයේ විද්‍යා නිලධාරිනී සුචීමා ගෝනපීනුවල පවසන්නේ බොහෝ විට ශ්‍රී ලංකාවේ Tetra Pack යනුවෙන් හැඳින්වෙන අහාර ඇසුරුම් වල ඇති  දිරා නොයන ගුණය නිසා මෙවන් ගැටළු මතුවන බවයි. එසේම දිරා නොයන Phthalates නම් ද්‍රව්‍ය නිසා ජලජ ජීවීන් ගේ  සිරුරු තුල ඒවා තැම්පත් වීමෙන් අහාර දාමයේ ඉහලට ඒවා ගමන් කල හැකි බවත් ඇය පවසනවා.

Clean Up Australia සංවිදානය  පවසන්නේ ඕස්ට්‍රේලියානු රරජය දකුණු ඕස්ට්‍රේලියාවේ මෙන් ප්ලාස්ටික් බෝතල් එක් රැස් කර මුදල් ලබා දීම සිදු කල යුතු බවයි. එසේම ජලයට ප්ලාස්ටික් එක් වීම අවම කිරීමට බෝතල් වලට සවිකල පියන් නිෂ්පාදනය කල යුතු බවත් Clean Up Australia හි  Ian Kiernan  යෝජනා කරනවා. මේ පිළිබඳව සෙනට් සභාවේ  ජනතා අදහස් ලබා ගැනීම  පෙබරවාරි මාසයේ  සිදු වේ


2 min read

Published

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now