Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවෙන් ප්ලාස්ටික් බෑග් භාවිතය නැවතිය හැකි වේද? (SBS සිංහල /වාර්තා)

bags

Source: SBS

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම සුපිරි වෙළඳ සල් ජාලය හිමි ආයතනය ප්ලාස්ටික් බෑග් භාවිතය නතර කිරීමට තීරණය කර තිබේ . නමුත් මේ සදහා තවමත් කටයුතු කර නැති ප්‍රාන්තය වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි . NSW හි අග්‍රාමාත්‍ය Gladys Berejiklian පවසන්නේ ඒ සදහා නීති අවශ්‍ය නොවන්නේ එම ආයතන මගින්ම එම තීරණ ගැනීමට ඉඩ ලබා දී ඇති නිසා බවයි

bag
Source: SBS

ප්‍රධාන සුපිරි වෙළඳ සල් 3ක් මගින් ප්‍රාන්තයේ ප්ලාස්ටික් 80%ක් ම භාවිතා වන බව හෙළි වී තිබේ. Deakin විශ්ව විද්‍යාලයේ ආචාර්ය Trevor Thornton පවසන්නේ ඕස්ට්‍රේලියාවේ කසල එකතු වීම අතින් ප්ලාස්ටික් බැග් 1%ක් පමණක් බවයි .

වැඩිම කසල ඇති වන්නේ සිගරට් කොට (26,548ක් ) බවත් take away කෑම බදුන් (10,828ක් ) බවත් හෙළි වී තිබේ .

ඒ නිසා මෙම බැග් තහනම තුලින් දැඩි වෙනසක් සිදු වේද යන්න සැක සහිතයි . කෙන්යාව හා බංග්ලාදේශය වැනි රටවල් මෙම මලු භාවිතය තහනම් කොට තිබේ .

bags
Source: SBS

එසේම වාර්තා වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ පොලිතීන් මලු තහනමත් සමග bin liner භාවිතය වැඩි වී ඇති බවයි .නමුත් bin liner වල සුවද කාරක රසායන ද්‍රව්‍ය ඇති හෙයින් එය මලු වලට වඩා අහිතකර විය හැකි බවද පැවසේ .

නමුත් NSW ප්‍රාන්තයේ එක වරක් පමණක් භාවිත කල හැකි ප්ලාස්ටික් බැග් භාවිතය ඇති කිරීමට විවිධ සංවිධාන ඉල්ලීම් කොට තිබේ .මේ වන විට Wollongong, Woollahra, Northern Beaches හා  Port Macquarie වැනි ප්‍රදේශ වල ඒ සදහා විවිධ පියවර ගෙන ඇත 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now