ඔබත් නව වසරට ශ්‍රී ලංකාවට මුදල් යැවීමට කල්පනා කළා නම් ඕස්ට්‍රේලියාවේ සිට මුදල් යැවීමේ ආයතන වලට ඕස්ට්‍රෙලියානු බැංකු විසින් පනවා ඇති සීමාවන් නිසා ඔබත් අසීරුතාවයට පත් වුවා විය හැකියි. මෙසේ බැංකු විසින් කුඩා පරිමානයේ මුදල් යැවීමේ ආයතන වලට සහය දැක්වීම නවතා දැමුවේ ආරක්ෂක හේතුන් මත විදේශයන්ට මුදල් යැවීම පාලනය් කිරීමේ අරමුණින්.
වාර්තා වන අන්දමට ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණික ප්‍රජාවට උත්සව සමයේ මෙම හේතුවෙන් මුදල් යැවීමේ අපහසුතා වලට මුහුණ දීමට සිදුවී තිබේ. ඒ වෙනත් ක්‍රම හරහා වැඩි ගාස්තු වලින් මුදල් යැවීමට සිදුවීම නිසා.
ඕස්ට්‍රේලියානු රජයේ වාර්තා අනුව සෑම මසකම ඔඩ්ට්‍රෙලියාවේ සිට දියුණු වෙමින් පවතින රට වලට ඩොලර් 10 සිට ඩොලර් 1000ක් දක්වා මුදල් වැවීම් සිදුවෙනවා. වසරක් තුල ඩොලර් මිලියන 30ක් පමණ රටවල් 150ක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට යැවීම සිදුවෙනවා. මුළු ලෝකයෙන්ම වැඩි පුර මුදල් යැවීම් සිදුවන්නේ ඉන්දියාවට, චීනයට සහ පිලිපීනයටයි. මෙම නව රෙගුලාසි නිසා සමහර කුඩා පරිමානයේ මුදල් යැවීමේ ආයතන වසා දැමීමත් සිදුව තිබේ.
නමුත් ඕස්ට්‍රේලියානුBankers Association හි Steven Munchenberg පවසන්නේ ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් යැවීම පාලනයට අන්තර්ජාතික නීතිය ඔස්සේ මුදල් යවන්නේ කාටද යන්න දැන ගත යුතු බවයි. නමුත් මෙම කුඩා පරිමානයේ මුදල් යැවීමේ ක්‍රම මගින් සැම විටම එවන් දත්ත නොලැබෙන නිසා ඒවා පාලනය කිරීමට සිදු වන බවයි. නමුත් බොහෝ මුදල් යැවීමේ ආයතන පවසන්නේ ඔවුන්ගේ සියලු ගනුදෙනු Austrac ආයතනය වෙත වාර්තා කරන බවත් මෙමගින් බැංකු වැඩි පොලී ලබමින් වාසි ලබා ගැනීමට තැත් කරන බවයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවදානය යොමු කර ඇති බවට සිඩ්නි ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Craig Kelly පවසනවා.

