SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රාජකීය කොමිසම හමුවේ බැංකු විසින් නිවාස ණය ලබා දීම සීමා කරාවිද ? (SBS සිංහල/වාර්තා )

bank
Source: AAP

2 min read

Published

By Charitha Adikari

Source: SBS News



Skip to article content

වසර ගණනක වර්ධනයෙන් පසු ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳ පොළ යම් මන්දගාමීත්වයක් පෙන්වනවා. NAB බැංකුවේ ආර්ථික විද්යාන්ග්‍ය Alan Oster පවසන්නේ දේපොළ මිල වර්ධනයේ නැගීම 0.8%කින් අඩු වී ඇති බවයි .නමුත් නිවාස මිල ගණන වල යම් අඩුවීමක් දක්නට ලැබෙන්නේ සිඩ්නි නුවර පමණයි. එසේම තට්ටු නිවාස වල මිල සිඩ්නි, බ්‍රිස්බන් හා පර්ත් නුවර වල අඩු වීමක් තිබෙනවා.

දේපොළ මිල වැඩි වීමේ වාර්තා පහතින් දැක්වේ

chart
Source: NAB

නමුත් මේ වන විට සිඩ්නි හා මෙලබ්න් නුවර අවශ්‍ය තරමට නිවාස සැපයීමක් නොමැති අතර බොහෝ නිවාස නය හිමියන් ඔවුන්ගේ නැවත ගෙවීම් අතින් ඉදිරියෙන් සිටින බවත් , රැකියා කරන ප්‍රතිශතය වැඩි වී ඇති බවත් වාර්තා වෙනවා . විරැකියා ප්‍රතිශතය 8%ක් වූ විට යම් බලපෑමක් ඇති විය හැකි වුවත් දැනට ඇති ප්‍රතිශතය 5.5%ක් .

එසේම ප්‍රථම නිවාස මිලදී ගන්නන් ද වැඩි වී තිබෙනවා. මේ වසර ප්‍රථම කාර්තුවේ 40% කම ප්‍රථම නිවාස මිලදී ගන්නා පුද්ගලයන් වීමත් විශේෂත්වයක් . විදේශ ගැනුම් කරුවන් වසර 6කින් අඩුම ගය වන 10.9% වී තිබේ.

ජීවත් වීම සදහා නිවාස මිලදී ගන්නා අය 8% කින් ද යෝජක යන 2.8%කින් වැඩි වී තිබේ

ඉදිරියේ නිවාස මිල වැඩි විය හැකි උපනගර පහත සිතියමෙන් පෙන්නුම් කෙරේ

NAB
Source: NAB

නමුත් බැංකු පිළිබද රාජකීය කොමිසම විසින් ණය ලබා දීමේ රෙගුලාසි දැඩි කිරීමට යෝජනා වුව හොත් එය නිවාස වෙළදපොල වර්ධනයට යම් බලපෑමක් ඇති කල හැකියි.

දැනට නය අයදුම්කරුවෙකුට ඔවුන්ගේ ආදායම මෙන් පස් හෝ හය ගුණයක නායක ලබා ගත හැකියි.  නමුත් දැඩි  රෙගුලාසි යටතේ සහ වැඩි ජීවන වියදමක් යටතේ එය ආදායම මෙන් 3-4 ගුණයක ණය ලබා දීමක් බවට පත් විය හැකියි 


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now