Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු රජයේ වීසා කාණ්ඩ කප්පාදුව තුලින් වීසා සදහා ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම හා වීසා වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීම වැඩි වන බවට සංක්‍රමණික ඒජන්තවරු අනතුරු අගවයි (SBS සිංහල / වාර්තා)

The Australian Government Department of Immigration and Citizenship in Sydney on Monday, May 28, 2012. (AAP Image/April Fonti) NO ARCHIVING

Source: AAP

Turnbull රජය විසින් ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ 99 , වීසා කාණ්ඩ 10ක් බවට කප්පාදු කිරීමට යෝජනා කොට තිබේ. මේ වන විට ඒ පිළිබඳව රජය  අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ උපදෙස් බලාපොරොත්තු වන බව  සදහන්. මෙම ක්‍රමය ක්‍රියාත්මක වුව හොත්, එය වසර 20න් ඕස්ට්‍රේලියාවේ සිදු වන දැවැන්තම වීසා සංශෝධනය වනු ඇත.

නමුත් මේ පිලිබන්දව අදහස්  දක්වන  සංක්‍රමණික ඒජන්ත වරු පවසන්නේ දැනට ඇති වීසා කාණ්ඩ 99 ,10ක් බවට  අඩු කිරීම ඉතා අසීරු කාර්යක් වනු ඇති බවයි. මේ හේතුව නිසා අයදුම් කරුවන් වීසා ඉල්ලුම් පත් ලියකියවිලි ගැටළු නිසා අපහසුතාවයට පත් විය හැකි බවත්, එමගින් බොහෝ අයදුම් පත් ප්‍රතික්ෂේප විය හැකි බවටත් පැවසේ.

වීසා ක්‍රියාවලිය සරල කිරීම

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අදහස වී ඇත්තේ වීසා බොහොමයක් සදහා යන වියදම් අඩු කිරීමට මේ සරල ක්‍රමයෙන් හැකි වන බවයි. එසේම එමගින් වඩා සුදුසු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමට හැකි වන බව ඔවුන් පවසනවා. වාර්තා වන අන්දමට ඉදිරි වසර  10 තුල   ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් 50% න් වැඩි වන බවද සදහන් . ඒ වසරකට අයදුම්පත් මිලියන  13  ක් ලෙසින්. නමුත් බොහෝ සංක්‍රමණ ඒජන්තවරු පවසන්නේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණික වීසා පද්ධතිය ඉතා සංකීර්ණ වන බවයි. නමුත් අමෙරිකාවේ වුවද වීසා කාණ්ඩ 185 ක් ඇති ඉතා සංකීරණ ක්‍රමයක් පවතී

ඉදිරියේදී ඇති විය හැකි වෙනස්කම්

අභ්‍යන්තර කටයුතු අමාත්ය් Peter Dutton පසුගිය වසරේ දී මෙම වීසා සංශෝධනය ප්‍රකාශයට පත් කල අතර ඒ පිළිබද මහජන මත විමසුම සදහා සති 7 ක කාලයක් ලබා දී තිබුණි . මෙහිදී හෙළිවී ඇත්තේ වඩා සරල තේරුම් ගැනීමට පහසු වීසා ක්‍රමයක් අවශ්‍ය වන බවයි. එසේම එහිදී තාවකාලික වීසා  හරහා ස්ථිර වීසා ලබා දීම ඉල්ලා තිබෙනවා. නමුත් රජය විසින් මෑතකදී කරන ලද 457 වීසා සංශෝධනය ආදී ක්‍රියා තුලින් ස්ථිර වීසා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තා අඩු කොට තිබේ . සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය Anna Boucher පවසන්නේ මෙමගින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීමේ ක්‍රියාවලියේ දැඩි වෙනසක් ඇති විය හැකි බවයි .

විපක්ෂය සරල වීසා ක්‍රමයකට කැමැත්ත පල කලද ස්ථිර පදිංචි වීසා මාර්ග අඩු කිරීම තුලින් සමාජයේ සංක්‍රමණික දෙවැනි පන්තියක් ඇති වීම සිදු විය හැකි බවයි කම්කරු පක්ෂ සංක්‍රමණ කටයුතු චායා අමාත්‍ය Shayne Neumann පවසයි


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now