SKIP TO MAIN CONTENT

Australian Foreign Minister to visit Sri Lanka to discuss dengue control.

dengue
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට ඔස්ට්‍රේලියාවෙන් සොයාගත් බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර මැඩීමට යොදාගත හැකි අයුරු පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනි Julie Bishop ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර මැඩලීමට මෙම බැක්ටීරියාව සාර්ථකව යොදාගත හැකි බව ඒ පිළිබඳ සිදු කළ අධ්‍යනයකින් පෙන්වා දී ඇති බවද ඒ මහතා පැවසීය.

මෙම බැක්ටීරියාව සම්බන්ධ පර්යේෂණය මෙල්බන් නුවර Monash විශ්ව විද්‍යාලයේ සිදු කර ඇති අතර එමගින් ඩෙංගු  මදුරුවාගේ ශක්තිය හීන කිරීමක් සිදු කළ හැකිවේ.

ඩෙංගු මදුරුවන් මර්දනයට අමතරව මෙම බැක්ටීරියාව කෘෂිකාර්මික කටයුතු සඳහාද යොදාගත හැකි බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now