Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "අප්‍රිකානු අපරාධ කල්ලි" පිළිබද ඇත්ත කුමක්ද ? (SBS සිංහල/ වාර්තා )

afri

Source: AAP

ඕස්ට්‍රේලියාවේ අප්‍රිකානු ප්‍රජාවන් තුලින් සැබවින්ම අපරාධ කල්ලි බිහි වී ඇත් ද?

 

පසුගිය වසර තුල විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අප්රිකානු අපරාද රැල්ලක් ඇති වී ඇති බවට විවිධ මත ඉදිරිපත් වුනා . 

පසුගියදා 19 හැවිරිදි Laa Chol නම් තරුණිය මරා දැමීමේ සිදුවීමත් සමග මෙය නැවතත් කතා බහට ලක් වී තිබේ. මෙම තරුණිය අප්‍රිකානු සම්භවයක් සහිත පිරිසක් සිටි සාදයකදී පිහි අනුමකට ලක්ව තිබේ. මේ මරණය සිදු කිරීම නිසා 17 හැවිරිදි තරුනයෙකු අත්අඩංගුවට පත් විය. නමුත් මෙල්බන් පොලීසිය පැවසුවේ දකුණු සුඩාන ප්‍රජාවේ අපරාද කල්ලි සමග ඇගේ සම්බන්ධයක් නොතිබූ බව 

නමුත් අමාත්‍ය Peter Dutton ප්‍රකාශ කලේ අප්‍රිකානු කල්ලි මෙම මරණයට වග කිව යුතු බවයි . මේ සදහා වික්ටෝරියා රජය කටයුතු කල යුතු බවත් මෙවන් සුඩාන කණ්ඩායම් අපරාධ NSW හා ක්වීන්ස්ලන්තයේ නොමැති බවත් ඔහු පවසා තිබේ.

රජයේ ක්‍රියා කලාපය

dutton
Source: AAP

 

අමාත්‍ය Peter Dutton මෙම වසර මුලදීත් මෙමෙ අප්‍රිකානු කල්ලි නිසා මෙල්බන් නුවර රාත්‍රියේ බෝජන ශාලාවකට වත් යාමට ජනතාව බියෙන් පසු වන බව පැවසීය. විවිධ සොරකම් වලටත් ඔවුන් සම්බන්ධ බව ඔහු පැවසීය.

එසේම අග්රාමාත්‍ය්වරයාත් කල්ලි සම්බන්ධ ගැටළුවක් ඇති බවට පවසා තිබේ.

පොලීසියේ ක්‍රියා කලාපය

වික්ටෝරියා පොලීසිය පවසන්නේ කුඩා අප්‍රිකානු තරුණ කල්ලි සිටියත් මෙය බරපතල කල්ලි මය අපරාධ නොවන බවයි . මීට පෙර පොලීසිය අප්‍රිකානු ප්‍රජා නායකයින් සමග එක් ව මේ පිළිබද විවිද වැඩසටහන් ද ක්‍රියාත්මක කළා. 

වික්ටෝරියා පොලිස් ප්‍රධානි Graham Ashton  ප්‍රකාශ කලේ තරුණ අපරාධ වැඩි වී ඇති බවයි

සැබෑ දත්ත පවසන්නේ කුමක්ද ?

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාල දත්ත අනුව NSW හි වසර 2015-16 දී තරුණ අපරාධ 20051ක් හා ක්වීන්ස්ලන්තයේ 12931ක් හා වික්ටොරියාවේ එය 8726ක් වේ.

එසේම සුඩාන සම්භවයක් ඇති ප්රිස් සම්බන්ධ අපරාද වසර 2017 දී සිදු වී ඇත්තේ 0.1% ක් පමණක් බවයි 

ඒ නිසා මෙහිදී මෙම තත්වය එක ජන වර්ගයක් පමණක් හුවා දැක්වීමක් ලෙසත් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Rebecca Wicks පවසනවා

ප්‍රජා නායකයින්ගේ ක්‍රියා කලාපය

රජය විසින් ද මෙම අප්‍රිකානු කල්ලි යන වචනය මතු කිරීම නිසා තරුණයන්ට එරෙහිව ජාතිය මුල් කර ගෙන විවිධ වෙනස්කම් සිදු වන බවට සුඩාන ප්‍රජ්ජාවේ තරුණ නිලධාරිනියක වන Achol Marial පවසනවා

රජය මීට වඩා මේ පිලිබදව සංවේදී විය යුතු බවයි ඇය පවසන්නේ

මීට පෙර 7 නාලිකාව විසින් ද අප්‍රිකානු කල්ලි යනුවෙන් ප්‍රකාශ සිදු කිරීම නිසා අප්‍රිකානු ප්‍රජාව විසින් මෙල්බන් නුවර සාමකාමී විරෝධතාවක ද නිරත වුනා .

ප්‍රජා ක්‍රියාකාරීන් පවසන්නේ සුළු ප්‍රමාණයක පිරිසක් විසින් සිදු වන අපරාධ ක්‍රියා නිසා එය මුළු ප්‍රජාවේම නියෝජනයක් ලෙස සැලකීම වැරදි බවයි

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now