Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

Cannot rely on the final outcome of the Parliamentary Select Committee probing the Easter Sunday attacks: Rauf Hakeem says

Cannot rely on the final outcome of the Parliamentary Select Committee probing the Easter Sunday attacks: Rauf Hakeem says

Rawuff Hakeem_ former Sri Lankan minister

Rawuff Hakeem_ former Sri Lankan minister Source: SBS Sinhala

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ (ජූනි11) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීවේය.

විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය හැර සෙසු පක්ෂ මෙම කමිටුව වර්ජනය කර ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කොට සිටියේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේ තම අදහස් දක්වා සිටියේය.

"....පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිතවයි මෙම කමිටුව පත් කළේ. ඒකමතික තීරණයක් මත කාරක සභාව පත් කිරීමේ තීන්දුව ගෙන ඇති බැවින් එය වෙනස් කිරීම විධායකට ගැටලුවක්. නමුත් ඉකුත්දින කමිටුව රැස්වීම තුළින් විධායකයට අවනත නොවී ව්‍යවස්ථාදායකය ක්‍රියාකරන බව දැකිය හැකියි.

විධායකය වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යවස්ථාදායකය වන කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් එකගතාවකට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

යළි අමාත්‍යධූර ලබා ගන්නා ලෙස මහා නායක හිමිවරුන් කළ ඉල්ලීමට ගරු කරන නමුත් සාමුහිකව ගත් තීරණය එක්වරම වෙනස් කිරීම දෝෂාරෝපණයට ලක් විය හැකි බැවින් ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයට පැමිණෙනවා ..." යැයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කොට සිටියේය.

 

** SBS සිංහල සේවයේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට සැපයූ තොරතුරු ඇසුරිනි 


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now