Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

Lasith Malinga talks about his challenges as a captain at the 4th ODI against India (video)

Lasith Malinga -

SL ODI captain Source: SBS Sinhala

ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම මෙන්ම  ආධුනික ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනය කරමින් ඉන්දියාවට එරෙහිව සාර්ථකව මුහුණදීමේ අභියෝගයක් තමන්ට පැවරී ඇතැයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලංග පැවසීය.

තමන් සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයන්  ලොව වටා තරඟ රැසකට මුහුණදී අත්දැකීම් බහුල ක්‍රීඩකයන් බවට පත්ව සිටියත් වත්මන් කණ්ඩායම නියෝජනය කරනුයේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් වන බැවින් ඔවුන් තරගයේදී පීඩනයට පත් නොවීමේ මානසිකත්වයක් වර්ධනය කළ යුතුව ඇතැයි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (30) ශ්‍රී ලංකා - ඉන්දියා 4 වන එක්දින තරඟයට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු  සඳහන් කොට සිටියේය.

අද දින ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ නායකත්වය හිමිවීම තමන්ට අභියෝගයක් වන නමුත් ඊට සාර්ථකව මුහුණදීමට පියවර ගන්නා බව කී ලසිත් මාලිංග එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙසේ ප්‍රකාශ කළේය.

"...වර්ෂ 2014දීත් මෙවැනි අවස්ථාවක මට නායකත්වය ලබා ගැනීමට සිදුවුණා. ඒ අවස්ථාව මට හොද අත්දැකීමක් වුණා. ඒ අයුරින් මම මෙවර කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සාර්ථක තරගයක් කරා කණ්ඩායම යොමුකිරීමට පියවර ගන්නවා. නායකත්වය මා පත් කළේ යම් විශ්වාසයක් අනුවයි. ඒ අනුව මම යම් සාර්ථකත්වයක් කරා යොමු කිරීමට කණ්ඩායම සමග කටයුතු කරනවා.

දිනේෂ් චන්දිමාල් හා චාමර කපුගෙදර ආබාධ හේතුවෙන් අද තරගයට සහභාගී නොවන නමුත් දිල්ෂාන් මුණවීර කණ්ඩායම වෙනුවෙන් සහභාගී වෙනවා. ක්‍රීඩකයන්ගේ සංචිතයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් එය අද දින ක්‍රීකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල අනුවයි තීරණය කරන්නේ.

පසුගිය තරගවල නායකත්වය දැරුවේ කවුද? හා එම තරග පරාජය වීම පිළිබදව සිතමින් කල් ගත කිරීම ඵලක් නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ අද දින සාර්ථකව මුහුණු දීමට ක්‍රියාත්මක වීම යැයි..."  ලසිත් මාලිංග එහිදී පැවසීය.


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now