තම රාජකාරි විදෙස් සංචාරයක් අතරතුරදී සිදුකල අයතා කාන්තා ඇසුරක් හේතුවෙන් Nationals පක්ෂ මන්ත්‍රී Andrew බ්‍රෝඩ් හට තම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවෙයි. වත්මන් ලිබරල් සන්ධාන රජයට අයත් පක්ෂයක් වන Nationals පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන Andrew බ්‍රෝඩ්, වත්මන් නියෝජ්‍ය අගමැති සහ Nationals පක්ෂ නායක මයිකල් මැක්කොමැක් ගේ නියෝජ්‍ය අමාත්‍ය තනතුර දැරීය. විවාහක පුද්ගලයෙකු වන Nationals පක්ෂ මන්ත්‍රී Andrew බ්‍රෝඩ් තම රාජකාරි ගමන් වාරයකදී Sugar Daddy නම් වෙබ් අඩවිය හරහා ඇතිකරගත් සබඳතාවයක් මඟින් Hong Kong හිදී තරුණ කාන්තාවක් මුණගැසීම ඔහුට එරෙහිව එල්ලවුණු මෙම චෝදනාවට මුලික වී තිබේ. New Idea සඟරාව මඟින් මෙම අයතා ක්‍රියාව හෙළිකරනු ලැබ ඇත.
ජනතා බදු මුදල් වලින් සිදුකෙරෙනා රාජකාරි සංචාරවලදී රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙසින් තම පෞද්ගලික චර්යාව කළමනාකරණය කරගැනීමේ වගකීමෙන් බැහැරවීමේ චෝදනා හේතුවෙන් Nationals පක්ෂ මන්ත්‍රී Andrew බ්‍රෝඩ් හට මෙලෙස ඊයේ දිනයේදී තම තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවිය.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
කෙසේවෙතත් New Idea සඟරාව මඟින් හෙළිදරව් කොට ඇති මෙම චෝදනා ප්‍රතික්ෂේප කල මන්ත්‍රී Andrew බ්‍රෝඩ් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට භාරදී තිබේ.
තනතුරින් ඉල්ලා අස්වුණු තම නියෝජ්‍ය අමාත්‍යවරයා පිලිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අගමැති මයිකල් මැක්කොමැක් මාධ්‍යට පවසා සිටියේ තනතුරින් ඉල්ලා අස්වීමට ගත් තීරණය නිවැරදි එකක් බවයි.
මිට පෙරද Nationals පක්ෂයේ හිටපු නායක සහ හිටපු ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති බානබී ජොයිස් මහතාට මෙවැනිම අයතා ස්ත්‍රී සම්බන්දතා පිළිබඳව චෝදනා එල්ල විය. ඔහුගේ කාර්යාලයේ සේවය කරන කාන්තාවක සමඟ පවත්වන ලද අනියම් ඇසුරක් හේතුවෙන් ඇය ගැබ් ගත් අතර එම චෝදනාව හේතුවෙන් හිටපු නායක බානබී ජොයිස් මහතාට පක්ෂ නායකත්වයෙන් සහ ඕස්ට්‍රේලියානු උප අගමැති තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවිය.
The Nationals Party of Australia පක්ෂය ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂය සමඟ ඇතිකරගත් එකඟතා අනුව ලිබරල් සන්ධානය ආණ්ඩු බලය ලබාගතහොත් නියෝජ්‍ය අගමැති තනතුර Nationals පක්ෂයට හිමිවිය යුතු වෙයි.

