Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

No foreign judges involvement for the Sri Lankan judiciary system – Newly appointed Sri Lankan foreign minister Thilak Marapana says

"මානව හිමිකම් අපට අලුත් දෙයක් නොවෙයි. සිංහළ ජාතියේ සංස්කෘතිය හා ජන විඥානය තුළ එය අන්තර්ගතයි. ඒ නිසා මානව හිමිකම් සුරක්ෂිත කළ යුතු බවට වෙනත් පාර්ශවයන් අපට බලපෑම් කළ යුතු නැහැ. රටක් ලෙස කුමන දේ සිදුකළත් කරන සෑම කාර්යයකම යහපත් ප්‍රතිඵල පොදු මහජනතාවට උරුම විය යුතුයි" - විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන

Thilak Marapana -

Newly appointed foreign minister of Sri Lanka Source: SBS Sinhala

විදේශ කටයුතු අමාත්‍යංශයට තමන් පත් කිරීම යම් ගැටලුවක් නම්  ඒ සදහා පිළිතුරුදීමට සූදානම් යැයි විදේශ හා සංවර්ධන කටයුතු භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය හෝ වෙනත් පාර්ශවයක් තමන්ට හිමිවූ අමාත්‍යධූරය පිළිබදව ප්‍රශ්න කරන්නේ නම් එය සෘජුව තමන්ගෙන් විමසන්නේ නම් පමණක් ඔවුන්ට පිළිතුරුදීමට  සූදානම් යැයි ඊයේ (අගෝස්තු 20) මහනුවර දී මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේය.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය. අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටු ඒ මහතා පසුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නොසිතූ අවස්ථාවක තමන්ට මෙම පදවිය හිමිවූ බවත් අමාත්‍යංශයේ කටයුතු හැකි උපරිම පරිදි ඉටුකරන බව මහා නායක හිමියන් හමුවේ අමාත්‍යවරයා කීවේය. ගුණාත්මක මෙන්ම උසස් සේවාවක් සිදුකරන බවත් විදේශ රටවල් සමග සුහදත්වයෙන් යුතුව කටයුතු කරන බව ද ඒ මහතා කිවේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා, තමන්ට හිමිවූ අමාත්‍යධූරය පිළිබදව මේ දක්වා කිසිදු පාර්ශවයක් ප්‍රශ්න නොකළ බව ද කීවේය.

මානව හිමිකම් පිළිබදව කිසිදු රටක් හෝ සංවිධානයක් අපෙන් මේ වන විට ප්‍රශ්න නොකරන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"මානව හිමිකම් අපට අලුත් දෙයක් නොවෙයි. සිංහළ ජාතියේ සංස්කෘතිය හා ජන විඥානය තුළ එය අන්තර්ගතයි. ඒ නිසා මානව හිමිකම් සුරක්ෂිත කළ යුතු බවට වෙනත් පාර්ශවයන් අපට බලපෑම් කළ යුතු නැහැ. රටක් ලෙස කුමන දේ සිදුකළත් කරන සෑම කාර්යයකම යහපත් ප්‍රතිඵල පොදු මහජනතාවට උරුම විය යුතුයි.

කිසිදු අවස්ථාවක රණවිරුවන්ට යම් හෝ බලපෑමක් සිදුකරන්න අවස්ථාව දෙන්නේ නැහැ.කිසියම් සංවිධානයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා නම් එය ශ්‍රී ලංකාවේ අධීක්ෂණය මත සිදුවිය යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාව යම් පරීක්ෂණයක් කරනවා නම් විදෙස් සංවිධානවලට එහි විනිවිද භාවය දැක ගත හැකියි. අපට කිසිදු බලපෑමක් සිදුකරන්න බැහැ. එවැනි යමක් සිදුවන්නේ ද නැහැ.

උතුරු නැගෙනහිර ඇතුලුව විවිධ ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා ඉවත් කරන ලෙස කිසිදු රටක් අපට කිසිදු බලපෑමක් කොට නැහැ. එවැනි බලපෑමක් කරන්න නීතිමය හා සදාචාරාත්මක හැකියාවක් ද නැහැ. ඇමරිකාවට ගොස් එහි ස්වාධීනත්වයට බලපෑමක් කරන්න අපට පුළුවන්ද? ඒ අයුරින්ම අපේ රටේ නීතියට ස්වාධීනත්වයට බලපෑමක් කරන්න කිසිදු රටකට හෝ සංවිධානයකට බැහැ.

නව රජය පත්වූ විට ඉතාමත් සුදුසු තානාපතිවරු විදේශ සේවය සදහා පත් කළා. ඒ නිසා පත්වීම් ලැබුවන් පිළිබදව ගැටලුවක් නැහැ. යම් ගැටලුකාරී තත්ත්වයක් සහිත අය සිටින්නේ නම් ඔවුන් පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි මේ රටේ ආර්ථීකය හැසිරිය යුතු නැහැ. එමෙන්ම මෙරට ආර්ථිකය ඔවුන්ට අවශ්‍ය ලෙස හැසිරවීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථීකය හැසිරවීමට අප දැන ගත යුතුයි. ලබා ගත් ආධාර වෙනත් ක්‍රම ඔස්සේ නාස්ති කරන්නේ නම් එය වැළැක්වීම සදහා වැඩපිළිවෙලක් අවශ්‍ය යැයි" අමාත්‍ය තිලක් මාරපන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අළුත්ම කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුව වෙත.


3 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now