Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

SL Vs NZ 1st Test match update: Fantastic batting performance from Mathews and Kusal

Sri Lanka 282 (Mathews 83, Karunaratne 79, Southee 6-68) and 287 for 3 (Kusal Mendis 141*, Mathews 120*) drew with New Zealand 578 (Latham 264*, Williamson 91, Kumara 4-127) They had less than half a session to see out due to rain on day five, but Kusal Mendis and Angelo Mathews stayed firm as they had all through Thursday, playing out 12 wicketless overs, to secure a draw.

Angelo Mathews_Kusal Mendis

Angelo Mathews_Kusal Mendis

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වන විට සම තත්වයේ පවතී.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භයේදී ලකුණු 20 කට කඩුළු 3 ක් දැවි ඉතා අසීරු අඩියක සිටින විට පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදී විශිෂ්ට පිති හරඹයක නිරත වුහ. ඉනිම අවසානයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක් සහ මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ද ලබා සිටියහ.

ඊයේ (19 Dec) දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 287 ක් රැස්කර සිටියේය. දිවා ආහාරයෙන් පසුව ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර නවසීලන්ත වේලාවෙන් පස්වරු 4 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7 ක් අතැතිව සිටි අතර නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 578 ට වඩා ලකුණු 9 ක් පසුපසින් සිටීම හේතුවෙන් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කරලීමට විනිසුරුවෝ තීරණය කළහ.

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය මෙම 26 දා ක්‍රයිස්චර්ච් හිදී නවසිලන්ත වේලාවෙන් පෙරවරු 9 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 11 ට ආරම්භ වේ.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now