Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

The Value Added Tax (VAT) increase and Nation Building Tax (NBT) will come into effect from November 01:The Ministry of Finance - Sri Lanka

The VAT increase from 11% to 15% was approved with the passing of the VAT (Amendment) Bill in parliament yesterday (26). As per the amendments, the VAT rate will also affect telecom services, tobacco, air ticket fees and private medical services excluding diagnostic tests, dialysis and OPD services. Meanwhile the threshold on retail and wholesale trade has been increased to greater than Rs 50 million per year. The Nation Building Tax rate is 2% and will remain unchanged.

VAT overhaul

VAT overhaul

2016 ඔක්තෝබර් 26 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 01 දින සිට වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

  • තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව, කාර්තුවක පිරිවැටුම රුපියල් මිලියන 12.5 හෝ වාර්ෂිකව රුපියල් මිලියන 50කි.
  • වැට් සඳහා ලියාපදිංචි වීමේ සාමාන්‍ය සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3ක් හෝ වසරකට රුපියල් මිලියන 12ක් වේ.

දුම්වැටි, මත්පැන්, දුරකතන සේවා, විදුලි උපකරණ,  සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත.

සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව), රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත.

නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.

දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත.

 

කෙසේ වුවත් ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැත.

මීට අමතරව වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුව පහත දක්වා ඇත.

1. තිරිඟු

2.  තිරිඟු පිටි

3.  සහල්

4.  සීනි

5.  පරිප්පු

6.  කරවල

7.  ටිං මාලූ

8.  උම්බලකඩ

9.  කුළු බඩු

10. පාන්

11. දියර කිරි

12. තේ

13. රබර්

14. පොල්

15. පොල් තෙල්

16. පොල් කිරි

17. බිත්තර

18. ඉස්සො

19. පළතුරු

20. එළවළු

21. අල

22. හාල් මැස්සො

23. රතු ලූණු

24. බී ලූණු

25. සුදු  ලූණු

26. මුං ඇට

27. මිරිස්

28. කවුපි

29. කඩල

30. උදු

31. කොත්තමල්ලි

32. රටකජු

33. පොහොර

34. ඖෂධ

35. ඖෂධ නිෂ්පාදන යන්ත‍්‍ර

36. ඖෂධ නිෂ්පාදන උපකරණ

37. ඖෂධ ඇසුරුම් උපකරණ

38. ආයුර්වේද සැකසීම්

39. රෝද පුටු

40.  අත්වාරු

 41. ශ‍්‍රවණ උපකරණ

 42. සුදු සැරයටි

 43. බ්‍රේල් යන්ත‍්‍ර

 44. බ්‍රේල් කඩදාසි

 45. කණ්නාඩි රාමු

 46. කණ්නාඩි නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය

 47. බාහිර රෝගී සේවා

 48. කාන්දු පෙරන ප‍්‍රතිකාර

 49. රෝග විනිශ්චය කිරීමේ  පරීක්‍ෂණ      

 50. සැත්කම් සේවා

 51. ඞීසල්

 52. ගමනාගමන සේවා

 53. භූමි තෙල්

 54. පැට්රල්

 55. ගුවන් යානා තෙල්

 56. නිෂ්පාදන බදු අදාල වන වාහන

 57. බවුසර්

 58. කෘෂිකාර්මික බීජ

 59. කෘෂිකාර්මික පැල

 60. කෘෂිකාර්මික යන්ත‍්‍ර

 61. ට‍්‍රැක්ටර්

 62. වී කෙටීමේ යන්ත‍්‍ර

 63. බේකරි නිෂ්පාදන  යන්ත‍්‍ර

 64. කිරි සැකසීමේ  යන්ත‍්‍ර

 65. ධීවර උපකරණ

 66. හරිතාගාර

 67. ඉදිකිරීමේ උපකරණ

 68. විදුලිය

 69. සූර්ය බල උත්පාදන  උපකරණ

 70. බලශක්ති පිරිමැසුම් විදුලි බුබුලූ

 71. බලශක්ති පිරිමැසුම් විදුලි බුබුලූ  නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය

 72. අධ්‍යාපන සේවා

 73. පුස්තකාල සේවා

 74. පරිගණක සහ උපාංග

 75. පරිගණක මෘදුකාංග

 76. මුද්‍රිත පොත්

 77. කී‍්‍රඩා උපකරණ

 78. ජීවිත රක්‍ෂණය

 79. ජංගම දුරකථන

 80. මැණික්, මුතු, දියමන්ති

 81. රත‍්‍රං, ප්ලැටිනම්

 82. නිවාස ඉඩපහසුකම් විකිණීම


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now