SKIP TO MAIN CONTENT

US & UK concerns over Sri Lanka's political situation

United States_ Britain flags
United States_ Britain flags

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් පහකොට නව අගමැති ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා පත්කරලීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුල මතුව ඇති දේශපාලනික ව්‍යාකුලත්වය පිළිබඳව ලොව ප්‍රභල රටවල අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව මේ වන විට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකා රජයෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉල්ලීම් සිදුකොට ඇති බව වාර්තා වේ.

ආසියා පැසිෆික් කලාපය භාර බ්‍රිතාන්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා ව්‍යවස්ථානුකුලව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදුකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කොට තිබේ. එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ සියළුම දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් පවතින ව්‍යවස්ථාවට ගරුකරමින් එයට අනුකූලව ක්‍රියාකරන ලෙසටයි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් වැලකී සියලුම පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගරුකරමින් එයට අනුකූලව ක්‍රියාකරන ලෙසටයි. එසේම කුමන දේශපාලන වෙනසක් සිදුවුවද මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ජිනීවා වලදී සිදුවුණු එකඟතා ක්‍රියාත්මක කිරීමට වගවන ලෙසටද ඇමරිකාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

Colombo Gazette ඇසුරිනි 


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now