ඕස්ට්‍රේලියාවේ regional වීසා ලාබීන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුම මාස 18 කින් පසුව නගර කරා ..රජය ඔවුන් එම පෙදෙස් වලම තබා ගැනීමට කටයුතු සකස් කරයි (SBS සිංහල /වාර්තා )

visa

Source: SBS

ඕස්ට්‍රේලියාවේ regional වීසා ලබා පැමිණෙන සංක්‍රමනිකයන්ගෙන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුම මාස 18 කින් පසුව නගර කරා ආදී යන බවට වාර්තා වෙනවා .

මේ පිලිබදව මෑතකදී සෙනට් සභාවේදී ද සාකච්චාවට බඳුන් වුනා. ඒ නිසාම Turnbull රජය බලාපොරොත්තු වන්නේ කලාපිය අනුග්‍රාහක වීසා නීති වෙනස්කරමින් එම ප්‍රදේශ වලම සං ක්‍රමනිකයන් රඳවා තබා ගනීමටයි .

අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන Continuous Survey of Australian Migrants (CSAM) නම් සමීක්ෂණයට අනුව කුසලතා සහිත regional වීසා ලාබීන් 6%ක් එම ප්‍රදේශ වල රැඳෙන බවත්, 10%කම මාස 18ක් තුල නගර කරා යන බවත් හෙළි වුනා

වසර 2016-2017 කාලයේ ඔස්ට්‍රේලියාවට regional වීසා ලාබීන් 4766ක් පැමිණුනා අතර නමුත් ඉන් අඩක්ම පර්ත් නුවර පදිංචි වුවන්. රජය පසුගිය නොවැම්බර් පර්ත් නුවර regional නොවන බවට ප්‍රකාශ කලා

තවමත්, ඩාවින්, ඇඩිලේඩ් , හොබාට් හා කැන්බරා ද ප්‍රාදේශය ලෙස සැලකේ

වීසා කාණ්ඩ 887  Skilled Regional හා 187 Regional Sponsored Migration යනාදී විවිද ප්‍රාදේශීය වීසා කාණ්ඩ තිබේ. ජනතාවට නිදහසේ පදිංචිය වෙනස් කිරීමේ නිදහසට බාධා නොවන අයුරින් මිනිසුන් එම ප්‍රදේශ වල රදවා තබා ගැනීමට රජය වෑයම් කරයි

පසුගියදා national පක්ෂයේ David Gillespie ප්‍රකාශ කලේ එම ප්‍රදේශ වල ව්‍යාපාරද මෙම තත්වය නිසා අසීරුතාවට පත්ව ඇති බව. ඔහු ප්‍රකාශ කරන්නේ ප්‍රාදේශීය පෙදෙස් වලට පැමිණෙන වෙයිද්‍ය වරු වසර 10ක් ඔවුන්ගේ medicare billing ක්‍රමය එම ප්‍රදේශ වල පවත්වා ගෙන යන බවයි

පසුගිය සතියේ හෙළි වූ ආකාරයට ගෙවී ගිය මුල්‍ය වර්ෂයේ ස්ථිර හා පවුල් වීසා සංක්‍රමනිකයන් අඩුම අගය වාර්තා වූ නිසා එය regional ප්‍රදේශ වලටත් දැඩි ලෙස බලපානු ඇති බවට Australian Chamber of Commerce and Industry හි James Pearson පවසයි


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now