Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

" ජීවිතය තිබෙන තෙක් මෙම වැරැද්ද පිලිබඳ කනගාටුව නැති වන්නේ නැහැ" Steve Smith ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඉදිරියේ හඬා වැටේ (SBS සිංහල /වාර්තා)

steve smith

Source: AAP

පන්දුව පලුදු කිරීමේ වරදට හවුල් වූ බව පිළිගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Steve Smith ඊයේ නැවත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙත පැමිණි අතර ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ඉදිරියේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා . Cricket Australia ආයතනය විසින් ඔහුට මාස 12ක තරග තහනමක් පනවා තිබෙනවා .

මෙහිදී මාද්‍ය වෙත සංවේදී වෙමින් අදහස් දැක්වූ Smith කියා සිටියේ "මේ තුලින් සියලු දෙනා ට පාඩමක් උගත හැකියි . මට එම වෙනස ඇති කිරීමට හැකි වෙයි කියා සිතනවා. සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටින අතර නැවත මට ලෝකයේ හොදම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය හැකිවෙතැයි මම බලාපොරොත්තු වෙනවා "

ඔහු එම අවස්ථාවේ වැරදි තීරණයක් ගත බව ඔහු පැවසීය .

Cameron
Source: Cameron

මීට පෙර මෙවන් දේ කණ්ඩායමේ සිදු නොවුණු බව ඔහු පවසයි .මෙහිදී Smith ගේ පවුලේ සාමාජිකයන් අපහසුවට පත් කිරීම පිළිබදවද ඔහු සංවේදී වූ බවද සදහන්.තමා ගේ නායකත්වය හරිහැටි ක්‍රියාත්මක කිරීම නොහැකි වූ බව ඔහු මෙහිදී පැවසීය .

එසේම පන්දුව පලුද් කිරීමට යොදා ගත්තේ වැලි කඩදාසි බවත් , ඒ පිළිබද මුලින් තමා පැවසුවේ අසත්‍යක් බවත් Cameron Bancroft පවසා තිබේ

වෙනත් ක්‍රීඩකයන් මේ පිළිබඳව දැන සිටියාද යන්න පිළිබද ඔහු අදහස් ප්‍රකාශ කිරීම සිදු නොකලෙය .

මෙම ක්‍රීඩකයන්ට ලැබුණු දඩුවම පිළිබඳව නැවත අභියාචනා ඉදරිපත් කිරීමට ඔවුන්ට හැකි වේ යයිද Australian Cricketers' Association සංවිධානය පවසයි 

www.sbs.com.au/sinhalese

SBS Radio APP (free download)

channel 38 on TV (Australia only)

93.1fm - Victoria

97.7fm - NSW

 


2 min read

Published

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now