පසුගිය සෙනසුරාදා පැවති අතුරු මැතිවරණය පරාජය වීමත් සමග ඕස්ට්‍රේලියානු රජය මැතිවරණ වලට ඉදිරිපත් වීම පිලිබදව නැවත සිතා බැලිය යුතු බවට වාර්තා වේ.
අමාත්‍ය Christopher Pyne පවසන්නේ සන්ධානය ක්වීන්ස්ලන්තයේ one nation පාක්ෂිකයන් හමුව ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගත යුතු බවයි .
පසුගිය සෙනසුරාදා අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂය ආසන 4ක් දිනා ගැනීමෙන් පසුව රජය මැතිවරණ වලට ඉදිරිපත් වන ආකාරය නැවත සිතා බැලිය යුතු බවට අමාත්‍ය Dan Tehan පවසනවා
මෙනිසා අග්‍රාමාත්‍ය Malcolm Turnbull ට ඔහුගේ ප්‍රතිපත්ති හා one nation පාක්ෂිකයන් කෙරේ ඇති අදහස් වෙනස් කර ගැනීමට පීඩනයක් එල්ල වී තිබේ .
කම්කරු පක්ෂයේ Justine Keay, Susan Lamb හා Josh Wilson යන මන්ත්රීවරුන්ට Braddon, Longman හා Fremantle යන ආසන සදහා තරග වැදුනා . මෙහිදී Braddon වල ප්‍රාථමික චන්ද අහිමි උවත් Justine Keay ට ආසනය රැක ගැනීමට හැකි වුනා
පර්ත් නුවර ජග්‍රහණය හිටපු අගමැති Kevin Rudd ගී සේවකයෙකු වන Patrick Gorman ට හිමි වුනා .
මෙවර කම්කරු පක්ෂයේ තුරුම්පුව

කම්කරු පක්ෂය මැතිවරණයේදී පැවසුවේ රජය විසින් විශාල සමාගම් වලට බදු සහන ලබා දීම විවේචනය කල යුතු බවයි . රෝහල් හා විශාල බැංකු අතරින් කුමක් සදහා වැඩි අවධානය යොමු කල යුතුද යන්නයි ඔවුන් ප්‍රශ්න කලේ.
Christopher Pyne මහතා පවසන්නේ රජයට විශාල සමාගම් බදු කප්පාදුව සම්මත කිරීම අසීරු බවයි.
එසේම පාසල් හා penalty rate කප්පදුවද රජයට අවාසි වී තිබේ
මෙම පරාජය රජයට ලජ්ජා වීමට කරුණක් බවට කම්කරු පක්ෂයේ Wayne Swan පවසයි
එසේම එතුලින් Bill Shorten ගේ ප්‍රතිපත්ති වලට ජනතාව එකග වී ඇති බව ඔහු පවසයි
මීලග මැතිවරණයෙන් පසුව කම්කරු රජයක් ?
විපක්ෂ නායක Bill Shorten පවසන්නේ මෙම ප්‍රතිපල තුලින් ජනතාවට මීලග මතිවරයෙන් පසුව කම්කරු රජයක අවශ්‍යතාව පෙන්නුම් කෙරෙන බවයි
අග්‍රාමාත්‍යවරයා මැතිවරණය වසර 2019 මැද වන තුරු පවත්වන්නේ නැති බවටයි වාර්තා වන්නේ
විශේෂයෙන් ක්වීනලතයේ Longman අසුන කම්කරු පක්ෂයේ Susan Lamb දිනා ගැනීම ලිබරල් හා one nation ගැටළු පෙන්නුම් කරන බවයි පැවසෙන්නේ
මෙවන් තත්වයකින් ඉදිරි මැතිවරණයකදී Peter Dutton වැනි අමාත්‍යවරුන්හේ අසුන ද අහිමි විය හැකි බවයි වාර්තා වන්නේ
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

