SKIP TO MAIN CONTENT

Sri Lankan minor political party decisions on current political situation

පාර්ලිමේන්තුව තුලදී මහින්දට සහ රනිල්ට පක්ෂ සහ විපක්ෂ වන පක්ෂ පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමුව තිබේ

New PM Mahinda Rajapaksha _ sacked PM Ranil Wickramasinghe
New PM Mahinda Rajapaksha _ sacked PM Ranil Wickramasinghe

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

මහින්දට පක්ෂයි ....

ලංකා කම්කරු කොංග්‍රසය (CWC) සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් EPDP පක්ෂය මින් පසුව අභිනවයෙන් පත්වුන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව කටයුතු කිරීමට තීරණය කොට තිබේ. මේ වන විට ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිටින නියෝජිතයින් සංක්‍යාව දෙදෙනෙකි. තොණ්ඩමන් මහතා පවසා ඇත්තේ මෙතෙක් රනිල් වික්‍රමසිංහ මහතා හට තමාගේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකිවුනු හෙයින් තමා ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව කටයුතු කිරීමට තීරණය කල බවයි.

රනිල්ට පක්ෂයි ....

මේ අතර SBS සිංහලට වාර්තාවන පරිදි මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ (TPA) රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි සඳහන්.

එසේම සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් පැවතීමේ ප්‍රභල සාධකයක් බවට මේ වන විට පත්ව ඇති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

එසේම නවතම තොරතුරු වලට අනුව රිෂාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හෙවත් ACMC පක්ෂය පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තුවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (All Ceylon Makkal Congress) සතු මන්ත්‍රී සංක්‍යාව 5 කි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව පාර්ලිමේන්තුව තුලදී කටයුතු කිරීමට තීරණයකොට තිබේ.

ජවිපෙ මතය ඉදිරියේදී

ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල කුමන පාර්ශවයකට පක්ෂව කටයුතු කරන්නේද යන්න පිළිබඳව තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමැති අතර අද දිනය (ඔක් 27) තුලදී ඒ සම්බන්ද මාධ්‍ය හමුවක් පැවැත්වීමටද ජ.වි.පෙ බලාපොරොත්තු වේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය ද (TNA) තම මතය පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නොමැත.

** වැඩි විස්තර සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now