SKIP TO MAIN CONTENT

Sri Lanka's new cabinet will be appointed tomorrow (Sunday 27 Oct)

New PM Mahinda Rajapaksha_ President Maithripala Sirisena
New PM Mahinda Rajapaksha_ President Maithripala Sirisena

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේදී (ඔක් 28) දිවුරුම් දීමට කටයුතු සුදානම් වෙමින් පවතින බව වාර්තාවේ. මේ වන විට (ඔක් 27) කොළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රවෘති සාකච්චාවක් පැවැත්වෙන අතර එහිදී මේ බව ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රවෘති සාකච්චාවට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී නොමැත.

මේ අතර අද (ඔක් 27) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ද ප්‍රවෘති සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

තනතුරු ඉවතට

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ලේඛම් සමන් ඒකනායක සහ රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තනතුරු වලින් ඉවත්කොට තිබේ. මේ වන විට නාලක කළුවැව මහතා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පත්කොට ඇත.

පාර්ලිමේන්තුව කල් තැබේ

මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ලබන මස 16 දා දක්වා කල් තැබීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ. පාර්ලිමේන්තු රැස්වීම් දින දර්ශනයට අනුකූලව මීළඟ සභාවාරය ලබන බදාදා (ඔක් 31) පැවැත්වීමට නියමිතව තිබිණ.

අළුත්ම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.om/sbssinhalese


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now