ස්ව කැමැත්තෙන් සිරුරට හානි කරගත්තොත් ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් : මිනිස් ජාවාරම් කරුවන් සරණාගතයින්ට පවසන අලුත්ම උපක්‍රමය ගැන අමාත්‍ය Dutton හෙළිකරයි (SBS සිංහල / වාර්තා)

sc

Source: AAP

මානුස් හා නවුරු රැදවුම් මධ්‍යස්ථාන වල සිටින රැදවියන් ව තමන්ටම හානි කිරීම සදහා සරණාගත ක්‍රියාකාරීන් විසින් යොමු කරන බවට ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි. එමගින් සෞඛ්‍ය හේතුන් මත ඔවුන් ඔස්ට්‍රේලියාවට ගෙන් විය හැකි නීති මගින් උපකාර ගැනීමේ අරමුණින් පුද්ගලයින් වැඩි ගනනක් තමන්ටම හානි කර ගෙන ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව බලා නීතිවිරෝධීව පැමිණි සරණාගතයින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රඳවා තැබෙන අතර ඔවුන් ගේ වඩා අවධානම් සෞඛ්‍ය තත්ත්ව වලදී ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට රැගෙන ඒමට මෑතකදී Medivac පනත මඟින් අනුමැතිය ලැබිණ. එය සම්මත කරගැනීම සඳහා කම්කරු පක්ෂය දැඩි වෙහෙසක් අරගත් අතර එම medivac පනත මඟින් මිනිස් ජාවාරම් කරුවනට අනියම් ආකාරයෙන් සරණාගතයින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට රැගෙන ඒමට හැකිවන බව පවසමින් අමාත්‍ය පීටර් ඩටන් මහතා රජය පාර්ශවය වෙනුවෙන් අදහස් දක්වමින් දැඩි විරෝධතාවක් දැක්විය. එහෙත් ඉතා සුළු බහුතර චන්ද සංක්‍යවකින් මෙය පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ නිසා මිනිස් ජාවාරම් කරුවන්ගේ නවතම උපක්‍රමය ආරම්භ වී ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ගේ මතය වී තිබේ.

අමාත්‍යවරයා එම Medevac නම් පනත කම්කරු පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද බවට පැවසුවත් එය සුළු පක්ෂ හා ස්වාධින මන්ත්‍රී වරුන් විසින් ඉදිරිපත් කරන ලද අතර පසුව එය කම්කරු පක්ෂයේ සහය ද ඇතිව සම්මත විය.

කෙසේ වෙතත් මෙම medevac පනත නිසාම සරණාගතයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට ඒමට කටයුතු කරන බවට සාක්ෂි සැපයීමට ස්වදේශ කටයුතු අමාත්යංශය අපොහොසත් වී තිබේ.

Medevac පනත Morrison රජයේ විරෝධතාවය මැද සම්මත වුවද එමගින් වෛද්‍යවරුන්ට අසනීප සරණාගතයින් ඔස්ට්‍රේලියාවට යොමු කිරීමේ බලය හිමි වුනා. දැනට මෙමගින් සරණාගතයින් 111ක් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ . රජය මෙම නීතිය අවලංගු කිරීමට සැරසෙන අතර අමාත්‍ය Dutton පවසන්නේ එම සරණාගතයන් එක් අයෙකුවත් දැනට රෝහල් ගතව නැති නිසා මෙය වංචාවක් බවයි

අමාත්යවරයා පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි සරනාගතයෙකුගෙන්ද එවන් ඉල්ලීමක් ලැබී ඇති බවයි . One Nation පක්ෂයේ Pauline Hanson ද පවසා ඇත්තේ රජය මෙම නීතිය මගින් වංචාකාරී ලෙස සිදුවන කටයුතු නැවත්වීමට කටයුතු නොකරන බවයි.

ඔබත් විවිධ මානසික ගැටළු වලට මුහුණ දී සිටී නම් Lifeline 131114 දුරකථන අංකයෙන් සහය ලබා ගත හැකි අතර පහත සේවා වලින්ද සහය ලබා ගත හැකියි 

 Suicide Call Back Service  1300 659 467

 Beyond Blue Kids Helpline

sc
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now