SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට නිසි පරිදි වැටුප් නොගෙවූ පිරිසිදු කිරීමේ ආයතනයකට හිඟ වැටුප් ගෙවීමට Fair Work වෙතින් අණ ..(SBS සිංහල /වාර්තා )

Fair Work Ombudsman
Fair Work Ombudsman Source: Fair Work Ombudsman

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

මෙල්බන් නුවර පිරිසිදු කිරීමේ කටයුතු කරන ආයතනයක් සිය සේවකයන්ට නිසි පරිදි වැටුප් නොගෙවීම නිසා එම සේවකයනට හිඟ මුදල් නැවත ගෙවන ලෙස Fair Work ආයතනය නියම කොට තිබේ.

මෙම ආයතනය විසින් 457 වීසා එකක් සහ bridging වීසා එකක සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සේවයේ යොදවා තිබේ.

ඔවුන් විසින් මෙම සේවකයන් දෙදෙනා කොන්ත්‍රාත් කරුවන් ලෙස සැලකුවද , fair work ආයතනය සොයා ගෙන ඇත්තේ මෙම සේවකයන් Cleaning Services Award 2010 යටතට අයත් වන බවයි.

මෙම ආයතනය සේවකයන් දෙදෙනාට අවම වැටුප, penalty අගයන් හා part time loading ආදී ලෙස පසුගිය වසරේ ජුලි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් 1064ක ගෙවීම් ලබා දී නැති බව හෙළි වී තිබේ.

fair work ඔම්බුඩ්ස්මන් Sandra Park පවසන්නේ රැකියා ස්ථාන විසින් තම සේවකයන් කුමන ගණයට අයත් දැයි හරි හැටි නිර්ණය කොට ගෙවීම් කල යුතු බවයි

ඒ අනුව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සේවය කල Veracity Property Services Pty Ltd නම් ආයතනය විසින් සේවක වේතන හා අනෙකුත් නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බවට Fair Work ආයතනය නියම කොට තිබේ.

එසේම fair work ආයතනය පවසන්නේ පිරිසිදු කිරීමේ සේවා සපයන ආයතන  Cleaning Accountability Framework වෙත එක්‌ වීමෙන් අවශ්‍ය නීති පරිදි කටයුතු කිරීමට උපකාර වන බවයි 

ඔබටත් පහත ක්‍රම ඔස්සේ fair work සහය ලබා ගත හැකියි 

13 13 94 

www.fairwork.gov.au 

source: fairwork


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now