ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමිකයන්ට නගර වලින් ඇත් වී ප්‍රාදේශීය පෙදෙස් වලට යාමට සිදු වේ ද? ජනගහනය මිලියන 25ක් වන විට පුරවැසිභාවය පිළිබද අමාත්‍ය Alan Tudge එවන් අදහසක් පල කරයි ...

alan

Minister for Citizenship and Multiculturalism, Alan Tudge. Source: AAP

ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25ක් බවට පත් වීමත් සමග නව සංක්‍රමණිකයන් ප්‍රධාන නගර වලින් ඈත් කල යුතු බවට පුරවසිභාවය පිළිබද අමාත්‍ය Alan Tudge පවසනවා.

අද දිනට මෙම ජනගහනය වැඩි වීම මීට පෙර ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වුවාට වඩා වසර 10 ට කලින් සිදු වී තිබෙනවා.

අමාත්‍ය Tudge පවසන්නේ සමාජ එකාබද්ධතාව සදහාත් නව සංක්‍රමිකයන් ප්‍රාදේශීය පෙදෙස් වලට යා යුතු බවයි.

ඔහු ABC මාධ්‍ය ජාලය සමග ප්‍රකාශ කලේ සිඩ්නි හා මෙල්බන් නුවර ජනගහනය වැඩි වීම දරා ගැනීමට අපහසු වුවත් අනෙක් ප්‍රදේශ ජනතාව අපේක්ෂාවෙන් සිටින බවයි.

ඔස්ට්‍රේලියාව තුල යටි තල පහසුකම් ඉක්මනින්ම සැපයිය යුතු බවත් , ජනගහනය ව්‍යාප්ත වීම සදහා කටයුතු කල යුතු බවද වාර්තා වේ.

මේ නිසා රජය ප්‍රාදේශීය වීසා ලාබීන්ට වැඩි කලක් එම පෙදෙස් වල සිටීම පිණිසද නීති වෙනස් කිරීමට සැරසේ . එම සංක්‍රමිකයන් දරුවන් සමග දීර්ඝ කාලීනව එම පෙදෙස් වල ජීවත් වනු ඇති බව ඔහු පවසයි

එසේම අමාත්‍යවරයා ව්‍යාපාර ප්‍රජාවටද මෙම ජනගහන වර්ධනය පිළිබද අවධානය යොමු කල යුතු බවට පවසා තිබේ.

එසේම සමාජයේ ස්තර ඇතිවීමත් , ආරක්ෂාව පිළිබද ගැටලුත් මේ සමග මතු විය හැකි බවද ඔහු පවසයි.

අමාත්‍ය Tudge පවසන්නේ ජනගහන වර්ධනය ආර්ථිකයට හිතකර වුවද අනෙකුත් ඒ හා සම්බන්ධ ගැටළු පිලිබදව අවධානය යොමු කල යුතු බවයි. එසේම සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීමට නොව ඔවුන් ජනගහනය අඩු පෙදෙස් වල ව්‍යාප්ත කිරීම තුලින් ගැටළු විසදා ගත හැකි බව අමාත්‍යවරයාගේ මතයයි.


Share

2 min read

Published

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now