SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවට පා තැබූ පාලනයේ සිටින ප්‍රථම ඇමෙරිකානු නායකයා ලෙස ඇමෙරිකානු ජනාධිපති Donald Trump ඉතිහාසගත වෙයි.

Trump becomes first sitting US president to step into North Korea
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උතුරු කොරියාවට පා තැබූ ප්‍රථම ඇමෙරිකානු නායකයා ලෙස ඇමෙරිකානු ජනාධිපති Donald Trump ඉතිහාසගත වෙයි.

පසුගිය සති අන්තයේ ජපානයේ පැවති G20 සමුළුවෙන් අනතුරුව ඊයේ ඇමෙරිකානු ජනාධිපති Donald Trump, උතුරු කොරියානු නායක Kim Jong-un ව උතුරු- දකුණු කොරියානු දේශ සීමාවේදී මුණ ගැසීමත් සමග ඇමෙරිකානු - උතුරු කොරියානු සාකච්ඡා වල නව පරිච්ඡේදයක් පෙරළිණි.

මෙම හමුවත් සමග උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර වඩාත් සාමාකාමී මිතුදමක් ඇතිවේ යැයි දකුණු කොරියාව අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපති ප්‍රධාන ලේකම් උන් ඩෝ හැන් පවසයි.

මේ අතර න්‍යෂ්ඨික අවි හරණය සම්බන්ධ සාකච්ඡා නැවත ඇරඹීමට උතුරු කොරියාව සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.

උතුරු කොරියාවට පා තැබීමේ ඓතිහාසිගත සිදුවීම තමන් අපේක්ෂා නොකළ බවද ඔහු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now