SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට හා අන්තර්ජාතික සිසුන්ට දැන් පර්ත් හා Gold Coast වෙත ප්‍රාදේශීය පෙදෙස් ලෙස පැමිණිය හැකි වේ ..

d
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු රජය Regional migration ක්‍රමය යටතේ ලබා දෙන වීසා සංඛ්‍යාව 23000 සිට 25000 දක්වා ඉහල දමා තිබේ. එසේම රජය විසින් පර්ත් හා ගෝල්ඩ් කෝස්ට් යන නගර දෙක ප්‍රධාන නගර ලෙස නොසලකා සංක්‍රමණය සදහා ප්‍රාදේශීය පෙදෙස් ලෙස සැලකීමට තීරණය කොට තිබේ.

දැනට 23000ක් වන මෙම ප්‍රාදේශීය සංක්‍රමණ අවස්ථා සහිත මෙම ප්රාදෙශීය වීසා ලාභීන්  වසර 3ක් එම ප්‍රදේශ වල ජීවත්ව සිට රැකියාවක් කල හොත් ඔවුන්ට එහි ස්ථිර පදිංචිය ලබා ගත හැකි වේ. සංක්‍රමණික අමාත්‍ය David Coleman පවසන්නේ මේ මුල්‍ය වසරේ මුල් මාස 3ට ප්‍රාදේශීය  වීසා 6000ක් ලබා දී ඇති බවයි. පසුගිය වසරේදී එය එම කාලයදී 3000ක් වුවා.

එමගින් බලවත් ප්‍රාදේශීය සංක්‍රමණයන් පෙන්නුම් කරන බව අමාත්‍ය Coleman පවසයි. එසේම regional යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශ නිර්වචනයද මේ අනුව වෙනස් වේ. මේ නොවැම්බර් 16 වැනිදා සිට මෙසේ පර්ත් හා ගෝල්ඩ් කෝස්ට් නගර තවදුරටත් ප්‍රධාන නගර ලෙස නොපිලිගැනෙනු  ඇති

මෙමගින් ප්‍රාදේශීය පෙදෙස් වලට වැඩිපුර සිසුන් හා සංක්‍රමණිකයන් යොමු වීමෙන් එම පෙදෙස් වල පාසල් හා අනෙකුත් සේවාවන් දියුණු වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

g
Source: SBS

එසේම මෙසේ සංක්‍රමණිකයන්ට ස්ථාපිත වීමට සහය වීමට regional outreach officers නම් නිලධාරීන් පිරිසක් පර්ත් , ගෝල්ඩ් කෝස්ට් , නිව් සවුත් වේල්ස් හි Newcastle හා Wollongong ද හෝබාර්ට් යන නගර වලට ද අනුයුක්ත කෙරෙනු ඇති. 

නමුත් කම්කරු පක්ෂය පවසන්නේ රජය මීට පෙර පැවසුවේ ගෝල්ඩ් කෝස්ට්, සිඩ්නි හා මෙල්බන් වැනි නගර වලටම සමාන නාගරික පෙදෙසක් ලෙස බවයි. එසේම කැන්බරා හා ඇඩිලේඩ් ප්‍රාදේශීය ලෙස සැලකීමටද රජය පොරොන්දු වී තිබෙනවා . නමුත් කම්කරු පක්ෂය දැන් පවසන්නේ රජය දැන් මෙසේ වෙනස් මතයක් ඉදිරිපත් කරන බවයි 

මෙය Morrison රජයේත් අමාත්‍ය Dutton ගේ අමාත්‍යාංශයේත් වෙනස්වන සුළු බව ප්‍රධර්ශනය කරන බවයි කම්කරු පක්ෂය පවසන්නේ.

වාර්තා වන අන්දමට අමාත්‍ය Coleman ඔක්තෝබර් 1 වැනිදා පවා ගෝල්ඩ් කෝස්ට් ප්‍රාදේශීය නගරයක් නොකරන බවට එනම් එය metropolitan පෙදෙසක් ලෙස රජය විසින් සලකන බවයි පවසා ඇත්තේ.

Source:SBS

d
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now