SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තමන්ගේම මෝටර් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බවට හිටපු අග්‍රාමත්‍ය Tony Abbott ගෙන් ප්‍රකාශයක්.

Abbott flags local electric car making
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බවත් එම ඉල්ලුම සැපිරීමට විදේශයන්ගෙන් මෝටර් රථ ආනයනය කරනවා වෙනුවට ඔස්ට්‍රේලියාව තමන්ගේම මෝටර් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බවත් හිටපු අග්‍රාමත්‍ය Tony Abbott පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබා දෙන ආර්ථික සහන අත්හිටුවීමෙන් ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ නිෂ්පාදනය නැවතුනු බවද ඔහු පෙන්වා දෙයි.

වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ අලෙවි වන නව මෝටර් රථ වලින් 50% ක්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ බවට පත්වන බව කම්කරු පක්ෂය පසුගිය දා ප්‍රකාශ කළේය.

මෙනිසාම එම වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට විදෙස් නිෂ්පාදන සමාගම් මේ වන විටත් අවධානයෙන් සිටින බව වාර්තා වේ.

නමුත් විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා මෙන්ම එමගින් අමතර විදුලිය බිලක් දැරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවන් අකමැති බව හිටපු අග්‍රාමත්‍ය Tony Abbott පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now